සහන සමිතිය සහ වැඩිහිටි ගණපූරණය
ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් පණිවිඩ ඉගැන්වීම, ඉගෙනීම, සහ අදාළ කරගැනීම


එන්න, මා අනුගමනය කරන්න

ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් පණිවිඩ ඉගැන්වීම, ඉගෙනීම, සහ අදාළ කරගැනීම

වැඩිහිටි ගණපූරණය සහ සහන සමිතිය ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ඔවුන්ගේ ඉරිදා රැස්වීම් අතරතුර, ඔවුන් මෙම කාර්යය ඉටුකිරීමට ඔවුන්ගේ උත්සාහයන් සඳහා මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වල ඉගැන්වීම් අදාළ කරගන්නේ කෙසේද කියා සාකච්ඡා කරයි. වැඩිහිටි ගණපූරණය සහ සහන සමිතියේ සභාපතිත්වයන් විසින්, සාමාජිකයින්ගේ අවශ්‍යතා සහ ආත්මයාණන්ගේ මගපෙන්වීම මත පදනම්ව, සෑම ඉරිදා රැස්වීමකදීම ඉගෙනගැනීමට සම්මන්ත්‍රණ පණිවිඩයක් තෝරාගනියි. යම් අවස්ථා වලදී, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයාටද පණිවිඩයක් යෝජනා කළ හැකිය. සාමාන්‍යයෙන්, නායකයින් විසින් පළමු සහාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණ සාමාජිකයින්ගේ පණිවිඩ තෝරාගත යුතුය. කෙසේවුවත්, මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණයකින් ලබාගත් ඕනෑම පණිවිඩයක් සාකච්ඡා කළ හැකිය.

ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වල ඉගැන්වීම් ඔවුන්ගේ ජීවිත වලට අදාළ කරගැනීමට සාමාජිකයින්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගුරුවරුන් අවධානය යොමුකරයි. රැස්වීමට පෙර තෝරාගත් පණිවිඩ අධ්‍යනය කිරීමට නායකයින් සහ ගුරුවරුන් විසින් සාමාජිකයින්ව දිරිමත් කළ හැකි ආකාර සොයාගනියි.

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති රැස්වීම් සම්බන්ධ වැඩි විස්තර සඳහා, බලන්න General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 8.2.1.2, 9.2.1.2, ChurchofJesusChrist.org.

ඉගැන්වීමට සැලසුම් කිරීම

ඉගැන්වීමට ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ භාවිතා කිරීමේදී පහත සඳහන් ප්‍රශ්න ගුරුවරුන්ට උපකාරී විය හැකිය. ගුරුවරුන් මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කරන විට, අවශ්‍ය පරිදි, වැඩිහිටි ගණපූරණය හෝ සහන සමිති සභාපතිත්වය සමඟ සාකච්ඡා කරයි.

  • වැඩිහිටි ගණපූරණය හෝ සහන සමිති සභාපතිත්වය මෙම පණිවිඩය සාකච්ඡා කිරීමට තෝරාගත්තේ ඇයි? මෙම පණිවිඩය සාකච්ඡා කිරීමෙන් පසු සාමාජිකයින් කුමක් දැනගෙන කුමක් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නේද?

  • සාමාජිකයින් තේරුම්ගන්නවාට මෙම කථිකයාට අවශ්‍ය වන්නේ කුමක්ද? ඔහු හෝ ඇය උගන්වන්නේ කුමන ශුභාරංචි මූලධර්මද? මෙම මූලධර්ම මගේ වැඩිහිටි ගණපූරණයට හෝ සහන සමිතියට අදාළ වන්නේ කෙසේද?

  • ඔහුගේ හෝ ඇයගේ පණිවිඩයට සහය වීමක් ලෙස කථිකයා භාවිතා කළ ශුද්ධලියවිලි මොනවාද? සාමාජිකයින්ගේ තේරුම්ගැනීම ගැඹුරු කරවන ඔවුන්ට කියවිය හැකි වෙනත් ශුද්ධලියවිලි තිබේද? (එම පණිවිඩ වල අවසාන සටහන් වලින් හෝ Guide to the Scriptures [scriptures.ChurchofJesusChrist.org] යටතේ ඔබට ඒවා සොයාගත හැකිය.)

