2010–2019
“ ඔවුන් සමග හිඳ, ශක්තිමත් කරන්න”
2018 අප්‍රියෙල්


“ඔවුන් සමග හිඳ ශක්තිමත් කරන්න”

අද දවසේදී අපේ යාච්ඤාව තමයි හැම පිරිමියෙක්ම සහ ගැහැණියක්ම එකිනෙකා ගැන හදවතින්ම සොයාබැලීමේ කැපවීමෙන් මේ ප්‍රධාන සම්මන්ත්‍රණය ඉවර වෙලා යාම.

රැල්ෆ් වොල්ඩෝ ඉමර්සන්ගේ වාක්‍යය, ජීවිතයේ ඉතා මතකයේ රදවා ගත හැකි මතකයන් වන්නේ අප හෙළිදරව් කිරීමේ හදිසි හැඟීමයි. සභාපති නෙල්සන්, මම දන්නෑ මේ සති අන්තයේ තව හදිසි හැඟීම් කොච්චර අපට හැසිරවිය හැකිද කියා. අපගෙන් සමහර අයට දුර්වල හදවත් තියෙනව. නමුත් මම ඒ ගැන සිතන විට, ඔබට ඒ ගැනත් බලාගන්න පුලුවන්. මොන තරම් විශිෂ්ඨ අනාගතවක්තෘවරයෙක්ද!

සභාපති නෙල්සන්ගේ පුදුම සහගත ප්‍රකාශයන් සහ සාක්ෂි ඊයේ රාත්‍රියේ සහ මේ උදෑසන, මම මා විසින්ම සාක්කි දරනව මෙම වෙනස් කිරිම් හෙලිදරව්වලට උදාහරනයක් කියල එය මෙම සභාවට මගපෙන්නුව ආරම්භයේ සිට. ඒවා විශාල සාක්කි ස්වාමීන්වහන්සේ ඔහුගේ කාර්යයන් කරනව කියල නිවැරදි කාලයටම.

මෙම කාරණා පිළිබඳ තොරතුරු ඉගෙන ගැනීමට උනන්දුවෙන් සිටින සියල්ලන්, මෙම සැසිවාරය අවසානයේ දී වහාම දැන ගන්න, අනුපිළිවෙල ආරම්භ වනු ඇත, මෙම නියෝගයේ අනිවාර්ය නොවේ, අප විසින් ඊමේල් ලිපිනයක් ඇති පල්ලියේ සෑම සාමාජිකයෙකුටම පළමු සභාපති ධුරයෙන් ලිපියක් යවනවා ඇත, සියලු පූජකත්වය සහ සහායක නායකයින් සඳහා ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්න පත්තර හතක් එකතු කර තියෙවි. අන්තිමේදී, එම ලිපි ලේඛන Ministrying.lds.org තුලින් ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ. “ඉල්ලන්න, එවිට ඔබට දෙනු ලැබේ; සොයන්න එවිට සම්බ වේ.”

සභාපති රසල් එම් නෙල්සන් මට සහ සහොදරි ජේන් බි. බිග්හම් හට දැන් පුදුම පැවරුමක් ලබාදුන්නා. සහොදර සහොදරියනි, පැහැදිලිවම ගණපූරණය සහ සහායක සභාව පරිණත වෙද්දී, ඒ ආකාරයටම අපිත් පෞද්ගලිකව පරිණත විය යුතු වෙනවා - ගැලවුම්කරුවාණන්ගේ පොළව මත සේවය අවසානයේදී උන්වහන්සේ විසින් සම්බන්ධ කල හදවතට දැනෙන අනුගාමිකත්වයේ ආකාරය ක්‍රම චර්යාවක් යැයි නොසිතා හැම යාන්ත්‍රික ක්‍රියාකාරකමක්ම අභිබවා පෞද්ගලිකව අපි නැගී සිටිය යුතුයි. උන්වහන්සේගේ අහිංසක සහ තරමක් අවුල් සහගතව සිටි කුඩා අනුගාමිකයන් කණ්ඩායම හැරයන්නට උන්වහන්සේ සුදානම් වෙද්දී, පරිපාලන පියවර ගණනාවක ලයිස්තුවක්වත් පිටපත් තුන බැගින් ඔවුන් සම්පුර්ණ කල යුතු වූ වාර්තා ගණනාවක්වත් උන්වහන්සේ දුන්නේ නැත. නෑ, ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් ප්‍රධාන පනතකින් උන්වහන්සේ සංක්‍ෂිප්ත කලේ මෙහෙමයි: “මා ඔබට ප්‍රේම කල ආකාරයට; එකිනෙකාට ප්‍රේම කරන්න …,” උන්වහන්සේ කී සේක. “ඔබ එකිනෙකාට ප්‍රේම කළහොත්, මේ තුලින් ඔබ මාගේ අනුගාමිකයන් බව සෑම මනුෂ්‍යයෙකුම දැනගනු ලබන්නේය.”

