2022
ගීතාවලිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි
2022 අගෝස්තු


“ගීතාවලිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි,” මාසික මිතුරා පණිවිඩය, 2022 අගෝස්තු

“ගීතාවලිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි”

මාසික මිතුරා පණිවිඩය, 2022 අගෝස්තු

ගීතාවලිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි

රූපය
දාවිත් වීණාවක් සමඟ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

ගීතාවලියේ ශුද්ධ වූ ගීත තිබෙනවා. බයිබලයේ මිනිසුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න ගීතිකා ලිව්වා. ඔවුන්ගේ බොහෝ ගීත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වනවා. බයිබලයේ සමහර ගීත උගන්වන දේවල් මෙන්න.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පර්වතයක් මත සිටගෙන සිටිමින්

මම ස්වාමින්වහන්සේට ආදරෙයි. උන්වහන්සේ මාගේ පර්වතය සහ මාගේ ශක්තියයි. මම උන්වහන්සේව විශ්වාස කරනවා. මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බැටළුවෙකු ඔසවාගෙන සිටිමින්

ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි. උන්වහන්සේ මාව හරිත තණබිම් කරා ගෙන යනවා. උන්වහන්සේ මාව නිසල ජලයට ගෙන යනවා. මම බිය වන්නේ නෑ.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පහනක් ඔසවාගෙන සිටිමින්

ස්වාමින්වහන්සේ මාගේ ආලෝකයයි. මම බිය වන්නේ නෑ. මට ධෛර්යය ලැබෙනවා. උන්වහන්සේ මාගේ සිත ශක්තිමත් කරනවා.

රූපය
සභාවේ පුද්ගලයින්

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරෙයි, ඒවගේම උන්වහන්සේ මට ආදරෙයි. මම උන්වහන්සේ ගැන ඉගෙනගෙන ගායනා කරන විට මට උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්.

පාට කරන පිටුව

ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බැටළුවෙක් ඔසවාගෙන සිටිමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

යේසුස්වහන්සේගේ ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?

මුද්‍රණය කරන්න