2023
පළමු සක්‍රමේන්තුව
2023 ජුනි


“පළමු සක්‍රමේන්තුව,” මිතුරා, 2023 ජුනි, 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 ජුනි

ශුද්ධලියවිලි කතන්දර

පළමු සක්‍රමේන්තුව

රූපය
යේසුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් සමඟ මේසයේ වාඩි වී සිටිමින්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිය යාමට පෙර උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ව මුණගැසුණා. උන්වහන්සේ ඔවුන්ට සක්‍රමේන්තුව ලබාදුන්නා.

රූපය
රොටියක් අල්ලාගෙන සිටින යේසුස්වහන්සේ

යේසුස්වහන්සේ රොටි කඩා ඔවුන්ට දුන්නා. උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් තම ජීවිතය දුන් බව මතක තබාගැනීමට එය ආහාරයට ගන්න කියා උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

රූපය
කුසලානයක් අල්ලාගෙන සිටින යේසුස්වහන්සේ

ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට කුසලානයක් ලබා දුන්නා. එයින් පානය කරන ලෙස උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එයත් ඔවුන්ට උන්වහන්සේව මතක තබාගැනීමට උදවු වෙනවා.

රූපය
මුල් කිතුනුවන් සක්‍රමේන්තුව ලබා ගනිමින්

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් සමඟ පසුව සිටියේ නැති වුණත්, උන්වහන්සේ ගැන සිතීමට සක්‍රමේන්තුව ඔවුන්ට උපකාර වුණා. ඔවුන්ට උන්වහන්සේගේ ප්‍රේමය දැනුණා, ඒ වගේම ඔවුන් ආඥා පිළිපැදීමට මතක තබාගත්තා.

පාට කරන පිටුව

මට සක්‍රමේන්තුව ලබාගන්න පුළුවන්

රූපය
පිරිමි ළමයෙකු සක්‍රමේන්තුව ලබාගනිමින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

මම සක්‍රමේන්තුව ලබා ගන්නා විට, මට යේසුස්වහන්සේව සහ උන්වහන්සේට මා කෙරෙහි ඇති ආදරය ගැන සිහිපත් කරන්න පුළුවන්.

මුද්‍රණය කරන්න