අපිව ශුභාරංචි පරමාදර්ශය සඳහා ලං කරන වෑයමක් ලෙස, පුදුමාකාර සාර්ථකත්වයෙන් යුතු සහන සමිතිය දැනටමත් ක්‍රියාවට නංවා ඇති ක්‍රියාකාරකම්ද සහිතව, මෙම අලුතින්ම නිවේදනය කල පූජකවර සහ සහන සමිති සේවයේ සංකල්පයට පහත සඳහන් දේ ඇතුලත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. .

  • නිවාස ඉගැන්වීම් සහ බැහැදැක ඉගැන්වීම් කියන භාෂාව අපි තවදුරටත් පාවිච්චි කරන්නේ නෑ. යම්තාක් දුරකට මෙසේ වන්නේ අපේ සේවය කිරීමේ වෑයම නිවාස තුල හැරුනම වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන් සහ අපේ මුණගැසීම් පාඩමක් බෙදාගැනීමට අවශ්‍ය වූ විටක හැර සුදානම් කරගත් පාඩමක් ඉගැන්වීමක් නොවෙයි. එහි පැහැදිලි කිරීම කුමන ආකාරයෙන් වුවත්, දේව සේවය කිරීමට මුණ ගැසීමේ මූලික අරමුණ බවට පත්වෙන්නේ, ඇල්මාගේ කාලයේ සෙනග ගැන අපි කියනවා වගේ, “එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ජනතාව බලාගනිමින් තවද ධර්මිෂ්ට කමට සම්බන්ධ දේවල් සමග ඔවුන්ව පෝෂණය කළේය.”

  • නිවාස බැහැදැකීම පුළුවන් ආකාරයට අපි කරමු, නමුත් විශාල සංඛ්‍යාවන්, දිගු දුර ප්‍රමාණයන්, පෞද්ගලික ආරක්ෂාව වැනි දේශීය තත්වයන් සහ අනෙකුත් අභියෝග, නිසා හැම මාසයකදීම හැම ගෙදරක්ම බැහැදකීම අවහිර වෙන්නට පුළුවන්. පළමු සභාපතිත්වය වසර ගණනාවකට කලින් උපදෙස් දුන් ආකාරයට, ඔබට ප්‍රයෝජනය සඳහා ඇති සෑම සම්පතක්ම ප්‍රයෝජනයට ගනිමින් ඔබට හැකි උපරිමය කරන්න.සැබෑ බැහැදැකීම් වලට අමතරව දුරකථන ඇමතුම්, ලියන ලද සටහන්, කෙටි පණිවිඩ, විද්‍යුත් තැපැල්, වීඩියෝ ඇමතුම්, සභා රැස්වීම් වලදී ඇතිවන සාකාච්ඡා, බෙදාගන්නා සේවා වැඩසටහන්, සමාජ ක්‍රියාකාරකම් වැනි ඔබ කරන ඕනෑම දෙයක් ඒ දින සටහන පරිපුර්ණ කරන්නට යොදාගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත්, මේ ආකර්ශනීය ආකල්පය මම මෑතකදී වාහනයක බම්පර් එකක් මත දැකපු ලේබලය වගේ වෙයි කියලා මට පීඩනයක් දැනෙනවා. ඒකෙ මෙහෙම තිබුනා, “මම නලාව ශබ්ද කලොත්, ඔබ ඉගෙනගෙන තියෙන්නේ ගෙදරදී.” සහෝදරවරුනි, කරුණාකර, (සහෝදරියන් කවදාවත් වරදක් හිතන්නෑ . මම සභාවේ සහෝදරයන්ට කතා කලාට) මේ ගැලපීම් වලින් අපිට අඩුවෙන් නෙවේ, තවත් වැඩියෙන් සැලකිල්ල හා උවමනාව අවශ්‍යයයි.

