2010–2019
බලන්න! රාජකීය හමුදාවක්
2018 අප්‍රියෙල්


බලන්න! රාජකීය හමුදාවක්

මෙල්කිසදෙක් පූජකවරුන් සියලුදෙනාටම කොපමණ ප්‍රීතියක්ද, ඉගැන්වීමට, ඉගනීමට සහ කරින් කර සේවය කිරීමට ආශීර්වාද ලැබීම.

මගේ ආදරණීය පූජකවරයේ සහෝදරයනි, අපගේ ඓතිහාසික අවස්ථාවට ඔබ ඉදිරියෙහි මා පෙනී සිටින්නේ අපගේ ආදරණීය අනාගතවක්තෘ හා සභාපති රසල් එම්. නෙල්සන්ගේ පැවරීම මත වේ. මා ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් මේ පුදුම දෙවුණාන්වහන්සේගේ මනුෂය්‍යා හා අපේ නව පළමුවන සභාපතිවරයා අගයමි. වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් සහ මගේ අනෙකුත් සහෝදරයින් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය අද සවස සඳහන් කල පරිදි එය දෙවුණාන්වහන්සේගේ කැමැත්ත බවට මගේ සාක්ෂිය මම එකතු කරමි.

සභාපති නෙල්සන් විසින් ප්‍රකාශ කරන ලද පරිදි, මෙය දිගු කලක් සභාවේ ජ්‍යෙෂ්ට සහෝදරයින් විසින් යාච්ඤාවෙන් සාකච්ඡා කොට සලකා බැලූ කාරණයකි. එනම් ස්වාමීන්වහන්සේගේ කැමැත්ත සොයා මෙල්කිසදෙක් පූජක ඝණපූර්ණය ශක්තිමත් කිරීම සඳහා වූ ආශාවයි. අද දින හවස අපේ අනාගතවක්තෘවරයා ස්වාමීන්වහන්සේගේ කැමැත්ත දැනගත් බව කීමෙන් අප ප්‍රබෝධමත් කාලා. “දෙවුණාන්වහන්සේ කිසි දෙයක් නොකරන්නේය, නමුත් ඔහුගේ සේවකයෝ වන අනාගතවක්තෘවරුන්ට ඔහුගේ රහස හෙළි කරන්නේය!”1 අද ජීවමාන දිවැසිවරයෙකු සිටීමට අපට මොන තරම් ආශීර්වාදයක්ද!

අපේ ජීවිත කාලය පුරාම, සහෝදර රස්බෑන්ඩ් සහ මම විවිධ සභා සහ වෘත්තීය පැවරුම් සඳහා ලෝකය පුරා සංචාරය කර තිබෙනවා. සෑම ආකාරයක ඒකක වින්‍යාසයක්ම පාහේ ඇති සභාවන් අපට දක්නට ලැබුනා. රුසියාවේ කුඩා ශාඛාවක් වූ අතර, මෙල්කිසදෙක් පූජකත්වයේ සංක්‍යාවේ එක අතකින් ගණන් කල හැකි වුණා. මෙල්කිසදෙක් පූජකයන්ගේ මුළු සංඛ්ය්‍යාව අඩු නිසා උත්තම පූජකයෝ හා වැඩිමහල්ලන් දෙගොලන්ම එකලෙස හමු වූ අප්‍රිකාවේ නව සහ වැඩෙන කොට්ටාශ ද ඒ අතර වුණා. ඉන් සමහරක් කොට්ටාශ වැඩිහිටි සහෝදරයන් සංඛ්ය්‍යාව වැඩි ඝණපූර්ණයන් සිටි නිසා ඝණපූර්ණ දෙකකට බෙදීමට අවශ්‍ය වුණා.

අපි ගිය සෑම තැනකදීම, අපේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සේවකයන් ඉදිරියෙහි හස්තය විදහා පෙන්වන ආකාරය එනම් ඔවුන් ජනයා සූදානම් කිරීමට හා ඉදිරියට යන මාර්ගය, උන්වහන්සේගේ සියලු දරුවන්ට ඔවුන්ගේ සියලු අවශ්‍යයතා අනුව ආශිර්වාද කරනු පිණිස ලබා දීම දුටිමි. උන්වහන්සේ මෙසේ පොරොන්දු නොවූවේද එනම් උන්වහන්සේ “[අප] ඉදිරියෙන්” සහ අප වම් පසින් හා අප දකුණු පසින් හා උන්වහන්සේගේ “ආත්මයානන් [අප] හදවත් තුලට හා [උන්වහන්සේගේ] දේවදූතයින් අප වටා සිටියා”2

ඔබ සියලුදෙනා ගැන සිතන විට, “බලන්න! රාජකීය හමුදාවක්.” යන ගීතිකාව මා, සිහිගන්වමි .

