“ඔබේ හදවත ශුද්ධාත්මයාණන්වහන්සේට විවෘත කරන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2023 අප්‍රි.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2023 අප්‍රියෙල්
ඔබේ හදවත ශුද්ධාත්මයාණන්වහන්සේට විවෘත කරන්න
2018 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්රණ කතාවක් ආශ්රයෙනි.
මේ පාස්කු සමයේ, සිය කැමැත්තෙන්ම අපේ මිදුම්කරුවාණන් වන්නට මේ පොළවට පැමිණි උන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් වෙනුවෙන් මම ස්වර්ගයේ පියාණන්වහන්සේට ස්තූති කර සිටිනවා. උන්වහන්සේ අපගේ පව් වෙනුවෙන් වන්දිගෙවා උත්ථානයේදී මරණයෙන් නැවත නැගිටි බව දැනගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා දවසක මමත් මරණයෙන් නැවත නැගිට ආදරණීය පවුලක ජීවත් වන බව දැනගැනීමට හැකිවීම දිනපතාම මා ලද ආශිර්වාදයක්.
මම මේ දේවල් දැනගත්තේ අපි හැමෝටම මේ දේවල් දැනගන්න තියන එකම මාර්ගය තුළිනුයි. එක් වරක් නොවේ නමුත් නිතරම—ශුද්ධාත්මයාණන්වහන්සේ මගේ මනසටත් හදවතටත් කතා කර මේ දේවල් ඇත්ත බව කියා තිබෙනවා.
සහයකයෙකු ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිල කළ නොහැකි පොරොන්දුව අපිට තිබෙනවා. අපගේ වගකීම වන්නේ ජීවිත කාලය පුරාම ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අඛණ්ඩ අධ්‍යාත්මික මගපෙන්වීම සහ සැනසීම ලබා ගැනීම සඳහා අපගේ හදවත් විවෘත කිරීමට තෝරා ගැනීමයි.
පළමු තේරීම නම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වීමයි.
දෙවැන්න නම් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යාච්ඤා කිරීමයි.
තෙවැන්න සම්පූර්ණයෙන්ම කීකරු වීමයි.
සිව්වැන්න නම් අන් අයගේ අවශ්‍යතා සහ හදවත් දැන ගැනීමට යාච්ඤා කිරීම සහ ස්වාමින්වහන්සේ උදෙසා ඔවුන්ට උපකාර කරන ආකාරය දැන ගැනීමට යාච්ඤා කිරීමයි.
ඔබ වෙනුවන්ම නිර්ලෝභීව එවා ඇති, ශුද්ධාත්මයාණන්ගේ හඬ ඔබට ඇසේවා යැයි මුළු හදවතින්ම මම ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. තවද උන්වහන්සේව නිරතුරුවම ඔබගේ සහකරුවා ලෙස ඔබ සමඟ තබාගැනීමේ ප්‍රීතිය ඔබට ලැබෙන පිණිස ආත්මයාණන් ලබා ගැනීමට ඔබ සැම විටම ඔබගේ හදවත විවෘත කරන ලෙස මම යාච්ඤා කරනවා.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, April 2023 හි පරිවර්තනයකි. Language. 19006 408