  • මේ අලුත් සහ ශුභාරංචියට වඩා නැඹුරු දේව සේවා සංකල්පය සමග, වාර්තාව මත ගණන් ගැනෙන්නේ මොනවාද කියා බයවෙන්නට ඔබ පටන්ගන්නවා කියලා මට හිතෙනවා. හොඳයි, සන්සුන්වෙන්න, මොකද එහෙම වාර්තාවක්වත් - මාසයේ 31 වෙනි දවසේදිවත් නැහැ “මට ඉතාමත් අමාරුවෙන් මගේ වගකීම ඉටු කරන්නට පුළුවන් වුණු” වාර්තාවක්වත් මෙහි නෑ. මෙතනදීත් අපි පරිණත වෙමින් පවතිනවා. එකම වාර්තාව බවට පත්වෙන්නේ, ඒ කාර්තුවේදී කොට්ටාශයේ නායකයන් දේව සේවා සහායකයන් සමග පවත්වන සම්මුඛ සාකච්ඡා ප්‍රමාණයේ සංඛ්‍යාව පමණයි. ඇසෙන ආකාරයටම එය සරලයි, මගේ මිත්‍රයෙනි, එම සම්මුඛ සාකච්ඡා අතිශයින් තීරනාත්මක ය. එම තොරතුරුවලින් තොරව බිෂොප්වරයා මිනිසුන්ගේ අධ්‍යාත්මික හා තාවකාලික තත්වයන් සම්බන්ධයෙන් තමාට අවශ්‍ය තොරතුරු ලබාගන්නට හැකි වෙන මාර්ගයක් නොවනු ඇත. මතක තබාගන්න: සහෝදරයන්ට දේව සේවය කිරිමෙන් බිෂොප්වරුන් සහ වැඩිමහිටි ගණපූරන සභාපති ධුරය නියෝජනය කරයි. ඔවුන් ඒ වෙනුවට අරගන්නේ නැත. බිෂොප්වරයේ සහ ගණපූරක සභාපතිගේ යතුරු මෙම උපහාර සංකල්පය ඉක්මවා ගොස් තිබේ.

  • ඔබ අතීතයේ ඉදිරිපත් කර ඇති ඕනෑම දෙයකින් මෙම වාර්තාව වෙනස් වේ. මම අවධාරණය කරන්නම් අපි සභා මූලස්ථානයට අවශ්‍ය නෑ ඔබ කොහොමදකොතැනකදනැත්නම්කවද්දඔබේ මිනිසුන් සමඟ සම්බන්ධතා ඇති කර ගත්තේ කියා දැනගැනීමට. අපට අවශ්‍යයි දැනගන්න ඔබ ඔවුන්ව රැකබලාගන්නවද කියල ඔබ එය කරනවද කියල සහ ඔබ ඔවුන්ට හැකි සෑම ආකාරයකින්ම ආර්ශිවාද කරනවද කියල.

