මිතුරා
ගැටවර රණශූරයන්
2024 අගෝස්තු


“ගැටවර රණශූරයන්” මිතුරා 2024 අගෝස්තු, 26–27.

මාසික මිතුරා පණිවිඩය, 2024 අගෝස්තු

ගැටවර රණශූරයන්

රූපය
මිනිසුන් ඔවුන්ගේ ආයුධ වලක වළලනවා

ඇන්ඩෘ බොස්ලි විසින් නිදර්ශනයකි

අම්මොන් සහ ඔහුගේ සහෝදරයන් විසින් ඉගැන්වූ මිනිසුන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් තම ආයුධ වළ දමා නැවත කිසි දිනෙක සටන් නොකරන බවට දෙවියන්වහන්සේට පොරොන්දු වුණා.

රූපය
වැඩිහිටියන් කතා කරමින් සිටින නිවසකට තරුණයන් පිරිසක් පැමිණෙමින්

නමුත් ඉක්මනින්ම ඔවුන්ට ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීමට අවශ්‍ය වුණා. තම ආයුධ වළ දමා තිබූ පියවරුන්, දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ පොරොන්දුව කඩ කිරීමට අකමැති වුණා. එබැවින් ඔවුන්ගේ පුත්‍රයින් ඔවුන් වෙනුවට සටන් කිරීමට සූදානම් වුණා. ඔවුන්ව හැඳින්වූයේ දෙදහසක් ගැටවර රණශූරයන් විදියටයි. ගැටවර යන්නෙහි තේරුම “තරුණ” යන්නයි.

රූපය
තරුණයෙක් තම මව සමඟ යාච්ඤා කරන අතර අනෙක් තරුණයන් ආයුධ සමඟ රැස්ව සිටිමින්

ගැටවර රණශූරයන් මීට පෙර කිසි දිනෙක යුද්ධයක සටන් කර තිබුණේ නෑ. නමුත් ඔවුන්ගේ මව්වරුන් ඔවුන්ව සූදානම් කිරීමට උදව් කළ අතර දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔවුන්ට ඉගැන්වුවා.

රූපය
හිලමන් ගැටවර රණශූරයින් පෙළපාලියක මෙහෙයවමින්; තරුණයෙක් තුවාල වූ තවත් තරුණයෙකුට ඇවිදීමට උපකාර කරමින්

ඔවුන් තම නායකයා විමට තෝරා ගත්තේ හිලමන්වයි. ඔවුන් නිර්භීත වූ අතර, දෙවියන්වහන්සේ ඔවුන්ට උපකාර කළා. ඔවුන් සියල්ලන්ටම තුවාල සිදු වුණා, නමුත් ඔවුන් එකිනෙකාට උදව් කළා. දෙවියන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ලට ගරු කළ අතර, ඔවුන් සියල්ලෝම ජීවත් වුණා!

පාට කරන පිටුව

සෑම දිනකම මට උදවු කරන්න ශුද්ධලියවිලි වලට පුළුවන්.

රූපය
විවෘත පොතක පිටු වලින් එළියට එන මොර්මොන්ගේ පොතේ රූපවල වර්ණ ගැන්වීමේ පිටුවක්

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

ඔබ කැමති කුමන ශුද්ධලියවිලි කථාවටද?

මුද්‍රණය කරන්න