“දැන් ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන වී ඇත,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2023 සැප්තැම්බර්.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2023 සැප්තැම්බර්
දැන් ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන වී ඇත
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැඟිටීම ගැන ප්‍රේරිත පාවුල් ඉගැන්වූ දේ ඉගෙන ගන්න.
දැන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී ඇත
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ මිය ගොස්, සොහොන් ගෙයක තැන්පත් කර, තුන්වන දින මළවුන්ගෙන් උත්ථාන විය.
නිදාගත් අයගෙන් පළමු ඵලය
මෙහි පළමු ඵල සඳහා භාවිතා කර ඇති ග්‍රීක වචනයේ තේරුම වසරේ මුල්ම අස්වැන්නයි. එය නෙළන පළමු අස්වැන්නයි—පැමිණීමට ඇති ඒවායින් පළමුවැන්න වේ.
නිදාගත් අය යන වාක්‍ය ඛණ්ඩයේ තේරුම “මිය ගිය අය” යන්නයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රථමයෙන් මරණින් නැවත නැඟිටුවනු ලැබූ අතර, උන්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසුව, සියලු මිනිසුන් මරණින් නැවත නැඟිටුවනු ඇත.
මනුෂ්‍යයෙකු කරණකොටගෙන මරණය පැමුණුනේය
මේ කතා කරන්නේ ආදම් ගැනයි. ඔහුගේ වැටීමෙන් අදහස් කළේ ලෝකයට පැමිණෙන සියලු ම මිනිසුන් මිය යන බවයි. (මෝසෙස් 4 බලන්න.)
ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවමාන කරනු ලබන්නෝ ය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටීම නිසා සියලුම මනුෂ්‍යයින් මරණයෙන් නැවත නැගිටිනු ඇත. එයින් අදහස් කරන්නේ මෙතෙක් ජීවත් වූ හෝ ජීවත් වන සෑම කෙනෙකුම මරණින් නැවත නැඟිටුවනු ලබන බවයි. අපගේ ආත්මයන් අපගේ ශරීර සමග නැවත එක්වනු ඇත, අපගේ ශරීර පරිපූර්ණ සහ අමරණීය වනු ඇත. (ඇල්මා 7:11-45 බලන්න.)
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, September 2023. හි පරිවර්තනයකි. Language. 19047 408