සහෝදර සහෝදරියනි, අපිට තියෙනව ස්වර්ගයෙන් දුන් අවස්ථාවක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි නොකිලුටුවූ “පවිත්‍රර ආගම … ප්‍රදර්ශනය කිරීම සඳහා සම්පූර්ණ දේවස්ථානයක් දෙවියන් වහන්සේ ඉදිරියේ නොසැළී සිටිමට”—“එකිනෙකාගේ බර දරන්න, “ආලෝකය” වීමට සහ “සැනසිල්ල අවශ්‍ය අයට සැනසීම දීම,”දේව සේවය කිරිමට ධර්මය වැන්දඹුවන්ටත් පියවරුන් නැති අයටත් විවාහක සහ අවිවාහක, ශක්තිමත් සහ දුර්වල, හිරිහැරයටපත් සහ හැඩිදැඩි, ප්‍රීතිමත් සහ දුක්කිත - කෙටියෙන් කියනවනම්, අපි හැමෝටමත්, අපි එකිනෙකාටත්, පැහැදිලි කරන්නට අපිට ස්වර්ගයෙන් ලැබුණු අවස්තාවක් තියෙනවා, මොකද ඇදහිල්ලේ ශක්තිමත් ප්‍රකාශය අසන්නටත් උණුසුම සහ මිත්‍රත්වයේ හැඟීමත් අපි හැමෝටම අවශ්‍යයි. ඒ කොහොම වුනත්, මම ඔබට අනතුරු අගවනව අලුත් නමක්, නිර්භීත අලුත් ශුද්ධවූ ක්‍රම තුලින් අන් අය ගැන සැලකිලිමත්වීමේ මේ ක්‍රමයක් ලෙස අපි මෙය දකින තාක්, අලුත් නම්‍යශීලි බවක් සහ වාර්තා කීපයක් මේ සේවයේ අවුන්සයක තරම්වත් වෙනසක් ඇතිකරන්නේ නෑ.සභාපති නෙල්සන් දැන් කියපු ආකාරයට ප්‍රේමයේ නීතිය වඩා පොදු ලෙස දකින්නට අපි අපේ අධ්‍යාත්මික ඇස යොමුකරද්දී, අවුරුදු ගණනාවක් ඒ වගේ සේවය කරපු පරම්පරා ගණනාවකට අපි ප්‍රශංසා කරනවා. අපේ සහෝදර සහෝදරියන් සමග “ඔවුන් සමග එකට හිඳ ශක්තිමත්” කරන්නට” වූ ස්වාමින්වහන්සේගේ ආඥාව ඉතා හොඳින් ග්‍රහණය කරගන්නා බොහෝ දෙනෙක්ගේ කැපවීමත් බලාපොරොත්තුවත් පිලිබඳ මෑතකාලීන උදාහරණයක් මම සටහන් කරන්නම්.

පහුගිය ජනවාරි 14 වන ඉරිදා, හවස 5 පහුවෙලා ටික වෙලාවකට පස්සේ, බ්‍රෙට් සභානායකවරයා සමග සේවයෙන් පසු හා ක්‍රිස්ටීන් ඔවුන්ගේ දරුවන් පස්දෙනා බලාගැනීමේ කාර්යබහුල දිනයකට පස්සේ, ඇරිසෝනා වල ටෙම්පේ හී වාසය කරන මගේ තරුණ යහළුවන් දෙදෙනා වන බ්‍රෙට් සහ ක්‍රිස්ටීන් හැම්බ්ලින් ඔවුන්ගේ නිවසේ කතාබහක සිටියා.

කලින් වසරකදී පියයුරු පිළිකාවකින් පෙලුණු ක්‍රිස්ටීන්ගේ පිළිතුරුදීම එකපාරටම නැවතුනා. 911 ඇමතුමක් නිසා පැමිණි හදිසි අනතුරු කණ්ඩායම ඇයට සිහිය ගන්නට ඉතා අමාරුවෙන් උත්සහ කළා. බ්‍රෙට් ඉතා බැගෑපත්ව යාච්ඤා කරන අතරතුරදී, ඔහු ඉතා ඉක්මනින් තවත් දුරකථන ඇමතුම් දෙකක් ගත්තා: එකක් දරුවන් බලාගන්නට උදව් ඉලා ඔහුගේ මවට, අනෙක ඔහුගේ නිවාස ගුරුවරයා වූ එඩ්වින් පෝටර්ට. ඉන්පසු සිදුවූ කතාබහ මෙහෙමයි සිදුවුනේ:

අමතන්නා හඳුනාගත් එඩ්වින් මෙහෙම කිව්වා, “කොහොමද බ්‍රෙට්, මොනාද තොරතුරු?”

