2010–2019
ක්‍රිස්තුස් වහන්සේ ඔබට කමා කළාක් මෙන්, ඔබද, එසේ කරන්න
2018 අප්‍රියෙල්


ක්‍රිස්තුස් වහන්සේ ඔබට කමා කළාක් මෙන්, ඔබද, එසේ කරන්න

අපට විරුද්ධව වරද කර ඇති අයට අප කැමැත්තෙන්ම සමාව දීමට ඉගෙන ගත්විට අපට කිව නොහැකි තරම් සහනයක් ලබාගැනීමටත් ගැවුම්කරුවානන්ගේ කොටස්කරුවන් වීමටත් පුළුවන්.

“සතියේ පළමුවන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ වුවද ද්‍රව්‍යද රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙයළඟට ගියහ”.

“ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝය.”

“ඔවුහු ඇතුළු වු කල එහි ජේසුස් ස්වාමින් වහන්සේගේ ශරීරය නුදුටුවෝය”.

“එවිට, ඔවුන් වියවුල් ව සිටියදී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ:

“ඒ දුටු ඔවුන් බියපත් ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කළ ඒ මනුෂ්‍යයෝ කතා කොට, ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද?

“උන්වහස්සේ මෙහි නැත, උන්වහන්සේ උන්ථාන වු සේක.”1

හෙට දින, පාස්කු ඉරිදා, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කල දේ සුවිශේෂීවු ලෙස අප සිහියට නගනවා. “දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කීවොත් තම ඒක ජාතක පුත‍යාණන් වුවද ලොවට දෙවා වදාළ සේක, උන්වහන්සේව අදහනු ලබන කවරෙකු වුවද විනාශ වන්නේ නැත, නමුත් සදාකාල ජීවිතය උරුම කර ගන්නා සේක”2 අවසානයේදී, සදාකල් ජීවත්වීමට, එතුමන් සේ අපද මරණයෙන් නැවත නැගිටිනු ලබයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධවු වන්දි ගෙවීමේ ප්‍රාතිහාර්ය තුළින්, අප කලපවු හා වැරදි වලට අපටද සමාව දීමේ ත්‍යාගය ලබාගත හැකියි, පසු තැවීමේ වගකිම හා අවස්ථාව අප භාරගන්නවා නම්. අවශ්‍ය නියෝගයන් ලබාගෙන, ගිවිසුම් තබමින්, ආඥාවන්ට කීකරුවීම මගින්, අපට සදාකල් ජීවනය හා උත්කර්ෂය ලබාගත හැකියි.

ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ, අපගේ ගැලවුම්කරුවනානන් හා මිදුම්කරුවානන් විසින් අපට පිරිනමා ඇති වැදගත් වටිනා ත්‍යාගය වන, සමාව දීම පිළිබඳව අද මම යොමුවීමට කැමැත්තෙමි.

1982 දෙසැම්බර් රාත්‍රියක, අයිඩහෝ පොකැටෙලෝ හී අප නිවසට ලැබුනු දුරකථන ඇමතුමකින් මාගේ බිරිඳ ටෙරීත්, මාත් අවධි කෙරුනා. දුරකථනයට මා උත්තර දුන් පසු ඇසුනේ ඉකි ගැසීමක් පමණි. අවසානයේ ඉතාමත් වෙහෙස වු හඬින් පැවසුවේ, “ටොමි මැරිලා ”

පැයට සැතපුම් 85කට වැඩි වේගයෙන්, නොසැලකිලිමත්ව නැවතුම් පහන හරහා කොලරාඩෝ, ඩෙන්වර් උපනගරයේ, විසි හැවිරිදි බීමත් රියදුරෙක් ජෝඈන් වන, ඔහුගේ බිරිඳත් ඔහුත් එකසැනින් මරණයට පත් කරමින්, ටොමී, මගේ බාල සහෝදරයා විසින් පැදවු රථයට සහාසික ලෙස ගට්ටනය වුවා, ඔවුන් නත්තල් සාදයක් ඉවරවී නිවහනේ තම තරුණ දියණිය වෙත පැමිණෙමින් සිටියා.

ඩෙන්වර් වලට ඉක්මනින් පියාසර කල මාත් මගේ බිරිඳත් මෝචරිය වෙත ගියා. අපේ දයාබර ටොමි හා ජොඈන්ගේ නැතිවීම ගැන දෙමාපියන්, සහෝදර සහෝදරියන් සමඟ එක්ව අපි දුක් වුවා. කිසිම තේරුමක් නැති සාහාසික ක්‍රියාවකටයි අපට ඔවුන් අහිමි වුයේ, අපේ හදවත් බිඳිලා, අපරාධය කරපු ඒ තරුණයා කෙරෙහි ක්‍රෝදය මගේ හදවතේ නැගෙන්න පටන් ගත්තා.

