2023
යේසුස්වහන්සේ කාන්තාවක් සුව කරයි
2023 පෙබරවාරි


“යේසුස්වහන්සේ කාන්තාවක් සුව කරයි,” මාසික මිතුරා පණිවිඩය, 2023 පෙබරවාරි

“යේසුස්වහන්සේ කාන්තාවක් සුව කරයි”

මාසික මිතුරා පණිවිඩය, 2023 පෙබරවාරි

යේසුස්වහන්සේ කාන්තාවක් සුව කරයි

රූපය
යේසුස්වහන්සේ වීදියක ඇවිද යමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

දවසක් යේසුස්වහන්සේ කාර්යබහුල වීදියක ඇවිදගෙන ගියා. පිරිස අතර වසර 12ක් තිස්සේ රෝගාතුරව සිටි කාන්තාවක් සිටියා.

රූපය
යේසුස්වහන්සේගේ වස්ත්‍රය ස්පර්ශ කරන කාන්තාවක්

යේසුස්වහන්සේට තමන්ව සුව කරන්න පුළුවන් කියලා ඒ කාන්තාවට විශ්වාසයක් තිබුණා. ඇය අත දිගු කර උන්වහන්සේගේ සළුව ස්පර්ශ කළා. වහාම ඇය සුවය ලැබුවා!

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

“මගේ ඇඳුම් ඇල්ලුවේ කවුද?” යේසුස්වහන්සේ ඇහුවා. කාන්තාව බය වුණා. ඇය යේසුස්වහන්සේ ඉදිරියෙහි දණින් වැටී සිදු වූ දේ කීවා.

රූපය
යේසුස්වහන්සේ කාන්තාවක් සමඟ කතා කරමින්

යේසුස්වහන්සේ ප්‍රේමණීය කෙනෙක්. “හොඳ සැනසිල්ලෙන් සිටින්න,” කියා උන්වහන්සේ කිවුවා. ඇගේ ඇදහිල්ල නිසා ඇය සුව වූ බව උන්වහන්සේ ඇයට කිවුවා.

රූපය
බෝට්ටුවක සිටින ළමයින්

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්න පුළුවන්. උන්වහන්සේගේ ආදරය මට උපකාර කරන අතර මට සාමය ගෙන එනවා.

පාට කරන පිටුව

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙනවා

රූපය
අම්මා සහ පුතා යාච්ඤා කරමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබ ඔබේ ඇදහිල්ල පෙන්වන්නේ කොහොමද?

මුද්‍රණය කරන්න