බ්රෙට්ගේ කෑගසන සුළු පිළිතුර වුනේ: “මට ඔයාව මෙතනට ඕනේ - මේ දැන්!”

බ්‍රෙට්ට ගණන් කරන්නට හැකි මිනිත්තු වලට වඩා ඉතා අඩුවෙන්, ඔහුගේ පූජකවර සගයා ඔහුගේ ළඟ සිටියා, ඔහු දරුවන් සමග උදව් කරමින් සහෝදර හැම්බ්ලින් ව ඔහුගේ බිරිඳ යන ගිලන් රථය පිටුපසින් ඔහු සමග රෝහලට ධාවනය කළා. එහිදී, ඇය ඇස් පියා මිනිත්තු 40 කටත් වඩා අඩු කාලයකින්, ක්‍රිස්ටීන් මියගිය බව වෛද්‍යවරුන් පැවසුවා.

බ්‍රෙට් සුසුම් හෙලන විට, එඩ්වින් ඔහුව තම දෑතින් අල්ලාගෙන ඔහු සමග ඉතා දිගු කාලයක් හැඬුවා. ඉන්පසු, බ්රෙට්ට පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග දුක්වෙන්නට ඉඩ හරිමින්, සිදුවූ දේ දැනුම් දෙන්නට එඩ්වින් සභානායකවරයාගේ නිවසට රිය පැදෙව්වා. සභානායකවරයා වහාම රෝහලට ගිය අතර එඩ්වින් හැම්බ්ලින් නිවසට ගියා. එහිදී ඔහු ඉතා ඉක්මනින් පැමිණි චාලට් නම් වූ ඔහුගේ බිරිඳත් එක්ක, දැන් මවක් නැතිවූ හැම්බ්ලින් දරුවන් පස්දෙනා සමග සෙල්ලම් කළා, ඔවුන් අවුරුදු 12 සිට 3 දක්වා වයස දරුවන්, ඔවුන්ගේ හවස ආහාර කවා කලින් සුදානමක් නොවු ගීතයක් ගයා ඇඳට යන්නට ඔවුන්ට උදව් කළා.

බ්‍රෙට් පසුව මට මෙහෙම කිව්වා, “මේ කතාවේ විස්මයට පත්වෙන කාරණය මම කතා කල විට එඩ්වින් පැමිණි කාරණය නෙවෙයි. හදිසි අවස්ථාවකදී උදව් කරන්නට ඕන තරම් මිනිසුන් ඉන්නවා. නෑ, මේ කතාවේ විස්මයට පත්වෙන කාරනාව මගේ හිතට ආපු එකම කෙනා ඔහුයි. මගේ වටේ තවත් සෙනග හිටියා. සැතපුම් තුනකවත් දුරකින් නොවන සහෝදරයෙක් සහ සහෝදරියක් ක්‍රිස්ටීන්ට ඉන්නවා. අපිට ඉතා ශ්‍රේෂ්ට සභානායකවරයෙක් ඉන්නවා. නමුත් මගෙත් එඩ්විනුත් අතර බැඳීම කොච්චරද කියනවනම් මට උදව් ඕන වෙලාවේදී ඔහුට කතා කරන්නට අවශ්‍ය බව මට එකපාරම දැනුනා. දෙවැනි පනත අනුව ජීවත්වෙන්නට සභාව අපිට හොඳ ආකෘතියක් සපයලා දීලා තියනවා, ඒ තමයි ප්‍රේමය, සේවය, ඒ වගේම අපිට දෙවියන්වහන්සේට ලං වෙන්නට උදව් වෙන සහෝදර සහෝදරියන් එක්ක සම්බන්දතාවක් ගොඩනගා ගැනීම.”

