“ක්රිස්තුස් වහන්සේ නැවත පැමිණීමට පෙර උන්වහන්සේ කෙරෙහි ඇදහිලිමත් වීම,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2024 අප්‍රියෙල්
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 අප්‍රියෙල්
නැවත පැමිණීමට පෙර ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීම
නෙපීවරුන් ක්රිස්තුස් වහන්සේ නැවත පැමිණීමට පෙර උන්වහන්සේ කෙරෙහි ඇදහිලිමත් වූහ, අපටත් උන්වහන්සේ නැවත පැමිණීමට පෙර උන්වහන්සේ කෙරෙහි ඇදහිලිමත් විය හැකිය.
ගැළවුම්කරුවානන් මෙලොවට පැමිණීමට පෙරඋන්වහන්සේව විශ්වාස කිරීම කෙබඳු වේදැයි ඔබ කවදා හෝ සිතුවාද? පුරාණ නෙපිවරුන්ට එය කිරීමට සිදු විය — “මෙසියස්වහන්සේ දෙස බලා සිටින්න, ඔහු දැනටමත් සිටියාක් මෙන් පැමිණෙන බව විශ්වාස කරන්න” (ජරෝම් 1:11).
වර්තමානයේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත්වූ බවටත්, මරණයට පත්වූ සහ නැවත නැගීටූ බවටත් සාක්ෂි දැරීමට අපට ශුද්ධ ලියවිලි හා ඓතිහාසික වාර්තා ඇත. අප විශ්වාස කරන්නේ දැනටමත් පැමිණි ගැලවුම්කරුවාණන්ය. නමුත් අපි නැවත .පැමිණෙන ගැළවුම්කරුවෙකු කෙරෙහි ද විශ්වාස කරමු.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණිමට පෙර, නෙපිවරුන්ට ඇදහිල්ල තිබුණි:
ඔවුන්ගේ පව් වලට සමාව දෙන්න
“යමෙක් ක්රිස්තුස් වහන්සේ පැමිණිය යුතු බව විශ්වාස කළ හොත්, එවැන්නෙක් ඔවුන්ගේ පාපයන්ට පව්කමාව ලැබ ගන්නා අතර,උන්වහන්සේ දැනටමත් ඔවුන් අතරට පැමිණ සිටියාක් මෙන් බලවත්වූ ප්රීතියෙන් ප්‍රමෝද විය හැකිය” (මොසායා 3:13;අවධාරණය එකතු කරන ලදී)
තමන්ටම සමාව දීම
“තවද එහි මෙසේ කියමින් හඬක් මා වෙතට පැමිණියේය: ඊනොස් නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත්තේය. … තවද, මාගේ වැරදිකාරී හැඟිම පහව ගියේය. “තවද මම කියමින්: ස්වාමිනී එය සිදුවන්නේ කෙසේද? “තවද උන්වහන්සේ මාහට කියමින්: නුඹ කවරදාකවත් පෙර නොදුටු හෝ අසා නැති ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹේ ඇදහිල්ල නිසාය. තවද උන්වහන්සේ මාංශයෙන්, උන්වහන්සේගේ ප්‍රකාශ වීමට පෙර බොහෝ අවුරුදු ගණනක් පසුව යන්නේය; … නුඹගේ ඇදහිල්ල නුඹව සුව කළේය” (ඊනොස් 1:5–8 අවධාරණය එකතු කරන ලදී).
ප්රාතිහාර්ය දක්වයි.
“අපි ක්‍රිස්තුස්වහන්සේ දැන සිටියා, තවද අපි උන්වහන්සේගේ පැමිණිමට අවුුරුදූ බෝහෝ ගණනකට පෙර උන්වහන්සේගේ මහිමයේ බලාපොරො ත්තුව ඇතිව සිටියෝය. … එපමණකින් අපට සැබවින්ම යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කළ හැකි අතර ගස් අපට කීකරු වේ, නැතහොත් කඳු හෝ මුහුදේ රළ” (යාකොබ් 4:4, 6අවධාරණය එකතු කරන ලදී).
