“ගැටවර රණශූරයන්” මිතුරා 2024 අගෝස්තු, 26–27.
මාසික මිතුරා පණිවිඩය, 2024 අගෝස්තු
ගැටවර රණශූරයන්
අම්මොන් සහ ඔහුගේ සහෝදරයන් විසින් ඉගැන්වූ මිනිසුන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් තම ආයුධ වළ දමා නැවත කිසි දිනෙක සටන් නොකරන බවට දෙවියන්වහන්සේට පොරොන්දු වුණා.
නමුත් ඉක්මනින්ම ඔවුන්ට ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීමට අවශ්‍ය වුණා. තම ආයුධ වළ දමා තිබූ පියවරුන්, දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ පොරොන්දුව කඩ කිරීමට අකමැති වුණා. එබැවින් ඔවුන්ගේ පුත්‍රයින් ඔවුන් වෙනුවට සටන් කිරීමට සූදානම් වුණා. ඔවුන්ව හැඳින්වූයේ දෙදහසක් ගැටවර රණශූරයන් විදියටයි. ගැටවර යන්නෙහි තේරුම “තරුණ” යන්නයි.
ගැටවර රණශූරයන් මීට පෙර කිසි දිනෙක යුද්ධයක සටන් කර තිබුණේ නෑ. නමුත් ඔවුන්ගේ මව්වරුන් ඔවුන්ව සූදානම් කිරීමට උදව් කළ අතර දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔවුන්ට ඉගැන්වුවා.
ඔවුන් තම නායකයා විමට තෝරා ගත්තේ හිලමන්වයි. ඔවුන් නිර්භීත වූ අතර, දෙවියන්වහන්සේ ඔවුන්ට උපකාර කළා. ඔවුන් සියල්ලන්ටම තුවාල සිදු වුණා, නමුත් ඔවුන් එකිනෙකාට උදව් කළා. දෙවියන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ලට ගරු කළ අතර, ඔවුන් සියල්ලෝම ජීවත් වුණා!
පාට කරන පිටුව
සෑම දිනකම මට උදවු කරන්න ශුද්ධලියවිලි වලට පුළුවන්.
නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි
ඔබ කැමති කුමන ශුද්ධලියවිලි කථාවටද?
© 2024 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, August 2024 හි පරිවර්තනයකි. Sinhala. 19290 408