2021
අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?
2021 මැයි


“අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 මැයි.

පූජකවර සැසිවාරය

අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?

උපුටා ගැනීම්

රූපය
ක්‍රිස්තුස්වහන්සේගේ හිස් සොහොන

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප එක් එක්කෙනා වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද? අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ දක්වා ඇති ඉරණම දෙසට ලෞකිකත්වය හරහා වූ අපගේ ගමනට අත්‍යවශ්‍ය සියල්ල උන්වහන්සේ ඉටුකර තිබේ. එම සැලැස්මේ ප්‍රධාන අංග හතරක් ගැන මම කතා කරන්නම්. …

මරණයෙන් නැවත නැඟිටීම අප එකිනෙකා හා අප ආදරය කරන අය මුහුණදෙන ලෞකික අභියෝග දරාගැනීමට ඉදිරිදර්ශනයක් සහ ශක්තිය ලබාදෙයි. උපතේ දී අපට ඇති ශාරීරික, මානසික හෝ චිත්තවේගීය ඌනතාවයන් හෝ ලෞකික ජීවිතයේ අප අත්කරගන්නා එවැනි දේ දෙස බැලීමට එය වෙනස් ආකාරයක් ලබාදෙයි. ශෝකයන්, අසාර්ථකත්වයන්, සහ කලකිරීම් දරාගැනීමට එය අපට ශක්තිය ලබාදෙයි.

අපගේ ලෞකික ජීවිත කාලය තුළ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට නැවත නැඟිටීම අපට ප්‍රබල දිරිගැන්වීමක් ලබාදෙයි. …

පසුතැවිලි වන සියලු මනුෂ්‍යයන්ගේ පව් උදෙසා පූජාවක් බවට පත්වීම සඳහා අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් තේරුම්ගත නොහැකි දුක් විඳදරාගත්තේය. මෙම වන්දිගෙවීමේ පරිත්‍යාගය, නපුරේ අවසාන මිනුම වන, මුළු ලෝකයේම පව් සඳහා, කැළැල් නැති පිරිසිදු බැටළු පැටවාණන් වන මහා යහපත ඉදිරිපත් කළේය. …

… ගැලවීමේ සැලැස්ම යේසුස්වහන්සේ අපට ඉගැන්වූයේය. මෙම සැලැස්මෙහි මැවීම, ජීවිතයේ අරමුණ, විරුද්ධත්වයේ අවශ්‍යතාවය සහ තෝරාගැනීමේ නිදහස යන ත්‍යාගය ඇතුළත් වේ. අප කීකරු විය යුතු ආඥාවන් සහ ගිවිසුම් සහ අපගේ ස්වර්ගීය දෙමාපියන් වෙත අපව නැවත ගෙන යාම සඳහා අප අත්විඳිය යුතු නියෝගයන් උන්වහන්සේ අපට ඉගැන්වූයේය. …

අපගේ ගැලවුම්කරුවාණන්ට අපගේ පරීක්ෂාවන්, අපගේ අරගලයන්, අපගේ සිත් වේදනා, සහ අපගේ දුක් වේදනා දැනෙයි, එමනිසා උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි කොටසක් ලෙස උන්වහන්සේ ඒවා කැමැත්තෙන්ම අත්වින්දේය. … අපගේ ගැලවුම්කරුවාණන්ද එවැනි වේදනාවක් අත්විඳ ඇති බවත්, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් එය දරාගැනීමට අපට ශක්තිය ලබාදෙන බවත්, ඕනෑම ආකාරයක ලෞකික ආබාධයකින් පෙළෙන සියල්ලන්ම මතකතබාගත යුතු කරුණකි.

මුද්‍රණය කරන්න