  • මෙම පණිවිඩයේ ඇති ඉගැන්වීම් ගැන මෙනෙහි කිරීමට සහ ඒවා අදාළ කරගැනීමට සාමාජිකයින්ට උපකාර වන ප්‍රශ්න මොනවාද? ඔවුන්ගේ ජීවිත වල, ඔවුන්ගේ පවුල් වල, සහ ස්වාමින්වහන්සේගේ කාර්ය සඳහා මෙම ඉගැන්වීම් වල අදාළත්වය දකින්නට උපකාරී වන්නේ කුමන ප්‍රශ්නද?

  • අපගේ රැස්වීමට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට මට කළ හැක්කේ මොනවාද? මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා මට භාවිතා කළ හැකි කථා, ප්‍රතිසම, සංගීත, හෝ චිත්‍ර මොනවාද? ඔහුගේ හෝ ඇයගේ පණිවිඩය තේරුම්ගැනීමට සාමාජිකයින්ට උපකාර කිරීම සඳහා කථිකයා කළේ කුමක්ද?

  • කථිකයා මොනයම් හෝ ආරාධනාවක් ඉදිරිපත් කළාද? එම ආරාධනාවන් මත ක්‍රියාකිරීමට සාමාජිකයින්ට උවමනාවක් ඇතිකරවීම සඳහා මම උදව් කරන්නේ කොහොමද?

ක්‍රියාකාරකම් සඳහා අදහස්

සාමාජිකයින්ට ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වලින් ඉගෙනගැනීමට සහ ඒවා අදාළ කරගැනීමට ගුරුවරුන්ට උපකාර කළ හැකි ක්‍රම බොහොමයක් තිබේ. එයින් උදාහරණ කීපයක් මෙන්න; ඔවුන්ගේ ගණපූරණයේ හෝ සහන සමිතියේ හොඳින් ක්‍රියා කරන වෙනත් අදහස්ද ගුරුවරුන්ට තිබිය හැකිය.

  • අපගේ ජීවිතයට සත්‍යයන් අදාළ කරගන්න. පුද්ගලයන් වශයෙන් හෝ වැඩිහිටි ගණපූරණයක් හෝ සහන සමිතියක් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති කාර්යය ඉටුකිරීමට උපකාර කළ හැකි සත්‍යයන් සොයමින් එම සම්මන්ත්‍රණ පණිවිඩය සමාලෝචනය කිරීමට සාමාජිකයින්ට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, දේවසේවකයන් ලෙස? දෙමාපියන් ලෙස? සාමාජික ධර්මදූතයින් ලෙස? අපට උපකාර කළ හැකි කුමක් අප ඉගෙනගන්නේද? මෙම පණිවිඩය අපගේ සිතුවිලි, හැඟීම්, සහ ක්‍රියාවන්ට බලපාන්නේ කෙසේද?

  • කණ්ඩායම් ලෙස සාකච්ජා කරන්න. සාමජිකයින්ව කුඩා කණ්ඩායම් වලට බෙදන්න, සහ සම්මන්ත්‍රණ පණිවිඩයේ කොටස් කියවා සාකච්ඡා කිරීමට එක් එක් කණ්ඩායමට පවරන්න. ඉන්පසු සෑම කණ්ඩායමකටම තමන් සොයාගත් සත්‍යයක් සහ එය ඔවුන්ට අදාළ වන ආකාරය බෙදාගැනීමට කියන්න. එසේත් නැතිනම් ඔබට එම පණිවිඩයේ විවිධ කොටස් අධ්‍යයනය කළ සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් නිර්මාණය කර ඔවුන් සොයාගත් දේ එකිනෙකා සමඟ බෙදාගැනීමට ඉඩදීමට හැකිය.

