2010–2019
දිවසිවරයෙකුගේ හදවත
2018 අප්‍රියෙල්


දිවැසිවරයෙකුගේ හදවත

ස්වාමින් වහන්සේගේ කාර්යය උන්වහන්සේ දිව්‍යමය ලෙස නිර්දේශ කර ඇති ආකාරයට කරන්නට ස්වාමින්ගේ දිවැසිවරුන් පිහිටුවා ඇති එක ගැන අපට සතුටු විය හැක.

මා යාච්ඥා කර සිටිනවා, අද දවස තුල මෙම ස්වර්ගීය අවස්ථාවේ ශුද්ධාත්මයාණන් අප තුල වැඩ වසන ලෙසට, මෙම උදාර සම්මේලනයෙදී අපි සියල්ල සමූහයක් ලෙස සාක්‍ෂි දැරූ, මෙම කාලපරිච්චේදයේ දාහත්වැනි දිවැසිවරයා ස්ථිරකිරීම ඉතාමත් ආකර්ශනීයයි.

අද දින තුල දෙවියන් වහන්සේගෙන් මා විසින් කථා කල යුතු මාතෘකාව පිළිබඳව මග පෙන්වීමක් බලාපොරොත්තුවෙන් සිටින විටදී, මට කල්පනා වුවා මෑතකදී අළුතින් පත්වු පළමු සභාපති සමඟ වු සාකච්ඡාවක් පිළිබඳව. මෙම සාකච්ඡාවේ එක් උපදේශකයෙකු මෙසේ වචන බෙදා ගත්තා, “මා ඇත්තටම බලාපොරොත්තු වෙනවා සභාවේ සාමාජිකයන්ට, අළුත් දිවැසිවරයෙකු, කැඳවීමෙහි ඇති වැගත්කම තේරුම් ගැනීමට හැකියාව ඇති බවට, එනම් සභාපති රසල් එම්. නෙල්සන් කැඳවීමෙන් මෙම ප්‍රධාන සම්මන්ත්‍රනයේ සිදුවෙන්න යන්නාවූ එම රැස්වීමේ වැදගත්කම සහ පූජණියත්වය දන්නා බවට”. ඔහු තවදුරටත් පවසනවා, එය සිදුවී දැනට වසර දහයක් වෙනවා, බොහෝමයක් විශේෂයෙන් පල්ලියේ තරුණ පිරිසයට එය මතක හෝ අත්දැක හෝ නොමැති වෙන්නට පුළුවන්.

රූපය
සභාපති ඩේවිඩ් ඕ. මිකේ

මෙය මට හේතුවක් වුනා මාගේ මතකයන් අවතීර්ණ කිරීමට. මට මතකයි සභාපති ඩේවිඩ් ඕ. මිකේ ඔහු මිය යන විට මට අවුරුදු 14යි. මට මතකයි ඔහු නැති වීමත් සමඟ දැනුනු දුකත් මාගේ මවගේ දෙනෙත් වල කඳුළුත් ඒ වගේම අපේ මුළු පවුලටම දැනුණු කනගාටුවත්.මට මතකයි සභාපති ඩේවිඩ් ඕ. මිකේට ආශිර්වාද කරන්න කියා මගේ යාච්ඥාවල මා නොදැනුවත්වම කියනවා, ඔහු මියගිය පසුත්වත් එම වචන ඉබේටම පාවිච්චි කරනවා මට මතකයි. මට විශ්වාසයක් තිබුනේ නැහැ එම හදවතේ මනසේ වු හැඟිම හා ස්ථිර විශ්වාසය තවත් අනුප්‍රාප්තිකයෙකු වෙත ඇතිවීමට හැකි බවට. එහෙත් මවක්, පියෙක් තම දරුවන් එකිනෙකාට ප්‍රේමකරනවා මෙන් මට ආදරයක්, බැඳීමක් හා සාක්‍ෂියක් ගොඩ නැගුණා සභාපති මිකේට පසුව පැමිණි සභාපති ජෝසේෆ් ෆීල්ඩින්ග් ස්මිත් වෙත, හා ඉන්පසු කැදවීම ලත් එක් එක් සියලූ සභාපතිවරයෙකුටම, හැරල්ඩ් බී. ලී, ස්පෙන්ස ඩබ්ලිවු. කිම්බල්, එස්රා ටැෆ් බෙන්සන්, හවඩ් ඩබ්ලිවු. හන්ටර්, ගෝර්ඩන් බී. හින්ක්ලී, තෝමස් එස්. මොන්සන්.සහ දැන් සභාපති රසල් එම්. නෙල්සන්. මා හදවතින්ම මෙම සියළු සභාපතිවරයන්ම ස්ථිර කරනවා, අත හා සිත එසවීම තුලින්.

