2022
එලයිජා සහ නිසල, කුඩා හඬ
2022 ජූලි


“එලයිජා සහ නිසල, කුඩා හඬ,” මාසික මිතුරා පණිවිඩය, 2022 ජූලි

“එලයිජා සහ නිසල, කුඩා හඬ”

මාසික මිතුරා පණිවිඩය, 2022 ජූලි

එලයිජා සහ නිසල, කුඩා හඬ

රූපය
එලයිජා කන්දක් ළඟ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

එලයිජා යනු අනාගතවක්තෘවරයෙක්. ඔහුට දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට අවශ්‍ය වුණා. දෙවියන්වහන්සේගේ කටහඬ හොඳින් ඇසීමට ඔහු කන්දකට ගියා.

රූපය
එලයිජා තද සුළඟක් දකිමින්

එහි තද සුළඟක් ඇතිවුණා. එය කොයිතරම් ශක්තිමත්ද කිව්වොත් ඒ නිසා ගල් කැඩී ගියා. සුළඟ ඝෝෂාකාරී වුණා. නමුත් ඒ දෙවියන්වහන්සේගේ හඬ නෙවෙයි.

රූපය
එලයිජා භූමිකම්පාව සහ ගින්න දකිමින්

ඊළඟට එහි භූමිකම්පාවක් ඇතිවුණා. පොළොව සෙලවුණා. එහි ගින්නක්ද ඇතිවුණා. එහි විශාල ගිනිදැල් තිබුණා. නමුත් ඒ භූමිකම්පාව සහ ගින්න දෙවියන්වහන්සේගේ හඬ නෙවෙයි.

රූපය
එලයිජාට සහ නිසල, කුඩා හඬ ඇසෙමින්

ඉන්පසු එය නිහඬ වුණා. එලයිජාට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණා. එය නිසල හා කුඩා වුණා. නමුත් එය හරිම පැහැදිලියි.

රූපය
සභාවේ පුද්ගලයින්

ශුද්ධාත්මයාණන්ට සවන්දීමෙන් මට දෙවියන්වහන්සේගේ හඬ අසන්නට පුළුවන්. උන්වහන්සේ මට කතා කරන්නේ කුඩා සහ සරල විදිහටයි.

පාට කරන පිටුව

මට ශුද්ධාත්මයාණන්ව දැනෙනවා

රූපය
ළමුන් ගීතිකා ගයමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබට ශුද්ධාත්මයාණන්ව දැනීමට උදව් වන්නේ මොනවාද?

මුද්‍රණය කරන්න