“බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, දෙසැ. 2022. යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 දෙසැම්බර් ලූක් 2:8–20 බලා සිටින්න එපා! එඬේරුන් මෙන් වන්න එරික් බී. මර්ඩොක් විසිනි; නිදර්ශනය ඩැරන් රෝලින්ග්ස් විසින් රූපයඑඬේරුන් බොහෝ කලකට පෙර නිහඬ රාත්‍රියක එඬේරුන් තම රැළ උනන්දුවෙන් බලාගනිමින් සිටියා. රූපයබැටළුවන් එඬේරුන්ට වැදගත් කාර්යයක් තිබුණා. බැටළුවන්ට ආහාර, ජලය සහ අනතුරු වලින් ආරක්ෂාව අවශ්‍ය වුණා. රූපයදේවදූතයා හදිසියේම, දේවදූතයෙකු පෙනී සිටියා! “භය නොවෙල්ලා, බලව, මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. … මක්නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් … ගැලවුම්කාරයෙක්, නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.” රූපයදේවදූතයා දේවදූතයා එඬේරුන්ට කීවේ බෙත්ලෙහෙමේ ගව ඔරුවක වැතිර සිටින ළදරුවා රෙදිවලින් ඔතා සිටිනවා ඔවුන්ට සොයාගත හැකි බවයි. රූපයදේවදූත ගායනා කණ්ඩායම දේවදූත ගායනා කණ්ඩායමක් අහස පුරවාගෙන දේවදූතයා සමඟ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා. “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද, පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි, සමාදානයද වේවා.” රූපයඑඬේරුන් “අපි බෙත්ලෙහෙමට ගොස් ස්වාමින්වහන්සේ අපට දන්වා ඇති දේ බලමු.” රූපයඑඬේරුන් තරුව අනුගමනය කරමින් එඬේරුන් ප්‍රමාද වුණේ නෑ. මෙය ඉතා වැදගත් වුණා! ඔවුන් බෙත්ලෙහෙමට “වහාම” පැමිණියා. රූපයගව ඔරුව ලඟ එඬේරුන් දේවදූතයා පැවසූ පරිදි වස්ත්‍රයකින් ඔතා ගව ඔරුවක වැතිර සිටි යේසුස්වහන්සේව එඬේරුන් සොයාගත්තා. රූපයයේසු බිලිඳා ලෝකයේ ගැලවුම්කරුවා සහ මිදුම්කරුවා වීමටත් අපට සැබෑ ප්‍රීතිය ගෙන ඒමටත් පැමිණි පොරොන්දු වූ මෙසියස් මොහුයි! රූපයඑඬේරුන් එඬේරුන් ඉතා උද්යෝගිමත් වුණා! ඔවුන් ඇසූ දුටු දේ බෙදාගත්තා. “ලෝකයේ ගැලවුම්කරුවාණන් උපත ලැබුවා!” “අවසානයේ මෙසියස්වහන්සේ පැමිණියා!” රූපයපිරිමි ළමයෙකු ශුද්ධලියවිලි කියවමින් එඬේරුන් “වහාම” යේසුස්වහන්සේ ළඟට පැමිණියා. ඔබටත් එසේ කරන්න පුළුවන්!. ඔබට උන්වහන්සේ ගැන ඉගෙනගන්න පුළුවන්. රූපයපිරිමි ළමයෙකු තණකොළ කපමින් අන් අයට සේවය කිරීමෙන් ඔබට උන්වහන්සේට සේවය කරන්න පුළුවන්. රූපයතරුණ කාන්තාවක් මොර්මොන්ගේ පොත පිරිමි ළමයෙකු සමඟ බෙදා ගනිමින් ඔබට උන්වහන්සේ ගැන සාක්ෂි දරන්න පුළුවන්. © 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, December 2022 හි පරිවර්තනයකි. Sinhala. 18318 408