එන්න, මා අනුගමනය කරන්න
ජුනි 8–14. ඇල්මා 8–12: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සෙනගව මුදවා ගැනීමට පැමිණෙන සේක


ජුනි 8–14. ඇල්මා 8–12: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සෙනගව මුදවාගැනීමට පැමිණෙන සේක,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“ජුනි 8–14. ඇල්මා 8–12,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ඇල්මා දේශනා කරමින්

මයිකල් ටී. මාල්ම් විසින්, සත්‍ය මූලධර්ම ඉගැන්වීම

ජුනි 8–14

ඇල්මා 8–12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සෙනගව මුදවාගැනීමට පැමිණෙන සේක

ශුද්ධලියවිලි අධ්‍යනය කිරීම එළිදරව් වලට ආරාධනා කරයි. ඔබ ඇල්මා 8-12 කියවන විට, ඇල්මා සහ අමුලෙක්ගේ පණිවිඩ වලින් ආත්මයාණන් උගන්වන විට උන්වහන්සේගෙන් පැමිණෙන හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

දෙවියන්වහන්සේගේ වැඩ අසාර්ථක නොවනු ඇත. නමුත් උන්වහන්සේගේ කාර්යයට උපකාර කිරීමට අප දරන උත්සාහයන් සමහරවිට අසාර්ථක වන බවක් පෙනේ - අවම වශයෙන්, අප බලාපොරොත්තු වන ප්‍රතිඵල වුවත් අපට එවෙලේම නොපෙනේ. ඇල්මා අම්මෝනිහාහි සුභාරංචිය දේශනා කරන විට—ප්‍රතික්ෂේප කිරීම, කෙළ ගැසීම සහ නෙරපා හැරීම වැනි අවස්ථා වලදී අපට ඔහු හා සමාන හැඟීමක් ඇතිවිය හැකිය. නමුත් දේවදූතයෙක් ඔහුට ආපසු ගොස් නැවත උත්සාහ කරන ලෙස උපදෙස් දුන් විට, ඇල්මා ධෛර්යවත්ව “වේගයෙන් ආපසු පැමිණියේය” (ඇල්මා 8:18), එමෙන්ම දෙවියන්වහන්සේ ඔහු ඉදිරියෙහි මාර්ගය සූදානම් කළ සේක. උන්වහන්සේ ඇල්මාට කෑමට ආහාර සහ නවාතැන් ගැනීමට ස්ථානයක් ලබාදුන්නා පමණක් නොව, නමුත් සෙසු සේවකයෙකු, සුභාරංචියේ දරුණු ආරක්ෂකයෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු බවට පත්වූ අමුලෙක්වද උන්වහන්සේ සූදානම් කළ සේක. අප ස්වාමින්වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන විට පසුබෑමකට හා බලාපොරොත්තු සුන්වීම් වලට මුහුණදෙන විට, දෙවියන්වහන්සේ ඇල්මාට සහයෝගය දැක්වූයේ කෙසේද සහ මෙහෙයවූයේ කෙසේද යන්න අපට මතක තබාගත හැකි අතර, දුෂ්කර අවස්ථාවන්හිදී පවා දෙවියන්වහන්සේ අපට සහය දක්වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ඇල්මා 8

සුභාරංචිය බෙදාගැනීමට මා දරන උත්සාහයට නොපසුබට උත්සාහය සහ ඉවසීම අවශ්‍ය විය හැකිය.

සුභාරංචිය පිළිබඳ ඔබගේ සාක්ෂිය යමෙකු ප්‍රතික්ෂේප කළත්, එයින් අදහස් කරන්නේ ඔබ බලාපොරොත්තුව නැති කරගත යුතු යැයි නොවේ—සියල්ලටමත් පසු, ස්වාමින්වහන්සේ එම පුද්ගලයාව අත්නොහරින අතර ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ ඔබට මගපෙන්වනු ඇත. ඇල්මාගේ සිද්ධියේදී, එහි සිටි ජනයා ඒ වන විටත් ඔහුව දරුණු ලෙස ප්‍රතික්ෂේප කර ඇතත්, දේවදූතයෙක් ඔහුට අම්මොනිහා වෙත නැවත ගොස් සුභාරංචිය දේශනා කිරීමට අණ කළේය (ඇල්මා 8:14-16 බලන්න). අභියෝග සහ විරුද්ධවාදිකම් නොතකා සුභාරංචිය බෙදාගැනීම පිළිබඳ ඇල්මාගේ උදාහරණයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? සුභාරංචිය බෙදාගැනීමට ඔබ තුළ ඇති ආශාව වැඩි කරන ඇල්මා 8 හි ඇති පද මොනවාද?

