2021
අඛණ්ඩ එළිදරව්
2021 මාර්තු


“අඛණ්ඩ එළිදරව්,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, මාර්. 2021, 16.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 මාර්තු

අඛණ්ඩ එළිදරව්

2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවක් ආශ්‍රයෙනි.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට එළිදරව් පිට එළිදරව් ලැබුණි. ජෝසෆ් අනාගතවක්තෘවරයාට ලැබුණු බොහෝ එළිදරව් කිරීම් දහම සහ ගිවිසුම් හි අප වෙනුවෙන් සංරක්ෂණය කර තිබේ.

ඊට අමතරව, “ස්වාමින්වහන්සේගේ බලයලත් නියෝජිතයන් ලෙස පත්කර ඇති, උන්වහන්සේ උදෙසා කථා කිරීමට බලය ඇති” ජීවමාන අනාගතවක්තෘවරුන් අඛණ්ඩව එළිදරව් ලැබීම අපට ආශිර්වාදයක්.1

නිහතමානීව ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම සොයනා සියල්ලන්ටද පුද්ගලික එළිදරව් තිබේ. එය අනාගතවක්තෘ එළිදරව් තරම්ම වැදගත්.

පුද්ගලික එළිදරව් පදනම් වී ඇත්තේ ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන අධ්‍යාත්මික සත්‍යයන් මතයි. ශුද්ධාත්මයාණන් යනු විශේෂයෙන් ගැලවුම්කරුවාණන් පිළිබඳ, සියලු සත්‍යයන් එළිදරව් කරන්නා සහ සාක්ෂි දරන්නායි. ශුද්ධාත්මයාණන් නොමැතිව, යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව අපට ඇත්තටම දැනගත නොහැකියි. උන්වහන්සේගේ බලපෑම් සහිත කාර්යභාරය වන්නේ පියාණන් සහ පුත්‍රයාණන් සහ උන්වහන්සේලාගේ නාමයන් සහ උන්වහන්සේලාගේ මහිමය පිළිබඳව සාක්ෂි දැරීමයි.

ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ අපි නිහතමානීව වෙහෙස මහන්සිවී වැඩ කරන විට අප සෑම කෙනෙකුටම එළිදරව් කිරීමේ මගපෙන්වීම ලබාගත හැකිබව මම ඔබට සහතික වෙනවා.

අප පියාණන් වන දෙවියන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කරන විට, අප සෑම කෙනෙකුම අපගේ ජීවිත වලට මගපෙන්වීම සඳහා සහ ආත්මයාණන්වහන්සේව අනුගමනය කිරීමට අඛණ්ඩ එළිදරව් සෙවීම මාගේ නිහතමානී ආයාචනයි.

සටහන

  1. Hugh B. Brown, “Joseph Smith among the Prophets” (Sixteenth Annual Joseph Smith Memorial Sermon, Logan Institute of Religion, Dec. 7, 1958), 7.

මුද්‍රණය කරන්න