2023
උන්වහන්සේ වෙතට පැමිණෙන්න
2023 මාර්තු


“උන්වහන්සේ වෙතට පැමිණෙන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2023 මාර්.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2023 මාර්තු

උන්වහන්සේ වෙතට පැමිණෙන්න

අපගේ බර උන්වහන්සේ මත තබන්නට ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරයි.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

නිදර්ශනය ඇනී හෙන්‍රි නේඩර් විසිනි

මා වෙතට පැමිණෙන්න.

අපට ගැලවුම්කරුවාණන් වෙත පැමිණිය හැක්කේ උන්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනීමෙන්, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, පසුතැවිලි වීමෙන්, ගිවිසුම් ඇතිකර ගැනීමෙන් සහ ඒවා පැවැත්වීමෙන් සහ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමෙන්ය.

වෙහෙසවෙන්නාවූ … බර උසුලන්නාවූ

ශාරීරික ශ්‍රමය සහ ශාරීරික බර අපව වෙහෙසට පත් කළ හැකි සේම මානසික, චිත්තවේගීය සහ අධ්‍යාත්මික ඒවාද එසේ විය හැකිය. අප කුමන ආකාරයේ බරක් දරා සිටියත් ගැලවුම්කරුවාණන් විසින් උන්වහන්සේගේ සාමය අපට පිරිනමයි.

වියගහ

වියගහක් යනු නගුලක් හෝ කරත්තයක් වැනි බරක් එකට ඇදගෙන යා හැකිවන පරිදි සතුන් දෙදෙනෙකු එකට බැඳ තැබීමේ මෙවලමකි. සාමාන්‍යයෙන් වියගහේ එක් එක් සතෙකුගේ උරහිස මත බර බෙදී යන සේ රඳවනු ලැබූ ලී කදම්බයක් ඇත.

ඉගෙනගන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ ආදර්ශය අධ්‍යයනය කිරීමෙන් සහ ඒවා අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් අපට උන්වහන්සේ ගැන ඉගෙනගත හැකිය.

සහනය

ගැලවුම්කරුවාණන්ගේ සහනය යනු අපගේ මනස හා ආත්මය සන්සුන් කරන උන්වහන්සේගේ සාමයයි. ලෞකික කනස්සල්ලෙන් මිදීමට උන්වහන්සේ අපට උපකාර කරන අතර අප දුර්වල බව අපට හැඟෙන විට අපට අධ්‍යාත්මික ශක්තිය ලබා දෙයි.

පහසු … සැහැල්ලු

ගැලවුම්කරුවාණන්ගේ වියගහ අප මතට ගැනීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ගිවිසුම් මඟින් අප උන්වහන්සේට බැඳී සිටීමයි. එයින් අදහස් කරන්නේ අපගේ හදවත් උන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යය සඳහා ලබාදීමයි. අපි මෙය කරන විට, උන්වහන්සේ අපට උපකාර කරන නිසා අපගේ බර සැහැල්ලු වේ.

මුද්‍රණය කරන්න