මිතුරා
දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කරනු ලැබූ සේක
2024 ජුනි


“දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කරනු ලැබූ සේක,” මිතුරා, 2024 ජුනි, 26–27.

මාසික මිතුරා පණිවිඩය, 2024 ජුනි

දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කරනු ලැබූ සේක

රූපය
ඇල්මා සහ ඇමුලෙක් දේශනා කරමින්

ඇන්ඩෘ බොස්ලි විසින් නිදර්ශන

ඇල්මා සහ ඇමුලෙක් අම්මොනිහා නම් නගරයට ගියහ. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ජනතාවට ඉගැන්නුවා. නමුත් ජනතාව ඔවුන් ඉගැන්වූ දේ ගැන කෝපයට පත් විය. ඔවුන් ඇල්මා සහ ඇමුලෙක්ව සිරගත කළා.

රූපය
ඇල්මා සහ ඇමුලෙක් සිරගෙදර තුළ.

ජනතාව අල්මා සහ ඇමුලෙක්ව හිංසාවට ලක් කළා ඔවුන් දින ගණනාවක් සිරගතව සිටියා.

රූපය
ඇල්මා සහ අමුලෙක් අවට සිරගෙවල් බිත්ති කඩා වැටේ

ඇල්මා සහ ඇමුලෙක් ශක්තිය ඉල්ලා යාච්ඤා කළා. ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබුණා. උන්වහන්සේ ඔවුන්ගේ දැත් බැදි කඹය කැඩීමට ඔවුන්ට බලය දුන් සේක.

රූපය
ඇල්මා සහ ඇමුලෙක් කිසිදු කඹයක් නොමැතිව සුන්බුන් අතර සිටගෙන සිටිති.

එවිට පොළොව සෙලවුණි. සිරගෙදර බිත්ති කඩා වැටුණා! දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කිරිමට උපකාර කළ සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අන් අයට ඉගැන්වීමට ඔවුහු අම්මොනිහාවෙන් පිටව ගියෝය.

පාට කරන පිටුව

යේසුස්වහන්සේ මට ආදරෙ බව මම දනිමි

රූපය
සොබාදහම, ශුද්ධ ලියවිලි සහ දේවමාළිගාවකින් වට වූ දරුවන් දෙදෙනෙකු

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ඔබට මතක් කර දෙන දේවල් මොනවාද?

මුද්‍රණය කරන්න