බලන්න! රාජකීය හමුදාවක්,

බැනරයක්, කඩුවක් සහ පලිහක් සමඟ,

ජය ගැනීම සඳහා ඉදිරියට යනවා

ජීවිතයේ විශිෂ්ඨ සටන් බිමේ.

එහි සොල්දාදුවන් පිරී ඇත,

එක්සත්ව, නිර්භීත සහ ශක්තිමත්ව,

ඔවුන්ගේ හමුදාපතිවරයා අනුගමනය කරමින්

ඔවුන්ගේ ප්‍රීතිමත් ගී ගයන්නට.3

වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන්, මෙල්කිසදෙක් පූජකවරය සහ වැඩිහිටි සහෝදරයන් කොට්ටාශ රැස්වීමේදී නැගු ප්‍රශ්න වලට නිසැක පිළිතුරු සැපයු අතර ඒ සියලු දේ, බලවත් සහෝදර මෙල්කිසදෙක් පූජක හමුදාවක් ලෙස ඒකාබද්ධ කෙරෙනවා.

මෙම වෙනස්කම් වැඩිහිටියන්ගේ ඝණපූර්ණ සහ සහන සමිති ඔවුන්ගේ කාර්යයන් එකට ගලපන්නට උදවු වේ. එසේම ඔවුන් සභානායකවරයා සහ කොට්ටාශ මන්ත්‍රණ සභාව සමඟ ඝණපූර්ණය සම්බන්ධීකරණය සරල කරනු ඇත. තවද, සභානායකවරයා වැඩිහිටියන්ගේ ඝණපූර්ණය සහ සහන සමිතියේ සභාපතිවරුන් වෙත වැඩි වගකීම් පවරනු ලබන අතර, සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයන්ට ඔවුන්ගේ ප්‍රධාන වගකීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ හැකිය. විශේෂයෙන් තරුණ ගැහැණු සහ ආරොනික පූජකත්වය දරා සිටින තරුණයන් හට අවධානය යොමු කිරීමටය.

සභාවල සංවිධාන සහ කාර්යයන් වෙනස් වීම සාමාන්‍යය. 1883 දී ස්වාමින්වහන්සේ ජෝන් ටේලර් සභාපතිතුමා අමතා මෙසේ පැවසීය: “මගේ සභාවේ හා පූජක තන්ත්‍රයේ සැලකිල්ලට භාජනය වන හා සභා කලමනාකරිත්වය පිළිබඳ... මම විසින් පත් කරනු ලබන නාලිකාවලින්, අවශ්‍යය කරන සෑම දෙයක්ම වරින් වර වෙනස් කිරීම මගේ සභාවේ පරිපූර්ණත්වය මගේ රාජධානිය අනාගත වර්ධන සඳහා. ඔබට හෙළදරව් කරමි.”4

දැන්, උත්තම පූජකයන් වන සහෝදරයෙනි, අපි ඔබට ආදරය කරන බව අපි ප්‍රකාශ කරමු! ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්වහන්සේ ඔබට ආදරෙයි! ඔබ රාජකීය හමුදාවේ විශාල කොටසක් වන අතර ඔබගේ යහපත්කම, සේවය, අත්දැකීම් සහ ධර්මිෂ්ඨකමෙන් තොරව මෙම කාර්යය ඉදිරියට ගෙන යා නොහැක. ඇල්මා උගන්වනු ලැබුවේ උගන්වන හා අන් අයට සේවය කිරීම සඳහා තම ඇදහිල්ල හා යහපත් ක්‍රියාවන් නිසා මිනිසුන් උත්තම පූජකයන් ලෙස කැඳවා ඇති බවය. දැන් එම අත්දැකීම වෙන කවරදාටත් වඩා අවශ්‍යයයි.5

