2022
බිය නොවන්න—ස්වාමින්වහන්සේ ඔබ සමඟය
2022 ජූලි


“බිය නොවන්න—ස්වාමින්වහන්සේ ඔබ සමඟය,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2022 ජූලි.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 ජූලි

බිය නොවන්න—ස්වාමින්වහන්සේ ඔබ සමඟය

බිය කියන්නේ අළුත් දෙයක් නොවේ. අතීතයේ පටන්ම බිය නිසා, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ දෘෂ්ටිකෝණය සීමා වී තිබෙනවා. 2 රාජාවලියේ, සිරියාවේ රජු අනාගතවක්තෘ එලිෂාව අල්ලා මරා දැමීමට මහා සේනාවක් එවා තිබුණා.

“තවද [එලිශාගේ] සේවකයා වේලාසනින් නැගිට පිටතට ගිය කල, බලන්න, හමුදාවක්, අශ්වයන් හා රථ ඇතිව නුවර වටේට සිටිනු දුටුවේය. එවිට [එලිශාගේ] සේවකයා ඔහුට මෙසේ පැවසුවේය, අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමුද?” (2 රාජාවලිය 6:15).

ඒ කතාකරන්නේ බිය.

“තවද එලිශා මෙසේ පිළිතුරු දුන්නේය, “භය නොවන්න: මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය.

“එවිට එලිෂා යාච්ඤා කොට, සමිදාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස්, පැහැදුව මැනවැ”යි කීය. තවද ස්වාමින්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූ සේක; එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථ වලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (2 රාජාවලිය 6:16–17).

අපගේ භීතියන් පලවාහරින්නට හෝ අපගේ රාක්ෂයෙන් යටත් කරගැනීමට අපට ගිනි දැල්වෙන වාහන තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්, එහෙත් පාඩම පැහැදිලියි. ස්වාමින්වහන්සේ අප සමඟ සිටින අතර, අප ගැන සැලකිලිමත් වෙමින්, උන්වහන්සේට පමණක් කළ හැකි ආකාර වලින් අපට ආශිර්වාද කරයි.

අපි ක්‍රියාකාරීව ස්වාමින්වහන්සේව හා උන්වහන්සේගේ මාර්ග විශ්වාස කළ විටත්, උන්වහන්සේගේ කාර්යයන් තුළ උනන්දුවෙන් යෙදුනු විටත්, අප ලෝකයේ ප්‍රවණතාවයන්ට බිය නොවෙයි නැතහොත් ඒවා නිසා කරදරයට පත්නොවෙයි. ස්වාමින්වහන්සේ අප දෙස බලා සිටින අතර, අප ගැන සැලකිලිමත් වෙයි, එමෙන්ම අප සමඟ නැගී සිටියි.

මුද්‍රණය කරන්න