2010–2019
සියලුම ආරෝනික පූජකවරු වටහාගත යුත්තේ මොනවාද
2018 අප්‍රියෙල්


සියලුම ආරෝනික පූජකවරු වටහාගත යුත්තේ මොනවාද

ඔබගේ ආරෝනික පූජකත්වය මුල් කොට ගනු ලබනුයේ දෙවියන්වහන්සේගේ දරුවන් හට ක්‍රිස්තුස්වහන්සේගේ පව් කමා කිරිමේ බලය ලබාගැනිමට උපකාර කිරිමටයි.

සහෝදරවරුනි, මෙම ඓතිහාසික සමුළුවට ඔබ හා එක්වීමට ලැබීම භාග්‍යකි. මා නව ධර්මදූත සභාපති වූ විට නව ධර්මදුත කන්ඩායම් ලැබීම ගැන මට මහත් සතුටක් දැනුණා. වඩාත් අත්දැකීම් ලත් ධර්මදුතයින් කිහිපදෙනෙකු ඔවුන් සමඟ කෙටි රැස්වීමක් සඳහා සූදානම් වෙමින් සිටියා, මා දුටුවා ඔවුන් දරුවන්ගේ පුටු අර්ධ වෘත්තාකාරයක් ලෙස හැඩගන්වා තිබෙන ආකාරය.

“මෙම කුඩා පුටු සකස් කර අත්තේ ඇයි?” මා විමසුවා.

ධර්මදුතයෝ ඉතාමත් ලැජ්ජාශිලිව “අපගේ නව ධර්මදුතයින්ට” බව පවසා සිටියා.

අප අන් අය දකින ආකාරය, ඔවුන් කව්රුන්ද යන්න සහ අනාගතයේ ඔවුන් කව්රුන් බවට පත්වේද යන්නට සැලකිය යුතු බලපෑමක් ඇති බව මම විශ්වාස කරනවා.1 අපේ නව ධර්මදුතයින් එදින වැඩිහිටි පුටු මත හිඳගත්තා.

මා බිය වන්නේ, සමහරක් විට අපි සංකේතාත්මකව ආරෝනික පූජකවරුන් වෙත ළමා ආසන ලබා දෙන මුත් ඔවුන් හට දෙවියන්වහන්සේ ඔවුන්ට ලබා දි ඇති ශුද්ධවු විශ්වාසය හා වැදගත් කාර්යය පිලිබද අපි ඔවුනට වටහා නොදෙන බව ගැනයි.

සභාපති තෝමස් එස්. මොන්සන් අපට උපදෙස් දුන්නේ තරුණ පුරුෂයින් තේරුම්ගත යුතු වනුයේ “දෙවියන්වහන්සේගේ පූජකවරය දැරිම කොතරම් ඉමහත්ද යන වගයි. ඔවුන්ගේ නියම කිරිමේ කැඳවිමේ ඇති ශුද්ධ භාවය පිළිබඳ අධ්‍යාත්මික අවබෝධයක් කරා ඔවුන් යොමු කළ යුතුයි.”2

අද, මම ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ආරෝනික පූජකවරුන්ට බලය හා ශුද්ධබව පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපව යොමු කරනු ලබන ලෙසත් අපගේ පූජකත්වයේ රාජකාරි කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීමට අපව පොලඹවන ලෙසත්ය. මගේ පණිවිඩය සියලුම ආරෝනික පූජකවරය දරන්නන්ට හා මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් යන සැමටය.

වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ්ගේ ඉගැන්වීම් පරිදි පූජකත්වයේ අරමුණ වන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම උදෙසා ප්‍රවේශය ලබා දීමයි.3 ක්‍රිස්තුස්වහන්සේගේගේ වන්දිගෙවීම අපගේ ජීවිත තුළ ලබාගැනිමට, අප උන් වහන්සේව විශ්වාස කර, අපගේ පව් ගැන පසුතැවී, වත්පිළිවෙත් තුලින් ශුද්ධවූ ගිවිසුම් ගොඩනගාගනිමින් සහ ඒවා තබමින්, ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා ගත යුතුයි.4 මේවා අපි එක වරක් පමණක් පිලිපැදිය යුතු ප්‍රතිපත්ති නොවේ; ඒ වෙනුවට, ඔවුන් “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුල සම්පූර්ණ වීමට”5 ඉදිරියට ගෙන යන ප්‍රගතිශීලී ක්‍රියාවලියක් තුල එකිනෙකා මත එකිනෙකා ගොඩනගාගත යුතුයි.