එළිදරව් මගින්
“ක්රිස්තුස් වහන්සේ පැමිණීමට පෙර පවා බෙහෙවින් ඇදහිල්ලෙන් ශක්තිමත් වූ බොහෝ දෙනෙක් වූහ, ඔවුන්වතිරය තුළ රදවා ගැනීමට නොහැකි, නමුත් සැබවින්ම ඔවුන්ගේ ඇස්වලින් ඔවුහු දුටුහ” ( ඊතර් 12:19;අවධාරණය එකතු කරන ලදී).
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණිමට පෙර, අපට ඇදහිල්ල තැබිය හැකිය:
සමාව ලබන්නට, අපටම සමාව දීමට, ප්‍රාතිහාර්යයන් කිරීමට, සහ එළිදරව්ව ලබාගැනීමට (නෙපීවරුන් මෙන්).
උන්වහන්සේගේ පැමිණීම සඳහා අපිව සූදානම් කීරීම.
අපි ගිවිසුම් තබන්න උත්සාහ කරන විට, අප සෙලෙස්ටියල් රාජධානියේ ජීවත් වීමට සූදානම් වෙමු. “මක්නිසාද බලන්න, මෙම ජීවිතය මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම් වීමේ කාලයයි; එසේය, බලන්න මෙම ජීවිතය ඔවුන්ගේ වෙහෙසවීම් වල යෙදෙන්නට වූ මනුෂ්‍යයින්ගේ දවසය.”( ඇල්මා 34:32).
උන්වහන්සේගේ පැමිණීම සඳහා ලෝකය සූදානම් කීරීම.
අපට සභාපති රසල් එම් නෙල්සන් විසින් ආරාධනා කර තිබෙන්නේ “පෘථිවියේ ශ්‍රේෂ්ඨතම කාර්යය” වන ඊශ්‍රායලයේ එක්රැස් කිරීමේ කොටස්කරුවන් වීමටය.“ “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක් වෙන්කර ඇත—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා වෙන්කර ඇත. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!”1
දුෂ්කර කාලවලදී බලාපොරොත්තු තබා ගන්න.
ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට,ධර්මිෂ්ඨයන් සාමයෙන් ජීවත් වනු ඇත. ගැළවුම්කරුවා රජකම් කරනු ඇත, අසාධාරණය නිවැරදි කරනු ඇත. “මක්නිසාද ස්වාමින්වහන්සේ ඔවුන් මධ්‍යයේ වන සේක, තවද උන්වහන්සේගේ මහිමය ඔවුන් මත වන්නේය, තවද උන්වහන්සේ ඔවුන්ගේ රජුන්ද තවද ඔවුන්ගේ නිතී දායකයාණන්ද වන සේක.” (දහම සහ ගිවිසුම් 45:59–59).
මරණයෙන් නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කරන්න.
සියලු මනුෂ්‍යන් මරණයෙන් නැවත නැගිටවනු ඇත. අපට සර්වසම්පූර්ණ, නොමැරෙණ සුළු ශරීර ලැබෙනු ඇත. අපට මිය ගිය ආදරණීයයන් නැවත දැක ගත හැකිය. “ආත්මය සහ ශරීරය සර්වසම්පූර්ණ ස්වභාවයට නැවත එක්වනු ඇත; අපි මේ මොහොතේ සිටින්නා මෙන් බාහුව සහ සන්ධි දෙකම නියමිත ස්වභාවයට නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලබන්නේය” ඇල්මා 11:43
පුරාණ නෙපීවරුන් ක්රිස්තුස් වහන්සේ නැවත පැමිණීමට පෙර උන්වහන්සේ කෙරෙහි ඇදහිලිමත් වූහ. ගැලවුම්කරුවා නන් නැවතපැමිණෙන බව අපට විශ්වාස කළ හැකියි—”(අපි) ස්වර්ගයේ වලාකුළු අතර, බලයෙන් සහ මහත් මහිමයෙන් යුතුව (උන්වහන්සේ ) දකින විට”(දහම සහ ගිවිසුම් 45: 44 ; තවද බලන්න ක්‍රියා 1:11). උන් වහන්සේ නැවත පැමිණෙන බව දැන ගැනීමෙන් ඔබ අද කරන දේ වෙනස් වන්නේ කෙසේද?
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. . අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 අප්‍රියෙල් හි පරිවර්තනයකි. Language. 19353 408