සෑම පසුවන අපගේ ආදරණීය සභාපතිවරයෙකු කෙරෙහි අපහට දුකක් දැනීම සාමාන්‍යයි. එහෙත් එම හිත් තැවුල තුනී වී යනවා. එනම් අපට සතුට හා බලාපොරොත්තුව ලැබෙනවා ඒක මහත් ආශිර්වාදයක් අත්විදීම තුලින්, ඒ පොලවෙහි අප අතර තවත් එක් දිවැසිවරයෙකුට කැදවීම ලැබීම හා ස්ථිර වීමේ ආශිර්වාදය නැවත පිහිටුවීම තුලින්.

එයත් සමගම, මම කථාකරන්නම් මෙම දිව්‍යමය ක්‍රියා පටිපාටිය පිළිබඳව, මෙම පසුගිය දින 90 තුල සිදුවු දෑ මම එය කොටස් 4ට කඩා මෙසේ විස්තර කරන්නම්. පළමුව අපගේ ආදරණිය සභාපතිතුමාගේ අභාවප්‍රාප්තිය. නව සභාපතිවරයෙකු හඳුනාගැනීමට ගතවන කාල පරිච්චේදය. තෙවනුව නව සභාපතිවරයෙකු හා පළමු සභාපතිත්වය කැඳවීම. හතරවෙනුව ගරු සම්මේලනයේ නව සභාපතිවරයාව හා පළමු සභාපතිත්වය ස්ථිර කිරීම.

සභාපතිවරයාගේ අභාවප්‍රාප්තිය

රූපය
සභාපති තෝමස් එස්. මොන්සන් ගේ අවමංගල්‍ය
රූපය
සභාපතිතොමස් එස්. මොන්සන්

2018 ජනවාරි මස 02 දා අපගේ ආදරණිය දිවැසිවර තෝමස් එස්. මොන්සන් තිරයෙන් එහාට ගමන් කලා. එහෙත් ඔවුට අපගේ හදවතේ හි සැමදා ඉඩක් තිබෙනවා. සභාපති හෙන්රි බී. අයිරින් සභාපති මොන්සන්ගේ සමුගැන්මේදී අපගේ හැගීම් ලුහුඩු ලෙස මෙසේ විස්තර කර සිටියා, “ඔහුගේ ජීවිතයෙහිකැපී පෙනෙන දෙය නම් , අපගේ ගැලවුම් කරුවාණන් මෙන්, ලෝකය පුරාවට සිටින, සියළුම දුප්පත්, අසරණ අයට ඒ වගේම සියලුම පුද්ගලයන්ට සැලකීමයි”1.

සභාපති ස්පෙන්ස ඩබ්ලිවු. කිම්බල් විස්තර කරනවා,

“එක් තරුවක් ක්‍ෂිතිජයේ ගිලෙනා විට, තවත් තරුවක් කරලියට එක්වෙනවා, මරණය, ජීවයඇතිකරනවා.”

“ස්වාමින් වහන්සේගේ ක්‍රියා වලට අවසානයක් නැත, ශක්තිමත් නායකයෙකු මියගිය වුවද, සභාව තුල එක් ක්‍ෂණයක වත් නායකයෙකු නොමැති වන්නේ නැත, ඒ උන්වහන්සේගේ රාජධානියෙහි සදාකාලීභාවය හා පැවැත්ම පිළිබඳව දුර දක්නා තාවය බැලීමට ස්තුතිවන්ත වෙනවා. මොකද, එය පෙරද සිදු වී ඇති බැවින් … එනම් මෙම කාලපරිචේදයට පෙර. මිනිසුන් ගෞරවයෙන් සොහොන්කොත වසා දෑස් පිසදා අනාගතය දෙසට මුහුණ හරවා ගන්නවා.”2