එසේනම්, මෙහි ආරෝනික පූජකත්වයේ කාර්යභාරය කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේගේ පවු කමා බලය කරා අප ප්‍රවේශ වන්නේ කෙසේද? මේ සඳහා පිලිතුරු ආරෝනික පූජකත්වයේ යතුරු තුළ - එනම් දේවසේවයේ දේවදූතයන් හා ශුභාරංචියේ සූදානම් කිරීමේ යතුරු තුල පිළිතුරු ඇති බව මම විශ්වාස කරමි.6

දේවදූතයන්ගේ දේවසේවය

දේවදූතයන් දේවසේවය කිරීමේ එක් අංගයක් සමඟ අපි ආරම්භ කරමු. දෙවියන්වහන්සේගේ දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට පෙර, උන්වහන්සේ ගැන හා උන්වහන්සේගේ සුභාරංචිය ගැන දැනගත යුතුයි. ප්‍රේරිත පාවුල් පැවසූ පරිදි:

“ඔවුන් නොඇසූ තැනැන් වහන්සේ විශ්වාස කරන්නේ කෙසේද? දේශනාකරු නොමැතිව ඔවුන් අසන්නේ කෙසේ ද?

“ඔවුන් එවන ලද්දේ හැර ඔවුන් දේශනා කරන්නේ කෙසේ ද? ...

“එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි.”7

පටන්ගැන්මේ සිටම දෙවියන්වහන්සේ “මිනිසුන්ට සේවය කිරීම පිණිස හා, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ප්‍රකාශ කිරීම පිණිස දේවදූතයන් එවනු ලැබ ඇත.”8 දේවදූතයන් දෙවියන්වහන්සේගේ පණිවුඩය ඇති ස්වර්ගික ජීවීන්ය.9 හේබ්‍රව් සහ ග්‍රීක් යන දෙකෙන්ම දේවදූතයා යන වචනයෙන් හැඳින්වෙන්නේ “පණිවිඩකරුවෙක්” යන අදහසයි.10

දෙවියන්වහන්සේ විසින් එවන ලද දේවදූතයන්ට දේව වචනය පතුරුවා හැරිමට බලය පැවරූ අතර, එමෙන්ම ආරෝනික පූජක පදවිය පවත්වන අපව “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස උගන්වන්නත් ආරාධනා කරන්නත්”11 පත්කර තිබේ. සුභාරංචිය දේශනා කිරීම පූජක රාජකාරියකි. මෙම රාජකාරිය සම්බන්ධ බලය ඇත්තේ දිවැසිවරයන්ට හා ධර්මදුතවරුන්ට පමණක් නොවේ. එය ඔබටත් පැවරේ!12

ඉතින් අපි මේ බලය ලබා ගන්නේ කෙසේද? 12-හැවිරිදි උපස්ථායකවරයෙකු - හෝ අපෙන් කවරෙක්- දෙවියන්වහන්සේගේ දරුවන්ගේ හදවතට ක්‍රිස්තුස්වහන්සේව ඇදහිල්ල ලබාදෙන්නේ කෙසේද? අපි උන්වහන්සේගේ වචනය සා එහි බලය අප තුල රැස්කරගනිමු.13 අපි එසේ කරනවා නම්, අපිට “මිනිසුන්ගේ ඒත්තු ගැන්වීමට දෙවියන්වහන්සේගේ බලය” තිබෙන බවට උන්වහන්සේ පොරොන්දු වු සේක.”14 එය ගණපූර්න රැස්වීමකදී උගන්වන අවස්ථාවක් හෝ සාමාජිකයෙකුගේ නිවසේ බැහැදකීමේ අවස්ථාවක් විය හැකිය. එය මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සමග සංවාදයක් වැනි සංවේදී දෙයක් විය හැකිය. අප විසින් ඒ ඕනැම අවස්ථාවක සඳහා සුදානම් වි ඇත්නම්, අපට සුභාරංචිය දේවදූතයන් උගන්වන ආකරයට කළ හැකිය. එනම් ශුද්ධාත්මයේ බලයෙන් එය කල හැකිය.15

