2021
මට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍යයි
2021 මාර්තු


“මට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍යයි,” මිතුරා 2021 මාර්තු

යේසුස්වහන්සේගේ කතාන්දර

මට යේසුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍යයි

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෝට්ටුවක සිට උගන්වමින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසින්

එක දවසක් යේසුස්වහන්සේ බෝට්ටුවකට නැග්ගා. එය වතුරට දියත් කරන ලෙස ඔහු ධීවරයින්ට කිව්වා. ඔහු බෝට්ටුව මත නැගලා වෙරෙළේ ඉන්න මිනිසුන් පිරිසකට ඉගැන්වූවා.

රූපය
ගෝලයින් මාළු වලින් පිරුණු දැලක් ඇදගෙන යමින්

ඊට පස්සේ පේදුරු කියන ධීවරයාට ඔහුගේ දැල පහතට දාන්න කියලා යේසුස්වහන්සේ කිව්වා. මුළු දවසම ඔහුට එක මාලුවෙක්වත් අල්ලගන්න බැරිවුනත්, ඔහු ආයෙත් උත්සහ කරන්නම් කියා පේදුරු කිව්වා. මේ වෙලාවෙ, පේදුරු බෝට්ටු දෙකක් පිරෙන තරම් මාලු අල්ලගත්තා!

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෝලයින්ට උගන්වමින්

ඔවුන්ගේ බෝට්ටු අතහැර දමා යේසුස්වහන්සේ පසුපස එන්න කියා ඔහු ධීවරයින්ට කිව්වා. ඔහුට අවශ්‍ය වූයේ ඔවුන්ව ඔහුගේ ගෝලයන් කරගන්නයි.

රූපය
සුවකරන්නට යේසුස්වහන්සේගේ ගෝලයින් අත් තබමින්

ඔහු ස්වර්ගයේ පියාණන් ගැන උගන්වද්දී යේසුස්වහන්සේගේ ගෝලයන් අහගෙන උන්නා. යේසුස්වහන්සේ ලෙඩුන්ව සුව කරන විදියත් ඒවගේම අන් අයට ආදරේ පෙන්වන විදියත් ඔවුන් බලාගෙන උන්නා. යේසුස්වහන්සේ මැරුනට පස්ස්සෙ, යේසුස්වහන්සේ කරනවා ඔවුන් දැකලා තිබුණු දේවල් ඔවුන් කළා. ඔවුන් ඉගැන්වූවා, සුවකළා, ඒවගේම ආදරේ කළා.

රූපය
ගෑණු ළමයෙක් අඬන ගෑණු ළමයෙකුව සනසමින්

මම කියන සහ කරන දේවල් වලින් මට අනෙක් අයට යේසුස්වහන්සේ ගැන උගන්වන්න පුලුවන්. මට අනෙක් අයගේ රිදුනු හිත් කරුණාවෙන් සුවකරන්න පුලුවන්. අසනීප සහ දුප්පත් අයට උදව් කරන්න මට පුලුවන්. මම යේසුස්වහන්සේ වගේ මගේ ආදරේ පෙන්නනවා.

පාට කරන පිටුව

මම යේසුස්වහන්සේව අනුගමනය කළාම සතුටු වෙනවා

රූපය
1 full-page b&w line art illustration based on theme "Following Jesus Makes Me Happy" A young boy shows his younger brother a picture of Jesus.

මුද්‍රණය කරන්න