2023
යේසුස්වහන්සේ අපිට මාර්ගය පෙන්නුවා
2023 අගෝස්තු


“යේසුස්වහන්සේ අපිට මාර්ගය පෙන්නුවා,” මිතුරා, 2023 අගෝස්තු, 4–5.

මාසික මිතුරා පණිවිඩ, 2023 අගෝස්තු

යේසුස්වහන්සේ අපිට මාර්ගය පෙන්නුවා

රූපය
විකල්ප පෙළ

ඩෑන් බර්ගේ නිදර්ශනය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගීය පියාණන්ගේ පුත්‍රයා යි. උන්වහන්සේ මෙලොවට ආවේ කවදා හෝ අපට ස්වර්ගික පියා වෙත ආපසු යා හැකි ආකාරය පෙන්වීමටයි. යේසුස්වහන්සේ බව්තීස්ම වුවා. අපිත් බව්තීස්ම විය යුතු බව උන්වහන්සේ ඉගැන්නුවා.

රූපය
විකල්ප පෙළ

ජීවත් විය යුතු ආකාරය යේසුස්වහන්සේ අපට පෙන්වා දුන්නා. උන්වහන්සේ සෑම කෙනෙකුටම ආදරය කර උදව් කළා. අපි උන්වහන්සේව අනුගමනය කිරීම උන්වහන්සේට අවශ්‍යයි.

රූපය
විකල්ප පෙළ

යේසුස්වහන්සේට අපගේ සියලු වේදනාවන් දැනුණා වගේම අපගේ පාපයන් නිසා දුක් වින්දා. ඉන්පසු උන්වහන්සේ අප වෙනුවෙන් මැරුණා. මෙයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම කියා කියනවා. උන්වහන්සේ නැවත නැඟිටුවනු ලැබුවා. ඒ කියන්නේ උන්වහන්සේ අද ජීවත් වෙනවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා අපිත් මැරුණට පස්සේ නැවත ජීවත් වෙනවා.

රූපය
විකල්ප පෙළ

යේසුස්වහන්සේ මේ සියල්ල අප වෙනුවෙන් කළේ උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසයි. උන්වහන්සේ නිසා අපට කවදා හෝ අපගේ ස්වර්ගික පියා සහ අපගේ පවුල් සමග ජීවත් විය හැකියි.

රූපය
විකල්ප පෙළ

බව්තීස්ම වීමෙන් අපට යේසුස්වහන්සේව අනුගමනය කළ හැකියි. අපි අන් අයට ප්‍රේම කරන විට සහ උපකාර කරන විට සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින විට අපට දිනපතා උන්වහන්සේව අනුගමනය කළ හැකියි.

මුද්‍රණය කරන්න