තවත් බලන්න 3 නෙපි 18:30–32; Jeffrey R. Holland, “The Cost—and Blessings—of Discipleship,” Ensign or Liahona, May 2014, 6–9.

ඇල්මා 9:18–25; 10:16–23

දෙවියන්වහන්සේ තම දරුවන් විනිශ්චය කරන්නේ ඔවුන් සතු ආලෝකය හා දැනුම අනුවය.

අම්මොනිහාහි නෙපිවරුන් ස්වාමින්වහන්සේගේ සේවකයන්ට සැලකූ ආකාරය ගැන කියවන විට, ඔවුන් වරෙක සුභාරංචියෙහි ජීවත්වූ සහ “ස්වාමින්වහන්සේගේ අතිශයින්ම ප්‍රසාදය ලැබූ මිනිසුන්” (ඇල්මා 9:20) වූ බව අමතක කිරීම පහසුය. ඇත්තවශයෙන්ම, බොහෝ ධනවත් ලෙස ආශිර්වාද ලැබුවද, ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කරගත් නිසා, නොදැනුවත්කමින් පව් කළ ලාමන්වරුන්ට වඩා ඔවුන්ගේ තත්වය ඉතා නරක බව අම්මොනිහාහි ජනයාට ඇල්මා දුන් පණිවිඩයේ කොටසකි. දෙවියන්වහන්සේ තම දරුවන් විනිශ්චය කරන ආකාරය ගැන මෙම වෙනස අපට උගන්වන්නේ කුමක්ද?

දෙවියන්වහන්සේ නෙපිගේ වැසියන්ට දුන් මහත් ආශිර්වාද ගැන කියවන විට (විශේෂයෙන් ඇල්මා 9:19-23 බලන්න), උන්වහන්සේ ඔබට දී ඇති මහත් ආශිර්වාද ගැන මෙනෙහි කරන්න. මෙම ආශිර්වාද වලට සත්‍යවන්තව සිටීමට ඔබ කරන්නේ මොනවාද? ඔබට කළ යුතු යැයි හැඟෙන වෙනස්කම් මොනවාද?

දහම සහ ගිවිසුම 82:3 ද බලන්න.

ඇල්මා 11–12

දෙවියන්වහන්සේගේ සැලැස්ම මිදීමේ සැලැස්මකි.

මෝර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන් දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා වූ සැලැස්ම විස්තර කිරීමට, ගැලවීමේ සැලැස්ම හෝ ප්‍රීතියේ සැලැස්ම වැනි විවිධ නම් භාවිතා කළහ. ඇල්මා 11-12 හි, ඇල්මා සහ අමුලෙක් එය මිදීමේ සැලැස්ම ලෙස හැඳින්වූහ. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, සැලැස්ම විස්තර කිරීම සඳහා “මිදීම” යන වචනය භාවිතා කරන්නේ මන්දැයි සිතා බලන්න. සැලැස්මේ පහත සඳහන් කරුණු පිළිබඳව ඇල්මා සහ අමුලෙක් ඉගැන්වූ දේ පිළිබඳ කෙටි සාරාංශයක්ද ඔබට ලිවිය හැකිය.

වැටීම:

මිදුම්කරුවාණන්:

පසුතැවීම:

මරණය:

නැවත නැගිටීම:

විනිශ්චය:

අමුලෙක්ගේ වචන ජනතාව කෙරෙහි ඇති කළ බලපෑම ගැන සැලකිලිමත් වන්න (ඇල්මා 11:46 බලන්න). මෙම මූලධර්ම මෙතරම් ප්‍රබල බලපෑමක් ඇති කළේ ඇයි යැයි ඔබ සිතන්නේද? ඒවා ඔබේ ජීවිතයට බලපා ඇත්තේ කෙසේද?

බලන්න D. Todd Christofferson, “The Resurrection of Jesus Christ,” Ensign or Liahona, May 2014, 111–14.

ඇල්මා 12:8–18

මම මගේ සිත දැඩිකර නොගන්නේ නම්, මට දෙවියන්වහන්සේගේ වචනයෙන් වැඩි යමක් ලැබිය හැකිය.

ස්වර්ගික පියාණන් අපට සියල්ල දැනගැනීමට නොදන්නේ මන්දැයි සමහර අය කල්පනා කළ හැකිය. දෙවියන්වහන්සේගේ අභිරහස් සමහර විට අපෙන් වළක්වාලීමට එක් හේතුවක් ඇල්මා 12:9-14 දක්වා ඇල්මා පැහැදිලි කළේය. ඔහු ඉගැන්වූ දේ මෙනෙහි කිරීමට මෙම ප්‍රශ්න ඔබට උපකාර කරයි:

  • අපගේ හදවත් දැඩි කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ තුළම මෙම ප්‍රවණතාව ඔබ කෙදිනක හෝ දැක තිබේද?

