“අපි දැන් පරිපූර්ණ විය යුතුද?” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2023 පෙබ.
මාසික යෞවනයින්ගේ ශක්තිය සඳහා පණිවිඩය, 2023 පෙබරවාරි
අපි දැන් පරිපූර්ණ විය යුතුද?
2017 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්රණ කතාවක් ආශ්රයෙනි.
ශුද්ධලියවිලි ලියා ඇත්තේ අපට ආශිර්වාද කිරීමට සහ දිරිගැන්වීම සඳහා වන අතර ඒවා නිසැකවම එය කරයි. නමුත් ඉඳහිට අපි ටිකක් පහළට වැටෙන බව අපට මතක් කර දෙන ඡේදයක් දිස්වන බව ඔබ දැක තිබේද? උදාහරණයක් ලෙස: “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නාක් මෙන් ඔබත් පරිපූර්ණ වන්න” (මතෙව් 5:48). එම ආඥාව සමඟ, අපිට නැවත ඇඳට ගොස් ඇඳ ඇතිරිල්ල අපගේ හිස වැසෙන තෙක් අදින්නට අවශ්‍යතාවක් ඇති කරන්න පුළුවන්. එවැනි සෙලෙස්ටියල් ඉලක්කයකට අපට ළඟා විය නොහැකි බවක් පෙනෙයි. එහෙත්, අපට තැබිය නොහැකි යැයි දන්නා ආඥාවක් ස්වාමින්වහන්සේ කිසි විටෙකත් අපට ලබා නොදෙන බව නිසැකයි.
මොරෝනි මෙලෙස ආයාචනා කරයි, “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න,”. “ඔබේ මුළු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න, එවිට … උන්වහන්සේගේ කරුණාවෙන් ඔබට ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ විය හැක” (මොරෝනි 10:32; අවධාරණය කිරීම් එකතු කර ඇත). සැබෑ පරිපූර්ණත්වය සඳහා අපගේ එකම බලාපොරොත්තුව වන්නේ එය ස්වර්ගයෙන් දීමනාවක් ලෙස ලැබීමයි—අපට එය “උපයන්න” නොහැකියි.
යේසුස්වහන්සේ හැර, අපි ලුහුබඳින මේ ලෞකික ගමනේ කිසිඳු දෝෂයක් රහිත ක්‍රියාවක් සිදුවී නොමැත, එබැවින් ලෞකිකත්වයේදී ස්ථාවර දියුණුවක් සහ අප සහ අන් අය ගැන අධික බලාපොරොත්තුවලින් වැලකී සිටීමට අපි උත්සාහ කරමු.
අපි නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන්නේ නම්, එවිට සදාකාලිකත්වයේ කොතැනක හෝ අපගේ ශෝධනය අවසන් වී කෙලවර වනු ඇත—එය පරිපූර්ණත්වය යන්නෙහි නව ගිවිසුමේ අර්ථයයි.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, February 2023 හි පරිවර්තනයකි. Language. 18910 408