“ඔවුන් මගේය එමෙන්ම මම ඔවුන්ව දනිමි,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2022 ජනවාරි.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 ජනවාරි
“ඔවුන් මගේය එමෙන්ම මම ඔවුන්ව දනිමි”
ඔබට කවදා හෝ නොවැදගත් යැයි හැඟී තිබේද? ලෝකයේ පුද්ගලයන් කී දෙනෙක් සිටිනවාද යන්න ගැන සිතන විට හෝ අහසේ තරු කීයක් තිබේදැයි බලන විට ඔබට මේ ආකාරයෙන් දැනෙන්නට ඇත. ඔබ කවුරුන්ද සහ ඔබේ ජීවිතය කෙබඳුද කියා දෙවියන්වහන්සේ ඇත්තටම දන්නවාදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? එසේනම්, මෝසෙස් සතුව ඔබට පණිවිඩයක් ඇත.
දර්ශනයකින්, දෙවියන්වහන්සේ මෝසෙස්ට පොළොවේ සෑම අංශුවක්ම සහ එහි ජීවත් වන සියලු පුද්ගලයින්ව පෙන්වීය. ඔවුන් “මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි” විය (මෝසෙස් 1:28). ඉන්පසු දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ තමන් “ගණන් කළ නොහැකි තරම් ලෝක” සෑදූ අතර (මෝසෙස් 1:33)—උන්වහන්සේගේ නිර්මාණ මේ පොළොවෙන් ඔබ්බට විහිදෙන බවයි.
මේ හැම දෙයක්ම දැකීමෙන් මෝසෙස්ට යටපත් වූ බවක් දැනෙන්න ඇති. සමහරවිට ඔහු මෙසේ කල්පනා කරන්නට ඇති: මෙතරම් නිර්මාණ අතර මා ගැලපෙන්නේ කොතැනටද? එසේම දෙවියන්වහන්සේ මෙතරම් දේවල් නිරීක්ෂණය කරන්නේ කෙසේද?
දෙවියන්වහන්සේගේ පිළිතුර සරල විය: “සියල්ල මම ගණන් කර ඇත.” කෙසේද? “ඔවුන් මගේය එමෙන්ම මම ඔවුන්ව දනිමි” (මෝසෙස් 1:35). දෙවියන්වහන්සේ මෝසෙස් කවුදැයි දැන සිටි සේක, උන්වහන්සේ තම සියලු දරුවන්ව මෙන්ම, උන්වහන්සේගේ සියලු මැවීම්ද දන්නා සේක. තාරකා, වැලි, සහ විශේෂයෙන්ම පොළොවේ උන්වහන්සේගේ දරුවන්—මේ සියල්ල උන්වහන්සේගේය. උන්වහන්සේ පොළොව මැවීමට සම්පූර්ණ හේතුව ඔවුන්ය. ඔවුන්ගේ සදාකාලික ගැලවීම දෙවියන්වහන්සේගේ වැදගත්ම කාර්යයයි.
“බලන්න, මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි—ඒ මනුෂ්‍යයාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි” (මෝසෙස් 1:39).
මෝසෙස් දෙවියන්වහන්සේගේ සැලැස්මට ගැලපෙන තැන ඉගෙනගත්තා සේම, දෙවියන්වහන්සේ ඔබව දන්නා බවට ඔබටත් සහතික විය හැකිය! උන්වහන්සේ වෙත ආපසු යාමට ඔබට උපකාර කිරීම උන්වහන්සේගේ කාර්යය සහ මහිමයයි. ඒ ඇයි? මක්නිසාද ඔබ උන්වහන්සේගේය. ඒ වගේම ඒ ගැන නොවැදගත් දෙයක් නැත!
© 2021 Intellectual Reserve, Inc. විසිනි All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, December 2021 හි පරිවර්තනයකි. Sinhala. 18295 408