2021
යේසුස්වහන්සේ බව්තීස්ම විය
2021 පෙබරවාරි


“යේසුස්වහන්සේ බව්තීස්ම විය,” මිතුරා, 2021 පෙබරවාරි

මාසික මිතුරා පණිවිඩය, 2021 පෙබරවාරි

යේසුස්වහන්සේ බව්තීස්ම විය

රූපය
යොහාන් බව්තිස්ත උගන්වමින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

යොහාන් බව්තිස්ත ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක්. ඔහු පසුතැවිලි වීමට මිනිසුන්ට ඉගැන්වූ අතර ඔවුන්ව බව්තීස්ම කළා.

රූපය
යොහාන් බව්තිස්ත බව්තිස්ම කරමින්

දිනක් යොහාන් යොර්දාන් ගඟේ මිනිසුන්ව බව්තීස්ම කරමින් සිටියා. යේසුස්වහන්සේ ඇවිදින් තමාව බව්තීස්ම කරන ලෙස යොහාන්ට කිව්වා. යේසුස්වහන්සේට කිසිම පාපයක් නැති බව යොහාන් දැනගෙන හිටියා. ඉතින් යේසුවහන්සේට බව්තීස්ම වීමට අවශ්‍ය වුනේ ඇයි?

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ඔහුට සියලු ආඥාවන්ට කීකරු විය යුතු බව යේසුස්වහන්සේ පැවසුවා. බව්තීස්ම වීම ආඥාවක්.

රූපය
යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේව බව්තීස්ම කරමින්

යොහාන් යේසුස්වහන්සේව බව්තීස්ම කළ පසු, එහි ශුද්ධාත්මයාණන් සිටින බව පෙන්වීමට පරෙවියෙකු ආවා. ස්වර්ගික පියාණන්ගේ හඬ මෙසේ කියමින් ස්වර්ගයෙන් පැමිණියා, “මේ මාගේ ආදරණීය පුත්‍රයාය, ඔහු ගැන මම සතුටු වෙමි” (මතෙව් 3:17).

රූපය
බව්තීස්මයේදී පියා සහ දියණිය

අපට යේසුස්වහන්සේ මෙන්, ආඥා වලට කීකරු වී බව්තීස්ම වීමට තෝරාගන්න පුළුවන්. එවිට අපට ස්ථිර වී ශුද්ධාත්මයාණන්වහන්සේගේ ත්‍යාගයද ලබාගන්නට පුළුවන්.

පාට කරන පිටුව

මම මාගේ ශරීරයට ස්තූතිවන්ත වෙමි

රූපය
පාට කරන පිටුව

මුද්‍රණය කරන්න