2021
මගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ හඬ මට ඇසෙන බව මා දැනගන්නේ කෙසේද?
2021 පෙබරවාරි


“මගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ හඬ මට ඇසෙන බව මා දැනගන්නේ කෙසේද?” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 පෙබ. 29

මාසික යෞවනයින්ගේ ශක්තිය සඳහා පණිවිඩය, 2021 පෙබරවාරි

මගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ හඬ මට ඇසෙන බව මා දැනගන්නේ කෙසේද?

රූපය
තරුණයෙකු ශුද්ධලියවිලි කියවමින්

අපිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඇසීමට සහ “වඩා හොඳින් සහ නිතර නිතර උන්වහන්සේව ඇසීමට පියවර ගන්නා” ආකාරය පිළිබඳ “වඩා ගැඹුරින් හා නිරන්තරයෙන් සිතීමට” සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කර ඇත (“‘How Do You #HearHim?’ A Special Invitation,” Feb. 26, 2020, blog.ChurchofJesusChrist.org).

ශුද්ධලියවිලි මගින් සහ අනාගතවක්තෘවරුන්ගේ වචන වලින් අපට උන්වහන්සේට සවන්දිය හැකිය. නමුත් එය හුදෙක්ම එම වචන වලට සවන්දීම හා කියවීම පමණක් නොවේ නමුත් ඒ සඳහා යතුර එයයි. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින්, ස්වාමින්වහන්සේ මෙසේ පැහැදිලි කළ සේක:

“නුඹලා හට [මෙම වචන] කතා කරන්නේ මාගේ හඬය; මක්නිසාද ඒවා මාගේ ආත්මයෙන් නුඹලා හට දෙනු ලැබ ඇත්තේය … ;

“එසේහෙයින්, මාගේ හඬ ඇසුනේ යැයිද, මාගේ වචන දන්නේ යැයිද, සාක්ෂි දැරීමට නුඹලාට හැකිය” (දහම සහ ගිවිසුම් 18:35–36).

ඊට අමතරව, උන්වහන්සේට සවන්දීමට උත්සාහ කිරීම අප වේගයෙන් කරන දෙයක් නොවේ. සභාපති නෙල්සන් මෙසේ පවසා ඇත, “එයට දැනුවත් වූ සහ ස්ථාවර උත්සාහයක් අවශ්‍යයි” (“උන්වහන්සේට සවන්දෙන්න,” 2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය [එන්සයින් හෝ ලියහෝනා, 2020, මැයි 89]).

ඔබ අධ්‍යයනය කරන විට, යාච්ඤා කරන විට, නමස්කාර කරන විට, සේවය කරන විට සහ ස්වාමින්වහන්සේගේ ආඥා වලට කීකරු වන විට, උන්වහන්සේ තම ආත්මයෙන් ඔබට ආශිර්වාද කරන අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, ඔබව වෙනස් කරනු ඇත. එවිට උන්වහන්සේගේ හඬ ඔබ අසා ඇති බව ඔබට දැනගත හැකිය.

මුද්‍රණය කරන්න