බොහෝ කොට්ටාශ වලද, ඝනපුර්ණ සභාපති ලෙස වැඩිමහල්ලෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. අපට වැඩහිටි සහෝදරයන් උත්තම පූජකයන් ලෙස පූර්වාදර්ශයක් ලබා දීමට සිටි. වැඩිමහල්ලන් වර්තමානයේ සිටින සමහර ප්‍රදේශවල ශාඛා සභාපතින් ලෙස සේවය කරමින් සිටින අතර, උත්තම පූජකයන් ශාඛා කාර්යාලයේ වාසය කරති. සමහර ශාඛා වල වැඩිමහලු ඝණපූර්න රැස්වීම් පමණක් වන අතර උත්තම පූජකවරු සහභාගී වී සිටිති.

සියලුම මෙල්කිසදෙක් පූජක හිමියන්ට ඉගැන්වීම, ඉගෙනීම සහ ඔවුන්ගේ කොට්ටාශයේ සියලු සාමාජිකයන් සමග උරෙන් උර ගැටී සේවය කිරීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! ඔබ කොතැනක සිටියත්, ඔබේ තත්වයන් කුමක් වියහැකි වුවත්, පූජකයන්ගේ සහෝදරයන් ලෙස පෙරමුණ ගැනීමට හා නායකත්වය දීමටත් හා සේවය කිරීමටත් නව අවස්ථා පිළිගැනීමට, යාච්ඤාවෙන්, විශ්වාසවන්තව හා ප්‍රීතියෙන් යුතුව ඇරයුම් කරන්නෙමු.

ශුද්ධ වූ පූජක තනතුරේ ඝණපූර්ණය සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම පිණිස අපි ඉදිරියට යන්නට පෙර අතිරේක කාරණා මම දැන් පැහැදිලි කරමි.

ස්ටේක ඝනපුර්ණවල සිදු වූ වෙනස්කම් මොනවාද? ස්ටේක පූජකවරු ඉදිරියටත් ක්‍රියාකරති. ස්ටේකයක සභාපතිවරු ස්ටේක උත්තම සභාපතිවරු ලෙස සේවය කරති. වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන්, පවසන පරිදි ස්ටේක උත්තම පූජක ඝනපුර්ණ සාමාජිකයන් සමන්විත වනුයේ දැනට ස්ටේක සභාපති සේවයේ නියුතු කොට්ටාශ සභානායක, ස්ටේක උත්තම පූජක සාමාජිකයන්, හා ක්‍රියාකාරී ආදිපිතෘ උත්තම පූජකවරුන්වේ. කොට්ඨාශ හා ස්ටේක ලිපිකරුවන් හා විධායක ලේකම්වරු උත්තම ස්ටේක පූජක ඝණපූර්න සාමාජිකයන් නොවේ. කවුරුන් හෝ ක්‍රියාකාරී උත්තම පූජකයෙකු, ආදිපිතෘ, හැත්තෑදෙනා හෝ ප්‍රේරිතවරයෙකු ලෙස ක්‍රියාශීලීව සේවය කරන කෙනෙකු කොට්ටාශයක් සංචාරය කිරීමේදී පූජක රැස්විමකට සහභාගී වීමට කැමැත්තක් දැක්වුවහොත් ඔහු වැඩිහිටියන්ගේ ඝණපූර්ණය සමග හමුවනු ඇත.

මෙම කැඳවීම තුළ සහෝදරයෝ නියමිත දිනයේ නිදහස් කරනු ලබන අතර, වැඩිහිටියන්ගේ ඝණපූර්නයේ සාමාජිකයන් ලෙස තම නිවෙස්වලට පැමිණෙනු ඇත.

උත්තම පූජකයන්ගේ ඝණපූර්නයන්ගේ කාර්යභාරය කුමක්ද? ස්ටේක සභාපති ඝණපූර්න උත්තම පූජක සාමාජිකයන් සමඟ රැස්වන්නේ, සාක්ෂි දීමට සහ පුහුණුව ලබා දීම සඳහායි. අපගේ අත්පොතෙහි දක්වා ඇති පරිදි ස්ටේක රැස්වීම් ගැළපීම් දෙකක් සමග අනුගමනය කරනු ලැබේ:

