2021
පාවුලු පසුතැවිලි වෙයි
ජූලි 2021


“පාවුලු පසුතැවිලි වෙයි,” මිතුරා, 2021 ජූලි

“පාවුලු පසුතැවිලි වෙයි”

මාසික මිතුරා පණිවිඩය, 2021 ජූලි

පාවුලු පසුතැවිලි වෙයි

ක්‍රියා 9:1–22; 13:9

රූපය
පාවුලු මිනිසෙකුට කෑගසමින්

යේසුස් වහන්සේ මියගිය පසු, උන්වහන්සේගේ ගෝලයින් මිනිසුන්ට උගන්වමින් සිටියා. නමුත් සෑම කෙනෙකුම ඔවුන් ඉගැන්වූ දේවල් වලට කැමති වුණේ නෑ. පාවුලු නම් මිනිසෙක් යේසුස් වහන්සේව අනුගමනය කළ අයට විශේෂයෙන් නරක ලෙස සැලකුවා.

රූපය
පාවුලු මත ආලෝකය බබළයි

දිනක් පාවුලු ගමන් කරමින් සිටින අතරේ, ඔහු ස්වර්ගයෙන් දීප්තිමත් ආලෝකයක් දුටුවා. ඔහුට යේසුස් වහන්සේගේ හඬ ඇසුණා! පසුතැවිලි වී උන් වහන්සේව අනුගමනය කරන්නැයි යේසුස් වහන්සේ පාවුලුට පැවසුවා.

රූපය
පාවුලු තම දෑස් වසාගෙන සිටිමින්

එම දීප්තිමත් ආලෝකය පාවුලුව අන්ධ කළා. අනනියස් නම් වූ ශුද්ධ මිනිසෙක් පාවුලුගේ දෑස් සුවකළා. පාවුලු බව්තීස්ම වීමට තීරණය කළා.

රූපය
පාවුලු සමූහයන්ට දේශනා කරයි

ඊට පසුව, පාවුලු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මිනිසුන්ට ඉගැන්නුවා. ඔහු විශිෂ්ට ධර්මදූතවරයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකයෙක් වුණා.

රූපය
ගැහැණු ළමයෙකු මිතුරෙකු සනසමින්

මට නරක ලෙස සලකනවා වෙනුවට කරුණාවන්ත වීමට තෝරාගත හැකියි. මට සෑමවිටම යේසුස් වහන්සේව අනුගමනය කිරීමට තෝරාගත හැකියි.

පාට කරන පිටුව

පාවුලු යේසුස් වහන්සේව දුටුවා

රූපය
පාවුලු යේසුස් වහන්සේව දකිනවා

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

මුද්‍රණය කරන්න