ටොමි එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්ථමේන්තුවේ නීතිඥයෙක් ලෙස සේවය කලා. ඔහු වසර කිහිපයකින් ස්වාභාවික සම්පත් හා ස්වදේශිත ඇමරිකානු ඉඩම් ආරක්‍ෂා කිරීම සඳහා ශක්තිමත් අධිනීතිඥයෙක් වීමේ මාර්ගයේ සිටියේ.

ටික කලකට පසුව, උසාවි නඩු තීන්දුවෙන් තරුණයා රථවාහන පිළිබඳ මනුෂ්‍යඝාතනයක වගකීමට වැරදිකරු විය. ඔවුන්ගේ දුක ශෝකය තිබියෙදී, මගේ දෙමාපියන් හා වැඩිමහල් සොහොයුරිය නඩු විභාගයට සහභාගි වුනි. නඩු විභාගය අවසානයේ සහභාගිවී සිටි බීමත් රියදුරාගේ දෙමාපියන් බංකුවේ වාඩිවී වැළපුනා. මගේ දෙමාපියන් හා සොහොයුරිය යාබද බංකුවක වාඩිවී ඔවුන්ගේ හැඟීම් පාලනය කිරීමට උත්සාහ දැරූහ. මොහොතකට පසුව, ඔවුන් නැගිට ගොස්, රියදුරාගේ දෙමාපියන් සනසා සමාව දුන්නේය. පුරුෂයන් අතට අත දුන්නා: ස්ත්‍රීන් දෑත් අල්ලා ගත්තා: සැමට කඳුලක් ශෝකයක් තිබුනා හා පවුල් දෙකම බොහෝ විඳවපු බව පිළිගැනුනි. සමාවදීම මොනවාගේද කියා නිහඩ ශක්තියෙන් හා ධෛර්යෙන් මවත්, පියාත්, කේටීත් අපේ පවුලට පෙන්වා දුන්නා.

සුවය ලබන්න මාර්ගයක් සහ මගේ හදවත මෘදු වන්නත් හේතු වුවා ඒ මොහෙතේ සමාව දීම. කාලයේ වෑයමෙන් සමාව දීමේ හදවතක් ලබා ගත හැකි ආකාරය ඉගෙන ගත්තා. මගේ හදවත ටොමී හා ජේඈන් නැති පාළුව දැනේවි, නමුත් නිදහස්ව ප්‍රීතියෙන් ඔවුන් මතකයට නංවන්න සමාවදීම මට අවසර දෙනවා. නැවතත් පවුලක් වශයෙන් අප එක්ව ඉන්නා බව මම දන්නෙමි.

නීති විරෝධි හැසිරීමට සමාව දෙන්න කියා මම යෝජනා නොකරමි. අපි හොඳාකාරවම දන්වා පුද්ගලයින් ඔවුන්ගේ සිවිල් වැරදි වලට සහ සාපරාධි ක්‍රියාවන්ට වග කිවයුතු බවට. එහෙත් ඒ වාගේම අපි දන්නවා, දෙවියන්වහන්සේගේ දුවරුන් සහ පුත්‍රයන් ලෙස, අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමන කරන බව, අනෙක් අයට අපෙන් සාමවක් අවශ්‍ය නොවුනා සේ පෙනුනත් අප සමාව දිය යුතු බව.

ගැලවුම් කරුවානන් ඉගැන්වූ සේක

“ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නෙහු නම්, ඔබේ ස්වර්ගයේ පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක:

“නමුත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා නො කරන්නෙහු නම්, ඔබේ ස්වර්ගයේ පියාණන් වහන්සේ ඔබටත් කමා නොකරන සේක”3

අපට “විරුද්ධව වැරදි කරන” ඔවුන්ට කැමැත්තෙන් සමා දෙන්න ඉගෙන ගන්නා විට අපගේ ගැලවුම් කරුවාණන් සමඟ හවුල්කාරිත්වයක් සහ අසම සම සාමයත් අප සියල්ලන්ට ලබා ගත හැක. මෙම හවුල් කාරිත්වය අපේ ජීවිත තුලට නොවරදින සුළුව, සහ කිසිදා අමතක නොවන මාර්ගයක් ලෙස ගැලවුම් කරුවාණන්ගේ බලය ගෙන එන සේක.

අපෝස්තුළු පාවුළු උපදෙස් දුන්නේ:

“එබැවින් දෙවියන් වහන්සේ තෝරාගත් සැදැහැවතුන් ලෙස දයානුකම්පාවෙන්ද, කරුණාවෙන්ද, නිහතමානී කමෙන්ද, මෘදු කමෙන්ද, ඉවසිලිවන්තකමෙන්ද, සැරසී සිටින්න.”