අපෝස්තලික අරාජක කාලය

එක් දිවැසිවරයෙකු මිය යාමත්, තව සහභාගිත්වයක් හඳුනාගන්නටත් අතර මැදිව ගෙවෙන කාලය “අපෝස්තික අරාජක කාලය”ලෙස හැඳින්වේ. මෙම කාලය තුල දොළොස් දෙනාගේ ඝණ පූර්ණය අපෝස්තුළු වරුන් ඝණ පූර්ණයෙහි සභාපති තුමාගේ නායකත්වය යටතේ, සාමූහිකව එකතු වනවා සභාවෙහි නායකත්වය පරිපාලනය කරන්නට. සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්උගන්වනවා , සභාවෙහි සැම විටම නායයෙකු සිටින බව. සභාවේ සභාපති මියගිය හෝ වෙනත් කිසියම් දෙයක් සිදු වුවහොත්. ඊළඟට සිටින නායකයා වන්නේ අපෝස්තුළුවරුන් 12 දෙනායි. ඒ නැවත සභාපතිත්වයක් පත්වන තුරු.” 3

රූපය
අපොස්තුළුවරු දොළොස්දෙනාගේ ඝනපූර්ණය

මෑතක වු අරාජිත කාලය ආරම්භ වුයේ 2018 ජන 02 දින මොන්සන් සභාපතිතුමාගේ අභාවයත් සමගය, එම කාලය අවසන් වුයේ 2018 ජන 14 වන ඉරුදින, එම සබත් උදෑසන, දොළොස් දෙනාගේ ඝණපූර්ණය දේවමාලිගාවෙහි උඩු මහලේ කාමරයක රැස්ව නිරාහාරව යාච්ඥා කලේය, ජේෂ්ඨ අපෝස්තුළු හා 12 දෙනාගේ ඝණපුර්ණයේ සභාපති වන සභාපති රසල් එම්. නෙල්සන්ගේ නිර්දේෂනය යටතේ.

තව දිවැසිවරයෙකුගේ කැඳවීම

මෙම පූජනීය අමතක නොවන රැස්වීමේ අර්ධ වෘත්තාකාර පුටු 13ක හිද සිටින ජේෂ්ඨයන් සමඟ, හොඳින් සුපිහිටි සම්මතියක සොයුරන් අත ඔසවා ප්‍රථමයෙන් පළමු සභාපතිත්වය ස්ථිර කිරීමත් පසුව සභාපති රසල් මීරියන් නෙල්සන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපති ලෙස ස්ථිර කරයි. මෙම ස්ථිර කිරීමත් සමගම දොලොස්දෙනාගේ ඝණපූර්ණය වෘත්තයක් සේ එකතු වී, ඔහුගේ හිස මත අත තබමින්, ඊලඟට සිටින ජේෂ්ඨ සභාපතිවරයාගේ හඬ සමඟ සභාපති ලෙස පත්කර වෙන්කර ප්‍රකාශ කරනවා.

සභාපති නෙල්සන් පසුව ඔහුගේ උපදේශකයන් නම් කරනවා, සභාපති ඩලින් හැරිස් ඕක්ස, සභාපති හෙන්රි බෙනියන් අයිරින්, ඒ සභාපති ඕක්ස් දොලොස්දෙනාගේ ඝණපුර්ණයේ සභාපති ලෙස හා සභාපති මෙල්වින් රසල් බැලර්ඩ් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩ බලන සභාපති ලෙස, පෙර මෙන්ම කැමැත්ත ප්‍රකාශ කර ස්ථීර කිරීම් වලින් පසුව, මෙම සහෝදරයන් එක් එක්කෙනාව, ඔහුගේ ගෞරවනීය නිලයන්වලට සභාපති නෙල්සන් විසින් ස්ථීර කරනු ලබනවා. මෙය ඉතාම පූජනීය. ශුද්ධාත්මයාණන් පිරිපුන් අත්දැකීමක් වුවා. මාගේ පූර්ණ සාක්‍ෂිය දරනවා, දෙවියන් වහන්සේගේ කැමැත්ත, අපි ඉතා ලැදිව යාච්ඥා කල එදින එම ක්‍රියාකාරකම් හා සිද්ධින් තුලින් ඉතා ප්‍රබල ලෙස පිළිඹිබු වුවා.

