2021
සටහන් කිරීම කරන්න
ජූලි 2021


“සටහන් කිරීම කරන්න,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2021 ජූලි, 18–19.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 ජූලි

සටහන් කිරීම කරන්න

ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට ඔබේ අදහස් සටහන් කිරීම ඇත්තෙන්ම ඔබට ඉගෙනගැනීමට උපකාරී වේ.

“මම ශුද්ධලියවිලි කියවීමට පටන් ගන්නා සෑම අවස්ථාවකම, මම නින්දට වැටෙමි.” එක් ධර්මදූතවරයෙක් තම ධර්මදූත සභාපතිවරයාට පැවසීය. “ශුද්ධලියවිලි හරියට නිදි පෙති වගේ!”

සභාපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වූවේය, “ඔබ කියවන විට කවදා හෝ සටහන් ගන්නවාද?”

“නැහැ”, යැයි ධර්මදූතවරයා පැවසුවේය.

“ඔබ කියවන විට පමණක් නින්දට වැටීම හෝ ඔබේ මනස අවිනිශ්චිත වීම පහසු නමුත්, ඔබ සටහන් කිරීම එක් කරන විට එය කළ නොහැක!”

මෙම ධර්මදූත සභාපතිවරයා තම අරගලකාරී ධර්මදූතවරයාට දුන් උපදෙස් විශාල වෙනසක් ඇති කළේය. එබැවින් ඔබ ඔබේ ශුද්ධලියවිලි අධ්‍යයනය ශක්තිමත් කිරීම සඳහා නව ක්‍රමයක් සොයන්නේ නම්, එය උත්සාහ කර බලන්න. ඔබ කියවන දේ ගැන සටහන් කරන විට, ඔබ වඩාත් නිරත වී සිටින අතර, වඩා හොඳින් ඉගෙනගැනීමත් කරනු ඇත.

අපට ප්‍රයෝජනවත් යැයි පෙනෙන ප්‍රවේශයන් කිහිපයක් මෙන්න.

සහෝදර ස්ටීවන් ලන්ඩ්:

රූපය
ස්ටීවන් ලන්ඩ්

මම කියවන විට කඩදාසි අත ළඟ තබා ගන්නෙමි. මගේ අධ්‍යයනය අතරතුර ආත්මයාණන්වහන්සේ මාගෙන් ඉල්ලා සිටින පරිදි, මම එම ඉල්ලීම් ලියා තබන්නෙමි.

මට මෙම අදහස ලැබුණේ දොළොස්දෙනාගේ ගණපූරණයෙහි වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් (1928–2015) විසින් වන අතර, ඔහු මෙසේ පැවසීය: “ඔබ ආත්මයාණන්ගෙන් ඉගෙනගන්නා වැදගත් දේවල් සුරක්ෂිත ස්ථානයක ලියන්න. ඔබ වටිනා හැඟීම් සටහන් කර තබන විට, බොහෝවිට තවත් බොහෝ දේ පැමිණෙන බව ඔබට පෙනීයනු ඇත. එසේම, ඔබ ලබාගන්නා දැනුම ඔබේ ජීවිත කාලය පුරාම ලබාගත හැකිය” (“To Acquire Knowledge and the Strength to Use It Wisely,” Ensign, June 2002, 32).

එම වචන සත්‍ය බව මම දනිමි. මම කතා සහ පාඩම් සූදානම් කරන විට, මම ශුද්ධලියවිලි වලට පමණක් නොව ඒවා කියවන විට සටහන් කර ඇති දේටත් යන්නෙමි.

