යෞවනයින්ගේ ශක්තිය සඳහා
අපි බව්තීස්ම වූ විට අපි හරියටම ‍දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද?
2024 ජුනි


“අපි බව්තීස්ම වූ විට අපි හරියටම ‍දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද?,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2024 ජුනි.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 ජුනි

අපි බව්තීස්ම වූ විට අපි හරියටම ‍දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද?

රූපය
බව්තිස්මය

බව්තිස්මය, ඇනී හෙන්‍රි නේඩර් විසිනි

ශුද්ධ ලියවිලි අපට උගන්වන්නේ අප බව්තීස්ම වූ විට, යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීමට, දෙවියන්වහන්සේට සේවය කිරීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට කැමැත්තෙන් සිටීමට අපි ගිවිසුම් ගත වෙන බවයි (හෝ පොරොන්දු වෙමු). (බලන්න මොසායා 18:10; ; දහම සහ ගිවිසුම් 20:37, 77).

බව්තීස්මය “දෙවියන් වහන්සේගේ රැලට පැමිණීමටත්, උන් වහන්සේගේ ජනතාව ලෙස හැඳින්වීමටත්” අපගේ ආශාව ඉටු කිරීමට උපකාරී වන බව අපි ශුද්ධ ලියවිලිවලින් ඉගෙන ගනිමු (මොසායා 18:8). වෙනත් වචන වලින් කිවහොත්, අප බව්තීස්ම වීමට එක් හේතුවක් නම්, අපට යේසුස් ක්රිස්තුස්වහන්සේගේ සභාවට සම්බන්ධ වීමට සහ ක්රිස්තුස්වහන්සේ තුළ එක්සත් වීමෙන් ලැබෙන ප්රේමය සහ අයිතිය භුක්ති විඳීමට අවශ්ය වීමයි.

ස්වාමින්වහන්සේට සේවය කිරීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ඇති කැපවීම අපගේ ජීවිත කාලය පුරාම බොහෝ දේ ඇතුළත් කළ හැකිය. නිදසුනක් වශයෙන්, “ශෝකවන්නන් සමඟ එනම් ශෝකවීමට කැමැත්තද, … සැනසිල්ල අවශ්‍ය වන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුළෙහිද, දෙවියන්වහන්සේට සාක්ෂියක්ව නැගී සිටීමටද” එයට ඇතුලත් වෙනවා (මොසායා 18:8-9).

මුද්‍රණය කරන්න