  • හදවත් දැඩි කළ අයගෙන් ස්වාමින්වහන්සේ තම වචනය වළක්වන්නේ ඇයි?

  • “වචනයෙන් වැඩි කොටසක්” ලැබීමේ පොරොන්දුව ඔබ අත්විඳ ඇත්තේ කෙසේද? (ඇල්මා 12:10). එම අත්දැකීම කෙබඳුද?

  • දෙවියන්වහන්සේගේ වචනය “[ඔබ] තුළ ඇති බව” සහතික කිරීමට ඔබට කුමක් කළ හැකිද? (ඇල්මා 12:13). ඔබ තුළ දෙවියන්වහන්සේගේ වචනය තිබේ නම්, එය ඔබගේ “වචන,” “ක්‍රියා” සහ “සිතුවිලි” කෙරෙහි බලපාන්නේ කෙසේද? (ඇල්මා 12:14).

මෙම මූලධර්ම පිළිබඳ උදාහරණයක් සඳහා, අමුලෙක්ව අම්මොනිහාහි අනෙක් පුද්ගලයින් සමග සසඳන්න. අමුලෙක්ගේ අත්දැකීම් (විශේෂයෙන් ඇල්මා 10:1–11 බලන්න) ඇල්මා මෙම පදවල ඉගැන්වූ දේ නිරූපණය කරන්නේ කෙසේද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඇල්මා 8:10–18

එය අමාරු වුවත් “ඉක්මණින්” (18 වන පදය) ස්වාමින්වහන්සේට කීකරු වීම ගැන ඇල්මාගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? කුඩා දරුවන් සමග මෙම මූලධර්මය ශක්තිමත් කිරීම සඳහා, ඔබට යම් කාර්යයක් සඳහා උපදෙස් ලබාදෙන ක්‍රීඩාවක් කළ හැකි අතර පවුලේ සාමාජිකයන් එය කෙතරම් ඉක්මණින් ඉටුකරනවාදැයි බලන්න. නිදසුනක් වශයෙන්, ඇඳුම් කැබැල්ලක් ඉක්මනින් නැමිය හැක්කේ කාටදැයි ඔබට බැලිය හැකිය.

ඇල්මා 10:1–12

මෙම පදවල අමුලෙක්ගේ අත්දැකීම් වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? සවන් දුන් අයට ඔහුගේ සාක්ෂිය බලපෑවේ කෙසේද? අමුලෙක්ගේ ආදර්ශයෙන් ඉගෙනගත් දේ පදනම් කරගෙන මේ සතියේ එක් දෙයක් කිරීමට සැලැස්මක් සකස් කිරීමට ඔබේ පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

ඇල්මා 10:22–23

දුෂ්ට නගරයක ධර්මිෂ්ටයන් පිරිසකට ඇති කළ හැකි බලපෑම ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

ඇල්මා 11:34–37

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප තුලින් හා අපගේ පාප වලින් අපව ගලවාගැනීම අතර ඇති වෙනස කුමක්ද? (හිලමන් 5:10 බලන්න; 1 යොහාන් 1:9-10 ද බලන්න). අමුලෙක් ඉගැන්වූ දේ නිදර්ශනය කිරීම සඳහා, වැඩිහිටි ඇලන් ඩී. හෙයිනිගේ පණිවිඩය “අපි විශ්වාස කළ අයව මතක තබාගැනීම” (එන්සයින් හෝ ලියාහෝනා, නොවැ. 2015, 121–23) ආරම්භයේදී ඇති කතාව ඔබට බෙදාගත හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප වලින් අපව ගලවාගන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

පසුකාලීන අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතයන්ගේ වචන අධ්‍යයනය කරන්න. ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් සත්‍යයන් පිළිබඳව පසුකාලීන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් උගන්වා ඇති දේ කියවන්න. නිදසුනක් ලෙස, ඔබට ඇල්මා 8-12 හි මාතෘකාවක් හදුනාගත හැකි අතර වඩාත් මෑත ප්‍රධාන සම්මන්ත්‍රණ වල එම මාතෘකාව සොයාබැලිය හැකිය (Teaching in the Savior’s Way, 21). බලන්න).

ඇල්මා අමුලෙක් සමග ආහාර ගනිමින්

ඩෑන් බර් විසින් අමුලෙක් සමග ඇල්මා ආහාර ගැනීමේ නිදර්ශනය