රූපය
පළමු සභාපතීත්වය

සභාපති නෙල්සන් පත්කිරීමෙන් හා පළමු සභාපතිත්වය හඳුනාගැනීමෙන් පසුව, අපෝස්තලික අරාජක කාලය අවසන් වුනා. සහ අපූර්ව ලෙස අළුතින් සංස්ථාපිත වු පළමු සභාපතිත්වය, විනාඩියක්වත් අපතේ නොයවා එසැණින් ක්‍රියා කිරීමට පටන් ගනු ලැබුවා දෙවියන් වහන්සේගේ රාජධානිය පොලොවෙහි පාලනය කරන්නට.

ශුද්ධ සම්මේලනය

මෙම උදෑසන, දිව්‍යමය ක්‍රියා පටිපාටිය මුදුන් පැමිණෙනවා ශුද්ධ ලියවිල්ලත් සමඟ, ඒ “සියළු දෙයක්ම සිදුවිය යුත්තේ අනුපිලිවෙලට හා පල්ලියේ සාමුහික සම්මුතිය මත, යාච්ඥාවෙන් හා ඇදහිල්ලේ යාච්ඤා ව සමඟින්”4 හා සභාවේ ආත්මවිශ්වාසයෙන්, ඇදහිල්ලෙන්, හා යාච්ඥාවෙන් “මුලසුන දරන ප්‍රධාන පූජකයන් තිදෙනා,... සභාවේ ඝණපූර්ණ සභාපතිත්වයක් හැඩගැසේ”.5

වැඩිහිටි ඩේවිඩ් බී. හයිට් විස්තර කරනවා අපි අද හවුල් වුවා මෙන්ම පෙර සිදුවු සිද්ධියක් පිළිබඳව

“අපි සාක්‍ෂ දරනවා හා හවුල්වනවා, ඉතාමත් පූජනීය අවස්ථාවකට. ස්වර්ගික දේවල් මත ක්‍රියා කරන උදාර සම්මේලනයකට ආදි කාලයේ මෙන්ම උපවාසයේ යෙදෙමින්, යාච්ඤාවේ කාලය ගතකරමින් ලෝකය පුරාවට සිටිනා සියළුම සාන්තුවරයන් විසින් ඔවුන්ට ස්වාමින් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ව දැනෙන ලෙසට. අද උදෑසන මෙම අවස්ථාව තුලින් අපි එය සාක්‍ෂි දැරුවා.”

“මෙය ශුදුධ වූ සම්මේලනයක් - නමින් ගම්‍ය වන ආකාරයටම, පූජනීය සෑම සාන්තුවරයෙක් ම එක් රැස් වී පලමු සභාපතිත්වය යටතේ සිදුවන ගෞරවනීය අවස්ථාවක්”.6

සහෝදර සහෝදරියනි. අපට සතුටු වන්නටත් හඬ නගන්නත් පුලූවන් ̎ “හෝසානා ̎කියමින් ----ස්වාමින් වහන්සේට ප්‍රීතිඝෝෂා නගන්නට පුළුවන්, එනම් උන්වහන්සේගේ මුඛය ලෙස ක්‍රියා කරන්නට අපට දිවැසිවරයෙකු සිටින නිසා උන්වහන්සෙ සන්තෘප්ත වනවා ඔවුන්වහන්සේගේ කාර්යන්, එම ස්වර්ගික නිර්දේෂයන් මතම සිදුවන නිසා.

සභාපති රසල් එම්. නෙල්සන්

මෙම දිව්‍යමය පත්කිරීමේ ක්‍රියාවලිය, මගපෙන්වනවා දිව්‍යමය කැඳවීම ලත් දිවැසිවරයෙකුට. සභාපති මොන්සන් පොලොවෙහි විසු එක් උදාර පුද්ගලයෙකු මෙන්ම සභාපති නෙල්සන් ද එසේම වේ. ස්වාමින්වහන්සේ විසින් ඔහුව හෘදයාංගමව සුදානම් කරලා තියෙනවා ඒවගේම නියත උපදේශනය ලබා දී තිබෙනවා මෙම කාලයේදී අපට මග පෙන්වන්නේ කෙසේද යන්නට. මෙම අවසාන කාලවකවානුවේ සභාවේ 17 වැනි සභාපති ලෙස - සභාපති රසල් එම්. නෙල්සන් අපගේ ආදරණීය සහ කැපවූ දිවැසිවරයා ලෙස සිටීම අපට ලොකු ආශිර්වාදයක් වනවා.

