2022
යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි
2022 සැප්තැම්බර්


“යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි,” මාසික මිතුරා පණිවිඩය, 2022 සැප්තැම්බර්

“යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි”

මාසික මිතුරා පණිවිඩය, 2022 සැප්තැම්බර්

යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වයි

රූපය
යෙසායා ලියමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

යෙසායා කියන්නේ අනාගතවක්තෘවරයෙක්. ඔහු ජීවත් වුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමටත් කලින්. නමුත් යේසුස්වහන්සේ එන බව ඔහු දැන සිටියා.

රූපය
යෙසායා කතා කරමින්

යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස උපත ලබන බව යෙසායා කිව්වා. යේසුස් වහන්සේ අන් අයට උපකාර කරමින් සුව කරනවා.

රූපය
යෝසෙප්, මරියා සහ යේසු බිළිඳු

යේසුස් වහන්සේ පොළොවට එන බවත් යෙසායා කිව්වා. උන්වහන්සේව සාමයේ කුමාරයා ලෙස හඳුන්වනු ලැබෙනවා. උන්වහන්සේ අපට බොහෝ සෙයින් ආදරය කරන නිසා උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දෙනවා.

රූපය
මරණයෙන් නැවත නැගිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යෙසායා ඉගැන්වූ දේවල් සිදුවුණා. අවුරුදු ගණනාවකට පස්සේ, යේසුස් වහන්සේ පොළොවට ආවා. උන්වහන්සේ අපට මාර්ගය පෙන්වා දුන්නා. උන්වහන්සේ මියගොස් නැවත ජීවත් වුණා. උන්වහන්සේ අද ජීවත් වෙනවා!

රූපය
මවක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දරුවන්ට කියවමින්

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්න පුළුවන්. උන්වහන්සේ මා වෙනුවෙන් කළ දේ මට මතක්වෙද්දී, මට සාමය සහ බලාපොරොත්තුව දැනෙනවා!

පාට කරන පිටුව

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්න පුළුවන්

රූපය
කාන්තාවක් සමඟ කතා කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දණින් වැටී සිටිමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

යේසුස්වහන්සේ ගැන ඔබ කැමතිම කතාව කුමක්ද?

මුද්‍රණය කරන්න