“අපි පොළොවට පැමිණීමට පෙර,” මාසික මිතුරා පණිවිඩය, 2022 ජනවාරි
“අපි පොළොවට පැමිණීමට පෙර”
මාසික මිතුරා පණිවිඩය, 2022 ජනවාරි
අපි පොළොවට පැමිණීමට පෙර
අපි ඉපදීමට පෙර, අපි අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ස්වර්ගයේ ජීවත් වුණා. උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන උන්වහන්සේ අපට ඉගැන්නුවා.
ස්වර්ගික පියාණන්වහන්සේ පැවසුවේ අපි පොළොවට පැමිණෙන්නේ ශරීර ලබාගැනීමට කියායි. අපි ඉගෙනගෙන තේරීම් කරනවා. සමහර වෙලාවට අපි අතින් වැරදි වෙනවා. අපට ගැලවුම්කරුවෙකු අවශ්‍ය වෙනවා.
ගැලවුම්කරුවාණන් අපට ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙනවා. එසේම අපි වැරදි තීරණයක් ගත්තොත්, අපිට පසුතැවිලි වෙන්න පුළුවන්.
යේසුස්වහන්සේ මෙසේ පැවසුවා, “මෙන්න මම, මා යවනු මැනව.” ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් ලෙස තෝරාගත්තා. අපව ගලවා ගැනීමට යේසුස්වහන්සේ පොළොවට පැමිණෙන බවට පොරොන්දු වුණා.
මට පුළුවන් යේසුස්වහන්සේව අනුගමනය කරන්න. කවදාහරි මට පුළුවන් ආපහු ගිහින් ස්වර්ගික පියාණන්වහන්සේ සමග ජීවත් වෙන්න.
පාට කරන පිටුව
මම දෙවියන්වහන්සේගේ දරුවෙක් වෙමි
බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.
නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි
ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය ඔබට දැනෙන්නේ කෙසේද?
© 2021 Intellectual Reserve, Inc. විසිනි All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, January 2022 හි පරිවර්තනයකි. Sinhala. 18295 408