රූපය
සභාපති රසල් එම්. නෙල්සන්

සභාපති නෙල්සන් කියන්නේ ඇත්තෙන්ම අපූර්ව පුද්ගලයෙක්, ඔහු සමඟ දොළොස් දෙනාගේ ඝණ පූර්ණයෙ අවු. දෙකකට වඩා සේවය කරන්නට මට අවස්ථාව ලැබුනා. මා ඔහු සමඟ සංචාරය කර තිබෙනවා මෙන්ම ඔහුගේ ජවය පිළිබඳව මා පුදුමයට පත්ව තිබෙනවා. ඔහුගේ ඇවිදීමේ වේගයත් සමග තව කෙනෙක්ට යෑමට නම් අනික් කෙනාට ඉක්මණින් ඇවිදීමට ඕනේ. මුළු එකතුවක් ගත් කල. ඔහු ගමන් කර ඇති රටවල් ගණන 133 ක්.

ඔහු අත දිගු කරන්නේ බාල මහළු සැමටමයි, ඔහු සෑම කෙනෙක්වම හදුනනවා සහ නම් මතක තබා ගැනීමේ විශේෂ දක්ෂතාවයක් තිබෙනවා. ඔහුව දන්නා සියල්ලන්ම සිටින්නේ තමන් ඔහුගේ ප්‍රියතමයා ලෙයසි. එය අප එකෙක්කෙනා - සමගත් එලෙසමයි. ඒ ඔහුගේ අව්‍යාජ ආදරය හා සෑම කෙනෙක් පිළිබඳවම සොයාබැලීම නිසා.

සභාපති නෙල්සන් සමඟ මාගේ සම්බන්ධය මූලික සභාවේ ඇති භූමිකාවෙන් වුවද ප්‍රධාන අධිකාරියට කැඳවීමට පෙර ගත කල බුද්ධිමය ජීවිතය පිළිබඳව මා හට සාමාන්‍ය හැදින්වීමක් තිබෙනවා. ඔබ සියල්ලක්ම වාගේ දන්නවා මෙන්, සභාපති නෙල්සන් ලොව කිර්තිමත් හදවත් ශෛලය වෛද්‍යාවරයෙක්, ඔහුගේ වෛද්‍යා වෘත්තියෙහි මුල් සමයේ, හදවත් පෙනහළු යන්ත්‍රය වැඩි දියුණු කිරීමේ පුරෝගාමියෙකි. හදවත් පෙනහළු බයිපාස් ක්‍රමය භාවිතා කරමින් 1951 දී, මනුෂ්‍යකු මත කල පළමුවන වියුර්ත හදවත් සැත්කමෙහි පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකුද වුවා. සභාපති ස්පෙන්ස් ඩබ්ලිව්. කිම්බල් දිවැසිවරයෙකු ලෙස කැඳවීම ලැබීමට කෙටි කලකට ඉහතදී සභාපති නෙල්සන් විසින් ඔහුට හදවත් සැත්කමක් සිදු කළා.

රූපය
සභාපති නෙල්සන් ශල්‍ය වෛද්‍යාවරයෙකු ලෙස

සිත්ගන්නාසුළු ලෙස, සභාපති නෙල්සන්ගේ වෛද්‍ය වෘත්තිය වූ හදවත් ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම, අවුරුදු 34කට පෙර ඔහුව දොළොස්දෙනාට කැඳවීමත් සමගම නිමා වුවද, එය නැවත ආරම්භ වුනා  අපොස්තුලුවරයෙකු ලෙස ලොව පුරා දසදහස් ගණනකගේ හදවත් ශක්තිමත්කර වැඩිදියුණු කිරීමට කැපවූ විට, සෑම කෙනෙකුවම ඔහුගේ වචන, ඥයානාන්විත ක්‍රියා,සේවය සහ ආදරය මඟින් හදවත් සුවකර ඔසවා තැබීමට ඔහුට හැකි වුනා.

