“ඔබේ මඟ පෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ව ලබාගන්න,” තාරුණ්‍යයේ ශක්තිය සඳහා, 2023 ඔක්.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2023 ඔක්තෝම්බර්
ඔබේ මඟ පෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ව ලබාගන්න
2017 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්රණ කතාවක් ආශ්රයෙනි.
මරණයේ දී අපට අභියෝග, පීඩා සහ කැලඹීම්වලට මුහුණ දීමට සිදු වන බව ස්වර්ගයේ සිටින අපගේ පියාණෝ දැන සිටියහ. අපි ප්‍රශ්න, බලාපොරොත්තු සුන්වීම්, පරික්ෂාවන් සහ දුර්වලතා සමග පොරබදින බව ඔහු දැන සිටියේ ය. අපට මරණීය ජීවිතයේ ශක්තිය සහ දිව්‍යමය මඟ පෙන්වීම ලබා දීම සඳහා, ඔහු ශුද්ධාත්මයාණන් ලබා දුන්නේ ය.
දිව්‍යමය පැවරුම මගින්, ආත්මයාණන්වහන්සේ අපට දේවානුභාවය ලබා දේ, සාක්ෂි දරයි, උගන්වයි, සමිඳාණන්වහන්සේගේ ආලෝකයේ ගමන් කිරීමට අපව පොළඹවයි. අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ බලපෑම හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට ඉගෙනීමේ පරිශුද්ධ වගකීම අපට ඇත.
අපි එය කරන්නේ කෙසේ ද?
පළමුව, අපි ආත්මයට සුදුසු ලෙස ජීවත් වීමට උත්සාහ කරමු.
දෙවනුව, අප ආත්මය ලැබීමට කැමැත්තෙන් සිටිය යුතුය.
තෙවනුව, ආත්මය පැමිණෙන විට අප හඳුනාගත යුතුය.
හතරවනුව, අපි පළමු පෙළඹවීම මත ක්‍රියා කළ යුතුය.
“ධෛර්යමත්ව සිටින්න, මක්නිසාද මම නුඹලාට මඟපෙන්වන්නෙමි” (දහම සහ ගිවිසුම් 78:18) යන ස්වාමින්වහන්සේගේ කැඳවීම අපි බැරෑරුම් ලෙස සලකමු. උන්වහන්සේ අපව මෙහෙයවන්නේ ශුද්ධාත්මයාණන් මඟින්ය. අපගේ පළමු පෙළඹවීම් දෙවියන්වහන්සේගෙන් බව දැන, ඉක්මනින් ක්‍රියා කරමින්, ආත්මයට සමීපව ජීවත් වෙමු. අපට මඟපෙන්වන, අපව ආරක්ෂාකරන සහ සැමවිටම අප සමග සිටින ශුද්ධාත්මයාණන්ගේ බලය ගැන මම සාක්ෂි දෙමි.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, October 2023. හි පරිවර්තනයකි. Language. 19048 408