2022
යේසුස්වහන්සේට ඇති බොහෝ නම්
2022 දෙසැම්බර්


“යේසුස්වහන්සේට ඇති බොහෝ නම්,” මාසික මිතුරා පණිවිඩය, 2022 දෙසැම්බර්

“යේසුස්වහන්සේට ඇති බොහෝ නම්”

මාසික මිතුරා පණිවිඩය, 2022 දෙසැම්බර්

යේසුස්වහන්සේට ඇති බොහෝ නම්

රූපය
එසකියෙල් ලියමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

බොහෝ අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්නුවා. උන්වහන්සේ ඉපදෙන්නේ අපට ජීවත් විය යුතු ආකාරය පෙන්වීමට බව ඔවුහු පැවසුවා. උන්වහන්සේ ගැන ඉගැන්වීමට ඔවුන් බොහෝ නම් භාවිතා කළා.

රූපය
බයිබලය සහ මොර්මොන්ගේ පොත

සමහරවිට ශුද්ධලියවිලිවල යේසුස්වහන්සේව එම්මානුවෙල් ලෙස හඳුන්වනවා. එම නමේ තේරුම “දෙවියන්වහන්සේ අප සමඟ” යන්නයි.

රූපය
පළමු මුද්‍රණ යන්ත්‍රයේ බයිබලය මුද්‍රණය කිරීම

යේසුස් වහන්සේව මෙසියස් ලෙසද හඳුන්වනවා. මෙසියස් යන්නෙහි තේරුම “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් මිය ගිය නිසා අපට නැවත දෙවියන්වහන්සේ සමඟ ජීවත් වීමට පුළුවන්.

රූපය
ලේඛිකාවක් ලෙස එමා සමඟ ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කරමින්

යේසුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවා යි. උන්වහන්සේ අපගේ පාපයෙන් හා මරණයෙන් අපව ගලවනවා.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ
රූපය
පවුලක් ශුද්ධලියවිලි කියවමින්

යේසුස්වහන්සේට කියන තවත් නමක් වන්නේ සාමයේ කුමාරයා යන්නයි. අප බියට පත් වූ විට හෝ කලබල වූ විට, ශුද්ධාත්මයාණන් මාර්ගයෙන් සාමය දැනීමට උන්වහන්සේට අපට උපකාර කිරීමට පුළුවන්.

රූපය
රෝද පුටුවේ සිටින පුද්ගලයෙකු සමඟ ළමුන් ශුද්ධලියවිලි කියවමින්

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරෙයි. උන්වහන්සේගේ ජීවිතය හා ප්‍රේමය ගැන මට ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට පුළුවන්.

පාට කරන පිටුව

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරෙයි

රූපය
ප්‍රාථමිකයේ ළමුන් සහ ගුරුවරුන්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබ යේසුස්වහන්සේට ආදරය කරන බව පෙන්වන්නේ කෙසේද?

මුද්‍රණය කරන්න