රූපය
සභාපති නෙල්සන් අපොස්තුලුවරයෙකු ලෙස
රූපය
සභාපති නෙල්සන් සාමාජිකයින්ට ආචාර කරනවා
රූපය
සභාපති නෙල්සන් මුණුබුරන් සමඟ

ක්‍රිස්තුස්වහන්සේ මෙන් හදවත

එදිනෙදා කර්තව්‍යන් වලදී, ක්‍රිස්තුස් වහන්සේගේ හදවත දර්ශණය කරගන්නා විට මා දකින්නේ සභාපති නෙල්සන්වයි. ඔහු හැරෙන්නට මට වෙනත් කිසිවෙකු එම ඉහළ මට්ටමටම ක්‍රිස්තුස් වහන්සේගේ මෙන් හදවතකට උදාහරණයක් කිව හැකි කවුරුන්හෝ හමු වී නොමැත. සභාපති නෙල්සන්ගේ ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් හදවත කෙලින්ම විද්‍යාමාන වන තරාතිරමක මට සිටින්නට ලැබීම ඉතා අනගිය.

2015 ඔක්තෝම්බර් හි, දොළොස්දොනාගේ ඝණ පූර්ණයට කැඳවීම ලැබීමට පෙර, සති කිහිපයක් ඇතුලත, මට අවස්ථාව ලැබුනා යාන්තමින් සභාපති නෙල්සන්ගේ වෘත්තීය ජීවිතය දැකිමට. හදවත් සැත්කම් හි පුරෝගාමියෙකු ලෙස ඔහුට ගෞරවාන්විත සම්මානයකින් පිදුම් ලඳ අවස්ථාවකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුනා. මම එම ස්ථානයට ඇතුළුවනවාත් සමගම පුදුමයට පත්වුණා. කොපමණ විශාල ප්‍රමාණයක් වෘත්තිකයින් ඉන්නවාද සභාපති නෙල්සන් ගේ බොහෝ කලක් මුළුල්ලේ කල කර්තව්‍යයන් හඳුනා ගැනීමට හා ගෞරව කිරීමට.

එම සන්ද්‍යාවේ, වෘත්තීයවේදින් ගණනාවක් ඔහුගේ වෛද්‍ය විශේෂඥානය තුල සභාපති නෙල්සන්ගේ විශ්ෂ්ඨ දායකත්වයට ඔවුන්ගේ ගෞරවය හා ප්‍රසාදය පලකලා. සෑම ඉදිරිපත්කරුවෙකුගේම සභාපති නෙල්සන්ගේ විවිධ කෞශල්‍යයන්ගේ කතා සිත්ගන්නා සුළු අතර, මම අසළ අසුන්ගෙන සිටි එක් පුද්ගලයෙකුගේ කථාවක් ඇසීමෙන් මා තවත් විශ්මයට පත්වුවා. ඔහු මාව නොදනියි, එහෙත් සභාපති නෙල්සන්ව හඳුනනවා, වෛද්‍ය නෙල්සන් ලෙස, ඔහු 1955 වෛද්‍යා විද්‍යාලයක හදවත අක්‍රීය සැත්කම් නිවහන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂක යි .

මෙම පුද්ගලයා සභාපති නෙල්සන්ගේ පෙර සිසුවෙක්. ඔහුගේ රසවත් මතකයන් බොහෝමයක් ඔහු බෙදා ගත්තා. ඉතා සිත්ගන්නාසුළු ලෙස ඔහු සභාපති නෙල්සන්ගේ ඉගැන්වීම් ශෛලිය පිලිබඳව විස්තර කලා, ඔහු පැවසුවා, ඒ තුලින් ඔහුට විශාල වශයෙන් අපකීර්තියක් ගෙන ආ බව. ඔහු පැවසුවා හදවත් සැත්කම උගැන්වු විට එය මෙහෙය වන්නේ සැත්කම් කාමරවල සිට බව. එහිදී වාසය කරන්නන් බලා සිටිනවා හා සැත්කම් සිදු කරනවා පීඨයේ අධීක්‍ෂණය යටතේ පිරීක්‍ෂණ පන්ති කාමර වල සිට, ඔහු පැවසුවා ඇතැම් ශෛල වෛද්‍යාවරුනේගේ නිරීක්‍ෂණය යටතේ සිදුවන විට සැත්කම් කාමරය කෙතරම් ව්‍යාකුලද, තරඟකාරීද හා විශාල පීඩනයක් සහිතද බව, හා එමෙන්ම ඇතැමුන් බොහෝ අහංකාර බව. මෙම පුද්ගලයා විස්තර කළා එය ඉතා අමාරු වාතාවරණයක් ලෙස, සමරවෙලාවට අවමන් සහිතබව. එහි ප්‍රතිපලයක් ලෙස නේවාසික ව්‍යෛද්‍යවරුන්ට එය ඔවුන්ගේ වෘත්තීයේ අවසානය බව දැනුණු බවට.

