“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුණාටුව නිශ්චල කළ සේක,” මිතුරා, 2023 මාර්. 46–47.
මාසික මිතුරා පණිවිඩය, 2023 මාර්තු
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුණාටුව නිශ්චල කළ සේක
එක් රාත්‍රියක යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් බෝට්ටුවකින් මුහුද තරණය කළා. යේසුස්වහන්සේ වෙහෙසට පත්ව සිටි නිසා නින්දට වැටුණා.
කුණාටුවක් පැමිණියා. රළ එන්න එන්නම විශාල වුණා! ගෝලයෝ බියට පත්වුණා. ඔවුන් යේසුස්වහන්සේව අවදි කර ඔවුන්ව බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියා.
යේසුස්වහන්සේ නැගිට “නිශ්ශබ්ද වන්න, නිශ්චල වන්න” කියා පැවසුවා. සුළඟ නතර වුණා. ජලය නිශ්චල වුණා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ලට මා වෙත සාමය රැගෙන ඒමට පුළුවන්. මම බිය වූ විට, සන්සුන්ව සිටීමට යේසුස්වහන්සේට මට උදව් කරන්න පුළුවන්.
පාට කරන පිටුව
මම යේසුස්වහන්සේ ගැන ඉගෙන ගන්න කැමතියි
නිදර්ශනය පැට්රිශියා ජෙසී විසිනි
ඔබ යේසුස්වහන්සේ ගැන දන්නේ මොනවාද?
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, March 2023 හි පරිවර්තනයකි. Language. 18905 408