2023
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුණාටුව නිශ්චල කළ සේක
2023 මාර්තු


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුණාටුව නිශ්චල කළ සේක,” මිතුරා, 2023 මාර්. 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 මාර්තු

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුණාටුව නිශ්චල කළ සේක

රූපය
යේසුස්වහන්සේගේ ගෝලයන් මුහුද දෙස බලා සිටින අතර උන්වහන්සේ ඔරුවක නිදා සිටී

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

එක් රාත්‍රියක යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් බෝට්ටුවකින් මුහුද තරණය කළා. යේසුස්වහන්සේ වෙහෙසට පත්ව සිටි නිසා නින්දට වැටුණා.

රූපය
කුණාටුවක් යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සිටි බෝට්ටුව පෙරළීම

කුණාටුවක් පැමිණියා. රළ එන්න එන්නම විශාල වුණා! ගෝලයෝ බියට පත්වුණා. ඔවුන් යේසුස්වහන්සේව අවදි කර ඔවුන්ව බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියා.

රූපය
යේසුස්වහන්සේ මුහුද නිශ්චල කරමින්

යේසුස්වහන්සේ නැගිට “නිශ්ශබ්ද වන්න, නිශ්චල වන්න” කියා පැවසුවා. සුළඟ නතර වුණා. ජලය නිශ්චල වුණා.

රූපය
ඇස් වසාගෙන අත් බැඳගෙන සිටින කුඩා පිරිමි ළමයා

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ලට මා වෙත සාමය රැගෙන ඒමට පුළුවන්. මම බිය වූ විට, සන්සුන්ව සිටීමට යේසුස්වහන්සේට මට උදව් කරන්න පුළුවන්.

පාට කරන පිටුව

මම යේසුස්වහන්සේ ගැන ඉගෙන ගන්න කැමතියි

රූපය
තරුණ ගැහැණු ළමයෙක් යේසුස්වහන්සේ ගැන පොතක් බලන පාට කරන පිටුව

නිදර්ශනය පැට්‍රිශියා ජෙසී විසිනි

ඔබ යේසුස්වහන්සේ ගැන දන්නේ මොනවාද?

මුද්‍රණය කරන්න