එඩ්වින් පෝටර් මේ පිලිබඳ ඔහුගේ අදහස බෙදාගත්තේ මෙහෙමයි, “වැඩිහිටි හොලන්ඩ්, “මේ කතාවේ පුදුමාකාර දෙය නම් මම ඔවුන්ගේ නිවාස බැහැදකින්නා වෙලා හිටියට වඩා වැඩි කාලයක් බ්‍රෙට් මගේ නිවාස බැහැදකින්නා වෙලා ඉඳලා තියනවා. ඒ කාලය පුරාම, පැවරුමකට වඩා යහළුවෙක් විදියට ඔහු අපිව බැහැදැකලා තියනවා. ක්‍රියාකාරී සහ සම්බන්ධිත පූජකවර දරන්නෙකු සිටිය යුතු අකාරයේ සංක්ෂිප්තයට ඔහු ඉතා හොඳ උදාහරණයක් උනා. මගේ බිරිඳත්, මගේ පිරිමි දරුවනුත්, මමත් හැම මාසයක්ම අවසානයේ අපිට පණිවිඩයක් අරන් එන්නට බැඳී සිටින්නෙක් විදියට ඔහුව දැක්කේ නෑ. අපේ පාරට පහළ එහා කොනේ ජීවත් වෙන අපේ මිතුරෙක් විදියටයි අපි ඔහු ගැන හිතුවේ, මේ ලෝකයේ අපිට ආශිර්වාද ලබාගන්නට ඔහු ඕන දෙයක් කරන්නට කැමති කෙනෙක්. මම ඔහුට ණයගැති වුනු දෙයින් සුළු ප්‍රමාණයක් හරි ගෙවන්නට පුළුවන් වීම ගැන මට සතුටුයි.”

සහෝදර සහෝදරියනි, ඉතිහාසය පුරාම මේ ආකාරයට අපිට ප්‍රේම කරලා තියන සහ විශ්වාසවන්තව සේවය කරලා තියන සෑම ගුරුවරයෙකුටම, කොට්ටාශ ගුරුවරයෙකුටම සහ නිවාස ගුරුවරයෙකුටම, බැහැදැක උගන්වන ගුරුවරයෙකුටම ඔබ එක්ක එකතු වෙලා මම ආචාර කරනවා. අද අපේ යාච්ඤාව මේ ප්‍රධාන සම්මන්ත්‍රණය ඉවර වෙලා යන හැම පිරිමියෙකුම සහ ගැහැනියෙකුම සහ අපේ වැඩිමල් තරුණ ගැහැණු ළමයි සහ පිරිමි ළමයි හැමකෙනෙක්ම ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු ආදරයෙන් පෙලඹවිලා අන් අය ගැන හදවතින්ම සැලකිලිමත්වීමේ කැපවීමකින්, යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. . අප සියලු දෙනාටම හැඟෙන්නේ අපගේ සීමාවන් හා දුර්වලතා වේ- අපි හැමෝටම අභියෝග තියෙනවා- එහෙත්, මිදි වත්තේ ස්වාමියා සමඟ අපි එකට වැඩ කරමු යාච්ඤාවකට පිළිතුරු දීමෙන්, සැනසීම ලබා දෙමින්, කඳුළු වියලමින්, සහ දුබල දණහිස් තුරන් කරමින් අප සියල්ලන්ගේම දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේට සිය කාර්යභාරය ඉටු කිරීම අපගේ උදව් ලබාදෙමු. අපි එසේ කරනවා නම්, අප ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ගෝලයන් මෙන් වන්නෙමු. මෙම පාස්කු ඉරිදා, උන්වහන්සේ අපිට ප්‍රේම කළාක් මෙන් අපිත් එකිනෙකාට ප්‍රේම කරමු.මම මෙසේ යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න