එකක්, කොට්ටාශ හා ස්ටේක පූජකත්වය විධායක කමිටු රැස්වීම් පැවැත්වීම තවදුරටත් සිදු නොවේ. විශේෂ කොට්ටාශ නිකුත් කිරීමක් නම්, සියුම් පවුල් ගැටළුවක් හෝ අසාමාන්‍ය සුභසාධක අභියෝගයක් ලෙස නම්, එය සභානායක රැස්වීමක දී විසදිය හැකි ය. වෙනත් අඩු සංවේදී කාරණා කොට්ටාශ කවුන්සිලය තුළ විසඳිය හැකිය. ස්ටේක පූජකත්වය විධායක කමිටු රැස්වීමක් ලෙස දැන් හඳුන්වනු ලබන්නේ “උත්තම පූජක රැස්වීම” ලෙසිනි.

දෙවැන්න, ස්ටේකයේ සියලු නායක පූජකවරුන්ගේ වාර්ෂික රැස්වීම තව දුරටත් පවත්වනු නොලැබේ. කෙසේ වෙතත්, ස්ටේක සභාපතිවරු උත්තම පූජකවරුන්ගේ ඝණපූර්න වාර්ෂික රැස්වීම පවත්වනු ඇත.

කොට්ටාශයක එක් වැඩිහිටියෙකුගේ ඝණපූර්ණයකට වඩා වැඩි ගණනක් තිබිය හැකිද? පිළිතුර ඔව්. දහම සහ ගිවිසුම් 107 වන කොටසෙහි, 89 පදය, කොට්ටාශයක අසාමාන්‍යය ලෙස විශාල සංඛ්‍යයාවක් මෙල්කිසදෙක් පූජකවරුන් සතු වන විට, වැඩිමහල් ඝණපූර්ණයකට වඩා වැඩි ගණනක් සංවිධානය කළ හැකිය. එවැනි අවස්ථාවලදී, එක් එක් ඝණපූර්ණය, අත්දැකීම් සහ පූජක තනතුරේ කාර්යභාරය හා ශක්තිය සාධාරණ ශේෂයක් තිබිය යුතුය.

අපගේ කොට්ටාශ හා ස්ටේක වැඩිවශයෙන් ආශීර්වාද ලැබීම වස් අපගේ ඝණපූර්ණයන් ප්‍රතිව්‍යූහගත කරමින් ඉදිරියට යා යුතු බවට මම සාක්ෂි දරන්නෙමි. ඔබට ඒ පිළිබද මා උදාහරණ කිහිපයක් දක්වනෙමි.

සභානායකවරයාගේ මඟ පෙන්වීම යටතේ, පූජකයන්ගේ සම්පත් වැඩි වැඩියෙන් ගැලවීමේ කාර්යයට සහාය වියහැක. මෙයට සභාව මගින් ඊශ්‍රායලය එක් කිරීම සහ පවුලේ ඉතිහාසයේ වැඩ කිරීම, පවුලේ අවශ්‍යතා සහ පුද්ගලයන් සමඟ කටයුතු කිරීම සහ ධර්මදුතයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට උදව් කිරීම මෙයට ඇතුළත් වුණා.

පෙර පරිදි සභාපතින් වැඩිහිටියන්ගේ ඝණපූර්ණය සමග ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමත් සමග, වඩාත් ශක්තිමත් ඝණපූර්ණයක් ලැබෙනු ඇත.

ඝණපූර්ණය තුළ මිළ කල නොහැකි දායාද හා ධාරිතාවන් වැඩි ගණනක් ඇත.

කොට්ටාශය සහ ඝණපූර්ණය තුළ වර්තමාන හා හදිසි අවශ්‍යයතාවයන් සපුරාලීම සඳහා සහ අපගේ විවිධ මෙහෙකිරීම් කටයුතු ඉටුකිරීමේදී වඩාත් නම්‍යයශීලී වනු ඇත.

නව වැඩිමහල්ලෙකු හා අත්දැකීම් සහිත උත්තම පූජකවරයෙක් වශයෙන් උපදේශ හා ඒකමතිකත්වයක් වැඩි දියුණු වැඩිවීමත් සමග ඒ හා සමානව ඝණපූර්නය හා පැවරුම් තුලත් එම පළපුරුද්ද බෙදාහැරීම් කෙරේ.

