2022
රූත් සහ නයෝමි
2022 ජුනි


“රූත් සහ නයෝමි,” මාසික මිතුරා පණිවිඩය, 2022 ජුනි

“රූත් සහ නයෝමි”

මාසික මිතුරා පණිවිඩය, 2022 ජුනි

රූත් සහ නයෝමි

රූපය
රූත්, නයෝමිගේ පවුලත් එක්ක විවාහ වෙයි

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

නයෝමි සහ ඇගේ පවුලේ අය සාගතයක් නිසා අලුත් රටකට ආවා. ඔවුන්ට රූත් නම් තරුණියක් මුණගැසුණා. රූත් විවාහ වුණේ නයෝමිගේ පුතා සමඟ.

රූපය
රූත් මිය යන සැමියා සමඟ

ඉන්පසු රූත්ගේ සැමියා මියගියා. රූත් හිටියේ ගොඩක් දුකෙන්.

රූපය
නයෝමි

නයෝමිටත් ගොඩක් දුක හිතුනා. ඇයව රැකබලා ගැනීමට ඇයට පවුලක් ඉතිරි වුණේ නෑ. ඇය පැමිණි දේශයට ආපසු යාමට තීරණය කළා.

රූපය
නයෝමි සහ රූත්

නයෝමි රූත්ට කිව්වා ආපහු එයාගේ පවුලට යන්න කියලා. නමුත් රූත් නයෝමිට ආදරය කළා. ඇය නයෝමි සමඟ පැමිණ ඇයව බලාගැනීමට පොරොන්දු වුණා.

රූපය
රූත් එකතු කරමින්

රූත් සහ නයෝමි දුප්පත්. ඒ නිසා රූත් එයාලට කෑම හොයාගන්න ගොඩක් මහන්සි වුණා.

රූපය
බෝවස් සහ රූත් කෙතේ

දවසක් බෝවස් නම් මිනිසෙක් රූත් එයාගේ කෙතක ඉතුරු ධාන්‍ය එකතු කරනවා දැක්කා.

රූපය
සේවකයා සමඟ බෝවස්

බෝවස් කරුණාවන්ත වුණා. ඔහු තම සේවකයන්ට පැවසුවේ රූත්ට අමතර ආහාර ඉතිරි කරන ලෙසයි.

රූපය
රූත්, බෝවස්, සහ නයෝමි, ළදරුවෙක් සමඟ

පසුව රූත් සහ බෝවස් විවාහ වුණා. ඔවුන්ට පිරිමි ළමයෙක් ලැබුණා. නයෝමි එයාව බලාගන්න උදව් කළා.

රූපය
ආහාර සපයන පවුල

මට පුළුවන් අනිත් අයව බලාගන්න උදව් කරන්න. මට අවශ්‍යතා ඇති අයට කරුණාවන්ත වෙන්න පුළුවන්.

පාට කරන පිටුව

මට අනිත් අයව බලාගන්න පුළුවන්

රූපය
සීයා දරුවන් සමඟ

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබට උදව් කළ හැක්කේ කාටද?

මුද්‍රණය කරන්න