2021
පාස්කුවෙහි කතන්දරය
2021 අප්‍රියෙල්


“පාස්කුවෙහි කතන්දරය,” මිතුරා, අප්‍රියෙල් 2021

මාසික මිතුරා පණිවිඩය, 2021 අප්‍රියෙල්

පාස්කුවෙහි කතන්දරය

රූපය
යේසුස්වහන්සේ ප්‍රේරිතවරුන්ගේ පාද සෝදමින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසින්

යේසුස්වහන්සේ තම මිතුරන්ට ප්‍රේම කළා. උන්වහන්සේ ඔවුන්ගේ පාද සේදුවා. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට සක්‍රමේන්තුව ලබාදුන්නා. උන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේව මතක තබාගැනීමට පැවසුවා. උන්වහන්සේ එකිනෙකාට ප්‍රේම කිරීමට ඔවුන්ට පැවසුවා.

රූපය
යේසුස්වහන්සේ ගෙත්සෙමනෙහි යාච්ඤා කරමින්

පසුව යේසුස්වහන්සේ වත්තකට ගියා. උන්වහන්සේ අප සියලුදෙනා වෙනුවෙන් යාච්ඤා කළා. අපගේ අසනීපවල වේදනාව උන්වහන්සේට දැනුණා. අපගේ පාපවල වේදනාව උන්වහන්සේට දැනුණා.

රූපය
යේසුස්වහන්සේගේ දේහය සොහොන් ගෙයක තැන්පත් කර ඇත

කෝප වූ අය යේසුස්වහන්සේව රැගෙන ගියා. ඔවුන් උන්වහන්සේට රිදවූවා. උන්වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ මියගියා. උන්වහන්සේගේ මිතුරන් උන්වහන්සේගේ දේහය සොහොනක තැන්පත් කළා.

රූපය
දේවදූතයා ස්ත්‍රීන්ට යේසුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ප්‍රකාශ කරමින්

දින තුනකට පසු, උන්වහන්සේගේ මිතුරන් නැවත පැමිණියා. සොහොන හිස්ව තිබුණා! දේවදූතයන් ඔවුන්ට මෙසේ පැවසුවා, “උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා.” යේසුස්වහන්සේ නැවත ජීවතුන් අතර සිටියා! යේසුස්වහන්සේ නිසා, අපි සියල්ලෝම මියගිය පසු නැවත ජීවත් වෙනවා.

රූපය
දරුවන් සභාවක

යේසුස්වහන්සේ මට ආදරෙයි. උන්වහන්සේව සිහිපත් කිරීමෙන් මට පාස්කු ඉරිදා විශේෂ කරන්නට පුළුවන්.

පාට කරන පිටුව

පාස්කු ඉරිදා යේසුස්වහන්සේ පිළිබඳවයි

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

මුද්‍රණය කරන්න