“තෝරාගන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2022 ජුනි.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 ජුනි
තෝරාගන්න
යෝෂුවා තම සෙනඟගෙන් ඉල්ලා සිටියේ නිවැරදි තේරීමක් කරන ලෙසයි, එනම් ස්වාමින්වහන්සේව අනුගමනය කරන ලෙසයි.
තෝරාගන්න
අප වෙනුවෙන් තෝරාගැනීමට සහ ක්‍රියාකිරීමට ඇති හැකියාව තෝරාගැනීමේ නිදහස ලෙස හැඳින්වේ. එය ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ වැදගත් කොටසකි. මෙම ජීවිතයේ එක් අරමුණක් නම්, අපට උන්වහන්සේ හා සමාන වීමට හැකිවන පිණිස, දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමට අප තෝරාගන්නා බව පෙන්වීමයි. අපගේ තේරීම් අනුව අපව විනිශ්චය කරනු ලැබේ. (බලන්න 2 නෙපි 2:27; දහම සහ ගිවිසුම් 101:78; ආබ්‍රහම් 3:25.)
අද
යෝෂුවා තම සෙනඟගෙන් ඉල්ලා සිටියේ “අදම” හෝ දැන්ම තෝරාගන්න කියායි. අපට වරක් වැදගත් තේරීම් කළ හැකි අතර පසුව ඒවාට කැපවී සිටීමට උත්සාහ කළ හැකිය. (බලන්න ගීතාවලිය 37:5.)
සේවය කිරීම
මෙම පදයේ, සේවය කිරීම යනු යමෙකුට නමස්කාර කිරීම, සහය වීම, කීකරු වීම, සහ කැපවීමයි. අපි ස්වාමින්වහන්සේට සේවය කළ යුතුයි (බලන්න මෝසෙස් 1:15).
දෙවිවරු
ඊශ්‍රායෙල්වරුන්ට ආඥා කර තිබුණේ සැබෑ සහ ජීවමාන දෙවියන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණක් සේවය කරන ලෙසයි (බලන්න නික්මයාම 20:2–5). යෝෂුවා තම සෙනඟට නමස්කාර නොකළ යුතු වෙනත් දෙවිවරුන්ට උදාහරණ දුන්නේය. අපගේ ජීවිතයේ වෙනත් දෙවිවරුන්ට දේපළ, අන් අයගේ අදහස්, වෙනත් අවශ්‍යතා—අපව ස්වාමින්වහන්සේගෙන් ඈත් කරන ඕනෑම දෙයක් ඇතුළත් විය හැකිය.
මමද මාගේ පවුලද
යෝෂුවා තමා සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් කතා කළේය. ඔවුන් ස්වාමින්වහන්සේට සේවය කරන බව ඔහු පැවසුවේය. ඔහුට අවශ්‍ය වූයේ තම පවුල ධර්මිෂ්ඨව ගෙන යාමට සහ ස්වාමින්වහන්සේව අනුගමනය කිරීමට ඔවුන්ට ඉගැන්වීමටය (බලන්න දහම සහ ගිවිසුම් 93:40).
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, June 2022 හි පරිවර්තනයකි. Sinhala. 18315 408