පසුව ඔහු විස්තර කලා සභාපති නෙල්සන්ගේ සැත්කම් කාමරයේ ඇති අසාමාන්‍ය පරිසරය පිළිබඳව. එය සාමකාමී, නිහක්‍ෂ, හා ගෞරවයෙන් පිරි ස්ථානයකි. ඔහු වාසය කරන්නාට ගෞරවයෙන් සළකනවා. ක්‍රියාපටිපාටියන් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව වෛද්‍යා නෙල්සන් බලාපොරොත්තු වුනා සෑම ශිෂ්‍යකුගෙන්ම ඉහළම ප්‍රමිතියක ක්‍රියාකාරිත්වයක්. මෙම පුද්ගලයා තවත් විස්තර කලා හොඳම රෝගීන් හා හොඳම ශෛලය වෛද්‍යවරුන් නික්මෙන්නේ වෛද්‍යා නෙල්සන්ගේ සැත්කම් කාමරය තුලින් බවට.

මෙය මට කිසිසේත්ම පුදුමයක් නොවේ. මෙය නම් මා දොලොස්දෙනාගේ ඝණපූර්නයේ සේවයේ යෙදීමෙන් ලත් මහගු ආශීර්වාදයක් ලෙසයි එක්තරා ආකාරයට මට හැඟුනේ. එක විදිහකට මම ඔහුගේ එක් පුහුණු වීමේ නේවාසිකයෙකු ලෙසසි මට හැගෙන්නේ.

සභාපති නෙල්සන්ට විශේෂිත ආකාරයක් තිබෙනවා තව කෙනෙකුට ඉගැන්වීමට හා සුභවාදී ලෙස ගෞරවයෙන් හා යහපත් ලෙස කෙනෙකුගේ වැරදි නිවැරදි කරන්නට. ඔහු ක්‍රිස්තුස් වහන්සේ මෙන් හදවතක ප්‍රතිමූර්තියක් හා අප සැමට උදාහරණයකි. ඔහුගෙන් අපි ඉගෙන ගන්නවා, අපි මුහුණ දෙන ඕනෑම වාතාවරනයකදී, අපගේ ක්‍රියා හා හදවත ජේසුස් වහන්සේගේ ශුභාරංචියේ මුලධර්මයන් හා සමඟ එකඟත්වයක සිටීමට පිළිවන් බව.

දිව්‍යමය කැඳවීමක් ලත් අපේ දිවැසිවර, සභාපති රසල් එම්. නෙල්සන්ව දැන් අපට අනුමත කරන්නට ලැබීම ඉතා විශාල ආශිර්වාදයක්. තමන්ගේ ජීවිතයෙහි භුමිකාවන් ගණානාවක් විශාලව ඉෂ්ඨකල එනම්, ශීෂ්‍යාවක් ලෙස, පියෙක් ලෙස, මහාචාර්ය වරෙයකු ලෙස, සැමියෙකු ලෙස, වෛද්‍යවරයෙකු ලෙස, පූජකවර මුලිකයෙකු ලෙස, සීයා කෙනෙක් ලෙස හා අපෝස්තුළුවරයෙකු ලෙස. එම භූමිකාවන් එදා ඔහු ඉටු කළා - සහ ඉදිරියට ද ඉටුකරමින් කරමින් පවති - දිවැසිවරයෙකුගේ හදවතක් සමගින්.

සහෝදර සහෝදරියනි අද අපි සහභාගි වුන සාක්ෂි දැරු ශුද්ධ රුස්වීම මාගේ සාක්ෂියට මග පෙන්වනවා, මිනිස් වර්ගයාටම සභාපති රසල් එම්. නෙල්සන් ස්වාමින් වහන්සේගේ උපමුඛය බව. දෙව්පියාණන්, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් හා මිදුම් කරුවාණන් ලෙස එතුමන්ගේ භූමිකාව පිළිබඳව මාගේ සාක්ෂිය ද මම මෙයට එක් කරමි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්

මුද්‍රණය කරන්න