2021
පාවුල්ගේ ලියුම
2021 සැප්තැම්බර්


“පාවුල්ගේ ලියුම,” ළමා පාඨකයන් සඳහා අලුත් ගිවිසුමේ කතා, 2019

“පාවුල්ගේ ලියුම”

මාසික මිතුරා පණිවිඩය, 2021 සැප්තැම්බර්

පාවුල්ගේ ලියුම

1 කොරින්ති 1 සහ ගලාති 1

යේසුස්වහන්සේ ස්වර්ගයට ගිය පසු සභාවට නායකත්වය දීමට ප්‍රේරිත පාවුල් උදව් කළා. ඒ කාලයේ, දුරකථන හෝ අන්තර්ජාලය තිබුණේ නැහැ. එමනිසා පාවුල් සභාවේ සමාජිකයන්ට ලියුම් ලිවුවා.

රූපය
කාන්තාවක් ලියුමක් කියවමින්

පාවුල් කොරින්ති නගරයේ මිනිසුන්ට ලිවුවා. අන් අයට සමාවදෙන ලෙස ඔහු ඔවුන්ට පැවසුවා. ඔහු ඔවුන්ට ඉවසිලිවන්තව සිටින්න කියා පැවසුවා. ඔහු යේසුස්වහන්සේ ගැන ලිවුවා.

රූපය
මිනිසෙකු ලියුමක් කියවමින්

පාවුල් ගලාති නම් ස්ථානයේ සිටි මිනිසුන්ට ලිවුවා. ඔවුන්ගේ අසල්වැසියන්ට ආදරය කරන ලෙස ඔහු ඔවුන්ට පැවසුවා. ආත්මයාණන් දැනෙන ආකාරය ඔහු ඔවුන්ට පැවසුවා.

රූපය
ළමයෙකු පොතක් කියවමින්

පාවුල්ගේ ලිපි ඉතා වැදගත් වූ නිසා ඒවා බයිබලයේ කොටසක් බවට පත්වුණා. ඔබට ඒවා අලුත් ගිවිසුමේ කියවිය හැකියි.

රූපය
ළමයින් ප්‍රධාන සම්මන්ත්‍රණය නරඹමින්

පාවුල්ගේ ඉගැන්වීම් වලින් මට ඉගෙනගත හැකියි. අනාගතවක්තෘවරයා සහ ප්‍රේරිතයන් අද උගන්වන දේට මම සවන්දෙනවා!

පාට කරන පිටුව

මම බයිබලයට ආදරෙයි!

රූපය
ළමයෙකු පියා සමඟ බයිබලය කියවමින්

බාගත කරගැනීම සඳහා පින්තුරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

මුද්‍රණය කරන්න