“ එකිනෙකා ගැන ඉවසමින් එකිනෙකාට කමා කරන්න … : සමිදාණන් වහන්සේ ඔබට කමා කලාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කල යුතුයි4.”

ස්වාමීන් වහන්සෙ මෙසේ වදාළ සේක:

“එම නිසා, මම නුඹට කියමි, නුඹ එකිනෙකාට සමාවදිය යුතුය: තම සහෝදරයාගේ වැරදි වලට සමාව නොදෙන්නා ස්වාමීන් වහන්සේ ඉදිරිපිට වැරදි කරුවන්නේය. ඔහුගේ පවු ඉමහත්ය.

“ස්වාමී වු මම, සමාව දෙනු ලබන්නේ මා සාමව දෙන්නන්ටය, නමුත් සියළු මනුෂයින්ට සමාව දීම නුඹෙන් අවශ්‍ය වේ.”5

අපගේ ගැලවුම්කරුවානන්ගේ සහ මිදුම්කරුවානන්ගේ ඉගැන්වීම් පැහැදිලිය : ඔහු හෝ ඇය සමාව ලබා ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් පවුකරන්නා අනෙක් අයට සමාවදීමට කැමැතිවිය යුතුමය. 6

සහෝදර සහෝදරියනී, අපේ ජීවිතවල අපට රිද්දවපු මිනිසුන් සිටිනාවද? අමනාපය සහ කෝපය පිළිබඳ පූර්ණ යුක්ති සහගත මෙන් පෙනෙන හැඟීම් අප ලඟ තිබෙනවාද? අහංකාර කමට අප සාමාව දීම හා අත්හැරීමට ඉඩදෙනවාද? ඇතුලාන්තයෙන් සුවය සිදුවන්ටත් හා සම්පූර්ණයෙන් සමාව දීමට මම අප සියල්ලන්ටම ආරාධනා කරමි. සමාව දීම අද නොපැමිණුනත්, එය පැමිණේවි, අප එය ආශාකර හා ඒ සඳහා ක්‍රියාකරන විට දැන ගන්න, මගේ සහෝදරයාගේ මරණයෙන් පසුව අවසානයේ මට සිදුවු සේම එය පැමිණෙනු ඇත.

සමාව දීමේ වැදගත් මුලධර්මයට තමන්ට සමාවදීම ද ඇතුළත් වන බවද, මතක තබා ගන්න

ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක. “තමන්ගේ පවුවලට මනස්තාප වු තැනැත්තා, සමාව ලබයි, සහ ස්වාමීවු, මම, ඒවා මතක තබා නොගනිමි”7

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයන් අනුගමනය කරන්න හා මතක තබා ගන්න අද දින මම සියල්ලන්ගෙන් අයැද සිටිමි. ගොල්ගොතා හී කුරුසය මත උන්වහන්සේ වේදනාවෙන්, එතුමන් මෙම වචන වදාල සේක. “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව: ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති” 8

සමාවදීමේ ආත්මයකින් හා ඒ මත ක්‍රියා කිරීමෙන් මාගේ දෙමාපියන් හා වැඩිමහල් සහෝදරිය සේ, ගැලවුම් කරුවානන්ගේ පොරොන්දුව අපට තේරුම්ගත හැකිය : “ශාන්තිය ඔබ වෙත ප්‍රධානය කර යමි: මාගේ ශාන්තිය ඔබට දෙමි, මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත කැළඹෙන්නට වත් බිය වෙන්නටවත් ඉඩ නොදෙන්න”9

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අවධානය දී සහ අන්අයට සමාව දීමෙන් උන්වහන්සේගේ ආදර්ශ අනුගමනය කරන විට අපේ ජීවිත වලට මෙම ශාන්තිය පැමිණෙ බවට මම ශාක්ෂි දරමි. අප සමාව දෙන විට, උන්වහන්සේගේ බලය හා ප්‍රීතිය අප ජීවිත තුලට ගලා එන බවත් සහ ගැලවුම්කරුවාණන් වහන්සේ අපව ශක්තිමත් කරන බවටත් මම පොරොන්දු වෙමි.

සොහොන් ගෙය හිස්ය. ජීවමානයි ක්‍රිස්තු තුමන්, උන්වහන්සේව මම දනිමි. උන්වහන්සේගේ කරුණාමහිමයට මා ස්තුති වන්තයි, එය සියළු දේ සුව කරන්නට ප්‍රමාණවත් සහ ශක්තිමත් කිරීමේ බලයද එයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධවු නාමයෙන්, ආමේන්.

මුද්‍රණය කරන්න