සභානායකවරු සහ ශාඛා සභාපතිවරු තම රැළ රැකබලා ගැනීමට හා අවශ්‍යයතා ඇති අය සඳහා ඒවා සපුරාලීමට තම එඬේරුන් උද්යෝගීමත් කිරීම සඳහා නිදහස්ය.

සෑම කොට්ටශයක් හා ස්ටේකයක්ම එකිනෙකට වෙනස් බව අපි වටහාගෙන සිටිමු. මෙම වෙනස්කම් අවබෝධ කරගනිමින්, ඔබ මෙම වෙනස්කම් සමගම මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් ඔබ අනුගමනය කරනු ඇති බව අපි බලාපොරොත්තු වෙනවා. දෙවියන්වහන්සේගේ අනාගතවතෘවරයෙකු අපට මඟ පෙන්වීම ලබා දී ඇත! මොන තරම් ඉමහත් ආශීර්වාදයක් හා වගකීමක්ද. අපි එය ධර්මිෂ්ඨව හා කඩිසරකමෙන් එය සම්පූර්ණ කරමු!

පූජක අධිකාරිය රඳා පවතින්නේ පූජකත්ව නියමය ඇති කිරීම මත බව මම ඔබට මතක් කර දෙමි. නමුත් සැබෑ පූජක බලය, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරීමට බලය ධර්මිෂ්ඨ ජීවන මාර්ගයෙන් පමණක් ලැබිය හැකිවේ.

ප්‍රතිසංස්කරණයේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වෙත ස්වාමින්වහන්සේ ප්‍රකාශ කල සේක:

“බලන්න, මම ඔබේ බැටළු රැළවල් බලාගන්නෙමි. එවිට වැඩිමහල්ලෝ නැඟිට ඔවුන් වෙතට එවන්නෙමි.

“බලව, මම එහි කාලයෙහි මාගේ ක්‍රියාව ඉක්මන් කරමි.”6

ඇත්තවශයෙන්ම, මෙය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ක්‍රියා ඉක්මන් කරන කාලයයි.

අපි සෑම කෙනෙකුම මේ අවස්ථාව යොදාගනිමු අපගේ ජීවිත උන්වහන්සේගේ කැමැත්ත පරිදි වඩා උචිත කර ගැනීමට හා අපගේ ජීවිත පරාවර්තනය හා වැඩිදියුණු කිරීමට එවිට උන්වහන්සේ විසින් සැබෑ හා විශ්වාසවන්ත බවට පොරොන්දු කර ඇති බොහෝ ආශීර්වාද ලැබීමට අපි සුදුසන් බවට පත්වේ.

සහෝදරයෙනි, ඔබ මේ කාර්යය ඉටු කිරීම සඳහා කරන සියලු දේට ස්තුතියි. මේ ශ්‍රේෂ්ට හා ගෞරවනීය දේ අපි ඉදිරියට රැගෙන යමු.

අහෝ, යුද්ධය අවසන් වූ විට,

ගැටුම් හා ගැටුම් නතර වන විට,

සියලු දෙනා ආරක්ෂිතව එකතු වන විට

සාමයේ වාතාවරණය තුළ,

සදාකාලික රජු ඉදිරියේ,

ඒ අතිවිශාල සහ බලසම්පන්න පිරිස්

උන්වහන්සේගේ නාමය සදහටම ප්‍රශංසා කරනු ඇත.

මෙය ඔවුන්ගේ ගීතය වනු ඇත:

ජයග්‍රහණය, ජයග්‍රහණය,

අපව මුදාගත් තැනැත්තා මාර්ගයෙන්!

ජයග්‍රහණය, ජයග්‍රහණය,

අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් තුලින්!

ජයග්‍රහණය, ජයග්‍රහණය, ජයග්‍රහණය

අපේ ස්වාමීන්වහන්සේ වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින්! 7

අද අපි සියලුදෙනාම උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් මගින් දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිබද සාක්ෂි දරමු. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මිහිපිට සිටින අනාගතවක්තෘවරයා බව මම සාක්ෂි දරමි. අපගේ ශ්‍රේෂ්ට වූ ගැළවුම්කාරයාණන් වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂිය මම දරමි. මෙය උන්වහන්සේගේ කාර්යය; මෙය උන්වහන්සේගේ අභිමතයයි, මම මා විසින් ප්‍රකාශ කරන ලද සාක්ෂි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න