“ආබ්‍රහම් සහ සාරා,” මාසික මිතුරා පණිවිඩය, 2022 පෙබරවාරි
“ආබ්‍රහම් සහ සාරා”
මාසික මිතුරා පණිවිඩය, 2022 පෙබරවාරි
ආබ්‍රහම් සහ සාරා
ආබ්‍රහම් යනු අනාගතවක්තෘවරයෙක්. දෙවියන්වහන්සේ ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ සාරා සමඟ ගිවිසුමක් ඇතිකරගත්තා.
දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්නට පොරොන්දු වුණා. ඔවුන්ට දරුවන් ලැබෙන බව උන්වහන්සේ ඔවුන්ට පැවසුවා. ආබ්‍රහම් සහ සාරා දෙවියන්වහන්සේව අනුගමනය කරන බවට පොරොන්දු වුණා.
ආබ්‍රහම් සහ සාරා ඔවුන්ගේ පොරොන්දුව ඉටුකළා. නමුත් ඔවුන්ට දිගු කලක් පුරාවට දරුවන් සිටියේ නෑ. ඔවුන් ටිකින් ටික වයසට ගියා.
අන්තිමේදී, ආබ්‍රහම්ට වයස අවුරුදු 100දී සහ සාරාට අවුරුදු 90දී ඔවුන්ට පිරිමි දරුවෙක් ලැබුණා. ඔවුන් ඔහුට ඊසාක් යන නම තැබුවා. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ බව ඔවුන් දැන සිටියා.
මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්. සමහර අවස්ථා වලදී ආශිර්වාද එවෙලේම පැමිණෙන්නේ නෑ. ඒත් දෙවියන්වහන්සේ සෑමවිටම තම පොරොන්දු ඉටුකරනවා.
පාට කරන පිටුව
මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්
බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.
නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි
ඔබ බියෙන් හෝ දුකෙන් සිටින විට ස්වර්ගික පියාණන් ඔබට උදව් කර ඇත්තේ කොහොමද?
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, February 2022 හි පරිවර්තනයකි. Sinhala. 18313 408