මිතුරා
නෙපී ජනතාව වෙනුවෙන් යාච්ඤා කරයි
2024 සැප්තැම්බර්


“නෙපී ජනතාව වෙනුවෙන් යාච්ඤා කරයි,” මිතුරා 2024 සැප්තැම්බර්, 26–27.

මාසික මිතුරා පණිවිඩය, 2024 සැප්තැම්බර්

නෙපී ජනතාව වෙනුවෙන් යාච්ඤා කරයි

රූපය
අනාගතවක්තෘ නෙපී

ඇන්ඩෘ බොස්ලි විසින් නිදර්ශනයකි

නෙපී යනු අනාගතවක්තෘවරයෙක්. ඔහු පිත්තල තහඩු ලබා ගත් නෙපීගේ නමින් නම් කරන ලදී. ඔහු ජනතාව ගැන කනස්සල්ලට පත් වුණා. ඔවුන් දෙවියන්වහන්සේ අනුගමනය කිරීම නතර කර තිබුණා.

රූපය
නෙපී ඔහුගේ උද්‍යානයේ යාච්ඤා කරමින්

නෙපී ඔහුගේ උද්‍යානයට ගියා. ඔහු උද්‍යානයේ කුළුණකට නැඟ එහි සිට දෙවියන්වහන්සේට යාච්ඤා කළා. ඔහු ජනතාව වෙනුවෙන් යාච්ඤා කළා.

රූපය
නෙපී යාඥා කරන අයුරු බලා සිටින මිනිසුන්; නෙපී මිනිසුන්ට උගන්වමින්

සමහර අය කුළුණ මත සිටි නෙපීව දැක්කා. ඔවුන් සවන් දීමට නැවතී, සවන් දීමට අන් අයවද රැස් කළා. නෙපී යාච්ඤාව අවසන් කළ විට, ඔවුන් බලා සිටිනු දැක ඔවුන්ට ඉගැන්වීමට පටන් ගත්තා.

රූපය
මිනිසුන් යාච්ඤා කරමින්

පසුතැවිලි වන ලෙස නෙපී ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් සමහරෙක් නෙපී ඉගැන්වූ දේට කැමති වූණේ නැහැ. නමුත් තවත් බොහෝ දෙනෙක් සවන් දුන්නා! ඔවුන් පසුතැවිලි වීමට තීරණය කර ඔවුන්ගේ මාර්ග වෙනස් කළා.

පාට කරන පිටුව

කිකිළියක් ඇගේ පැටවුන් එකතු කරනවා වගේ යේසුස්වහන්සේ අපිව එකතු කරනවා

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඔබට ආදරය දැනෙන්නේ කෙසේද?

මුද්‍රණය කරන්න