  • ප්‍රශ්න වලට උත්තර සොයන්න. සම්මන්ත්‍රණ පණිවිඩ පිළිබඳ පහත සඳහන් ප්‍රශ්නය වැනි ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට සාමාජිකයින්ට ආරාධනා කරන්න: මෙම පණිවිඩයේ අපට සොයාගත හැකි ශුභාරංචි සත්‍යන් මොනවාද? මෙම සත්‍යන් අපි අදාළ කරගන්නේ කෙසේද? ලබාදී ඇති ආරාධනාවන් සහ පොරොන්දු වී ඇති ආශිර්වාද මොනවාද? දෙවියන්වහන්සේ අපෙන් කිරීමට බලාපොරොත්තු වන කාර්යය ගැන මෙම පණිවිඩය අපට උගන්වන්නේ කුමක්ද? නැතහොත් පණිවිඩය ගැන ගැඹුරින් සිතීමට හෝ එය උගන්වන සත්‍යයන් අදාළ කරගැනීමට සාමාජිකයින්ව දිරිමත් කරන ඔබේම ප්‍රශ්න කිහිපයක් සාදන්න. සාමාජිකයින්ට මෙම ප්‍රශ්න වලින් එකක් තෝරාගෙන එම පණිවිඩයෙන් පිළිතුරු සෙවීමට ඉඩදෙන්න.

  • පණිවිඩයෙන් ප්‍රකාශ බෙදාගන්න. ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යයේදී ඔවුන්ගේ වගකීම් සම්පූර්ණ කිරීමට දිරිමත් කළ සම්මන්ත්‍රණ පණිවිඩ වල ප්‍රකාශ බෙදාගන්නට සාමාජිකයින්ට ආරාධනා කරන්න. ඔවුන් ආදරය කරන අය මෙන්ම දේවසේවය කරන පුද්ගලයින්ට ආශිර්වාද කිරීම සඳහා මෙම ප්‍රකාශ බෙදාගත හැකි ආකාර සලකා බැලීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • භාණ්ඩ භාවිතා කර පාඩමක් බෙදාගන්න. කලින්ම, සම්මන්ත්‍රණ පණිවිඩය පිළිබඳ ඉගැන්වීමට භාවිත කළ හැකි භාණ්ඩ නිවසින් රැගෙන එන ලෙස සාමාජිකයින් කීපදෙනක්ට ආරාධනා කරන්න. රැස්වීම අතරතුර, එම භාණ්ඩ පණිවිඩයට සම්බන්ධ වන ආකාරය සහ එම පණිවිඩය ඔවුන්ගේ ජීවිත වලට අදාළ වන ආකාරය පැහැදිලි කිරීමට සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්න.

  • නිවසේදී ඉගැන්වීමට පාඩමක් සූදානම් කරන්න. සම්මන්ත්‍රණ පණිවිඩය මත පදනම්ව නිවාස සන්ධ්‍යා පාඩමක් සැලසුම් කිරීම සඳහා යුගල වශයෙන් වැඩ කිරීමට සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්න. ඔවුන්ට මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය: මෙම පණිවිඩය අපගේ පවුල් වලට අදාළ කරගන්නේ කෙසේද? අපි දේවසේවය කරන අය සමඟ මෙම පණිවිඩය බෙදාගන්නේ කොහොමද?

  • අත්දැකීම් බෙදාගන්න. සම්මන්ත්‍රණ පණිවිඩයේ ප්‍රකාශ කීපයක් එකතු වී කියවන්න. එම ප්‍රකාශ වල ඉගැන්වූ මූලධර්මය පැහැදිලි වන ලෙස හෝ ශක්තිමත් වන ලෙස ඔවුන්ගේ ජීවිත වලින් හෝ ශුද්ධලියවිලි වලින් අත්දැකීම් බෙදාගැනීමට සාමාජිකයින්ට ආරාධනා කරන්න.

  • පාඨයක් සොයාගන්න. ඔවුන්ට තේරුමක් ඇති පාඨ, සම්මන්ත්‍රණ පණිවිඩය තුලින් සොයන්නට සාමාජිකයින්ට ආරාධනා කරන්න. එම පාඨ සහ ඒවායින් ඔවුන් ඉගෙනගත් දේ බෙදාගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට මෙම ඉගැන්වීම් ඔවුන්ට උපකාර වන ආකාරය බෙදාගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වලින් අධ්‍යයනය කිරීම සහ උගන්වන ආකාරය පිළිබඳ වැඩිදුර අදහස් සඳහා, “ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් ඉගෙනීම සහ ඉගැන්වීම සඳහා අදහස්” බලන්න. (ශුභාරංචි පුස්තකාලයේ “ප්‍රධාන සම්මන්ත්‍රණය” යටතේ “අධ්‍යයනය සඳහා අදහස්” මත ඔබන්න.)

මුද්‍රණය කරන්න