සහෝදර අහමඩ් කෝබිට්:

රූපය
අහමඩ් කෝර්බිට්

මම මාතෘකා අනුව හැදෑරීමට කැමතියි. මම ආරම්භයේ සිට අවසානය දක්වා ශුද්ධලියවිලි කියවා ඇති නමුත්, මම එහා මෙහා ගොස් මාතෘකා හැදෑරීමටත් කැමතියි. නිදසුනක් වශයෙන්, ඇදහිල්ල හෝ ඊශ්‍රායෙලය එක්රැස් කිරීම පිළිබඳ ශුද්ධලියවිලි සොයාගැනීමට මම මාතෘකා මාර්ගෝපදේශය භාවිතා කරමි. එවිට මම සටහන් ගන්නේ නැති නමුත්, මම එය සැබවින්ම තේරුම්ගෙන ඇති බව සහතික කරගැනීමට මම ඉගෙනගන්නා දේ ලියා තබමි. මම මෙය කරන විට දේවල් වඩා හොඳින් තේරුම්ගැනීම ගැන මම නිතරම මවිත වෙමි. කටපාඩම් කිරීම සඳහා මම සමහර ශුද්ධලියවිලි තෝරාගන්නෙමි.

සහෝදර බ්‍රැඩ්ලි විල්කොක්ස්:

රූපය
බ්‍රැඩ්ලි විල්කොක්ස්

මම මගේම වචන වලින් ශුද්ධලියවිලි ලියන අධ්‍යයන සඟරාවක් තබාගන්නෙමි. නිදසුනක් වශයෙන්, “ස්වාභාවික මිනිසා දෙවියන්වහන්සේට සතුරෙකි” (මොසායා 3:19) “උඩඟු සහ දැඩි සිතැති මිනිසා දෙවියන්වහන්සේට සතුරෙකු වීමට තෝරාගන්නා නමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ සතුරා නොවේ. දෙවියන්වහන්සේ ඔහුගේ හොඳම මිතුරා” බවට පත්වේ.

මම ප්‍රශ්නත් ලියන්නෙමි. ඒවා කියවීමට පෙර මා සිතන ප්‍රශ්න විය හැකිය, නැතහොත් ඒවා මා කියවූ දෙයින් අවුලුවන ප්‍රශ්න විය හැකිය. කෙසේ හෝ වේවා, එය මගේ අවධානය යොමුකර තබයි.

ඔබේ සිතුවිලි ලිවීමෙහි බලය

අපගේ සභාපතිත්වයේ සිටින සෑම කෙනෙකුම ශුද්ධලියවිලි වෙනස් ලෙස අධ්‍යයනය කරන නමුත්, අපි එසේ කරන විට සැමවිටම සටහන් තබනවා!

සිතුවිලි සහ හැඟීම් අභ්‍යන්තරීකරණය කිරීමට කියවීම අපට උපකාරී වේ. එය වැදගත්ය. අප කතා කරන විට හෝ සටහන් තබන විට, අභ්‍යන්තරයේ සිට සිතුවිලි සහ හැඟීම් සොයාගෙන ප්‍රකාශ කරමු. ශුභාරංචි සත්‍යයන් වඩාත් හොඳින් පුද්ගලායනය කිරීමට එය අපට උපකාරී වන බව අපට හැඟේ.

සක්‍රමේන්තු රැස්වීමකදී කතාවක් දීමට ඉල්ලා සිටි විට එක් තරුණයෙක් ඔහු විසින්ම මෙම සත්‍යය සොයාගත්තේය. තවත් බොහෝ අය කතා කරන බව ඔහු අසා ඇති නමුත් විස්තර මතක නැත. මෙම වතාවේ එය වෙනස් විය. ඔහු තමාගේම කතාවක් සඳහා දළ සටහනක් ලිවූ විට, එය සංවිධානාත්මක කතාවක් ඉදිරිපත් කිරීමට ඔහුට උපකාරී වූවා පමණක් නොව, ඔහුට දිගු කලක් තිස්සේ එය මතක තිබුණි.

ඔබේ ශුද්ධලියවිලි අධ්‍යනයේදීත් එයම සිදුවිය හැකිය. ඔබ ඔබේ ශුද්ධලියවිලි විවෘත කරන විට නින්දට වැටෙන්නේ නම්, අවදි වීමට කාලය පැමිණ ඇත. පැන්සලක්, පෑනක්, දුරකථනයක් හෝ පරිගණකයක් ගෙන ලිවීමට උත්සාහ කරන්න. එයට කළ හැකි වෙනස ගැන ඔබ මවිතයට පත්වනු ඇත!

මුද්‍රණය කරන්න