2023
යේසුස්වහන්සේ ලාසරස්ව මළවුන්ගෙන් නැගිටෙව්වා
2023 අප්‍රියෙල්


“යේසුස්වහන්සේ ලාසරස්ව මළවුන්ගෙන් නැගිටෙව්වා,” මිතුරා, 2023 අප්‍රි, 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 අප්‍රියෙල්

යේසුස්වහන්සේ ලාසරස්ව මළවුන්ගෙන් නැගිටෙව්වා

රූපය
යේසුස්වහන්සේ මරියා, මාර්තා සහ ලාසරස් සමඟ වාඩි වී සිටියි

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

මරියා සහ මාර්තාට ලාසරස් නම් සහෝදරයෙක් සිටියා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිතුරන්.

රූපය
මරියා සහ මාර්තාව වැළඳගෙන සිටින යේසුස්වහන්සේ

ලාසරස් ගොඩක් අසනීප වුණා. ඉක්මනින්, ඔහු මියගියා. මරියා සහ මාර්තා දුක් වුණා. යේසුස්වහන්සේ පැමිණි විට, උන්වහන්සේ ඔවුන් සමඟ හැඬුවා.

රූපය
ලාසරස්ගේ සොහොන් ගෙයි ලඟ යේසුස්වහන්සේ සිටගෙන සිටියි

ඊටපස්සේ යේසුස්වහන්සේ ඔවුන් සමඟ ලාසරස්ගේ සොහොන් ගෙය ළඟට ගියා. “ලාසරස්, එළියට එන්න” කියාලා උන්වහන්සේ කිව්වා.

රූපය
ලාසරස්ට සොහොන් ගෙයින් එළියට එන්න උදව් කරන යේසුස්වහන්සේ

ලාසරස් නැගිට සොහොන් ගෙයින් පිටතට ගියා. ඔහු නැවතත් ජීවතුන් අතර සිටියා! යේසුස්වහන්සේ නිසා, අපි සියල්ලෝම නැවත ජීවත් වෙනවා.

පාට කරන පිටුව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි

රූපය
යේසුස්වහන්සේගේ පින්තූරයක් අතැතිව සිටින දරුවකුගේ පාටකරන පිටුව

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

පාස්කු කාලයේදී ඔබ යේසුස්වහන්සේව මතක තබාගන්නේ කොහොමද?

මුද්‍රණය කරන්න