රූපය
යාකොබ් සහ සහෝදර හෝම්ස්

මැතකදි පැපුවා නිව් ගිනියාවේ සිටි ආරෝනික පූජකයෙකු වූ ජේකබ්, මොර්මන්ගේ පොතේ බලය ගැනත්, ඔහු නපුරෙන් වැළකී, ආත්මයාණන් අනුගමනය කිරිමට එය උපකාර වු ආකාරයත් සාක්ෂි දරනවා මට අසන්න ලැබුනා. ඔහුගේ වචන මගේ ඇදහිල්ල සහ අන් අයගේ ඇදහිල්ල වැඩි කළා. ආරෝනික පූජකයන් තම ගණපූර්න රැස්වීම් වලදී කරන ඉගැන්වීම් සහ සාක්ෂි දිම ඇසිමෙන් මගේ ඇදහිල්ලද වර්ධනය වී තිබෙනවා.

යෞවනයෙනි, ඔබ දූත මෙහවරට බලය ලත් අයය. ඔබේ වචන හා ක්‍රියාවන් තුළින්, ඔබ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ හදවත් තුළ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබිය හැකිය.16 සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවේ, “ඔබ ඔවුන්ට සේවය කරන දේව දූතයෙකු මෙන් වන්නෙහිය.”17

සූදානම් කිරීමේ සුභාරංචිය

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල වැඩි විම සෑම විටම වෙනස් වීමට හෝ පසුතැවීමට ඇති ආශාවකට තුඩු දෙයි.18 එබැවින් දේවදූතයින්ගේ සේවය කිරීමේ ප්‍රධාන සාධකය පදනම් කරගනු ලබනුයේ සූදානම්වීමේ ශුභාරංචියේ ප්‍රධාන සාධකය වන, “පසුතැවීමේ හා බෞතීස්මය ලැබීමේ සුභාරංචිය සහ පාප වලට සමාව ලැබීමයි.”19

ඔබ ඔබේ ආරෝනික පූජක වගකීම් අධ්‍යනය කරන විට, අන් අයට පසුතැවිලි වීමට හා වැඩිදියුණු වීමට ආරාධනා කිරීමට පැහැදිලි නියෝගයක් ඔබ දකිවි.20 අපි වීදියක සිට හඬක් නංවමින් “ඔබ පසුතැවිලි වන්න!” ලෙස කෑගැසීම ඉන් අදහස් නොකරයි. එයින් අදහස් වන්නේwe අප පසුතැවී, සමාව දී හා අප අන් අයට සේවය කරන විට, අපි පසුතැවීම ගෙන දෙන බලාපොරොත්තුව හා සමාදානය බලාපොරොත්තු වෙයි - මන්ද එය අපවිසින්ම අත්විඳ ඇත.

ආරෝනික පූජකවරය දරන්නන් සමඟ මම ගණපූර්න සාමාජිකයන් හමුවී සිටියෙමි. ඔවුන්ගේ සහෝදරයන් කෙරෙහි සුරක්ෂිතභාවය හා මෘදු හදවත් හා දෙවියන්වහන්සේගේ ප්‍රේමය වටහා ගැනිමට ඔවුන් උපකාර කරන අයුරු මම දැක තිබේ. පසුතැවිලිවීමේ ශක්තිය ගැන එක් තරුණයෙකු ඔහුගේ සාක්ෂිය අන් අය හා දැරීම මට ඇසිණි. ඔහු එසේ කළ විට මෙන්, හදවත් මෘදු වූ අතර, කැප කිරීම් කළ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ බලය දැනිණි.

සභාපති ගෝඩ්න් බී. හින්ක්ලි ඉගැන්වූ පරිදි “පසුතැවීම එක දෙයකි. අපේ පව් ගෙවීම හෝ සමාව දීම තවත් දෙයක්. මෙය ගෙන ඒමට බලය ඇත්තේ ආරෝනික පූජකත්වයටය.”21 ආරෝනික පූජකත්වයන්ගේ නියෝග මගින් බෞතීස්මය සහ සක්‍රමේන්තු සාක්ෂිය අපේ පසුතැවීම සම්පුර්ණ කරනු ලබයි.22 සභාපති ඩාලින් එච්. ඕක්ස් පැහැදිලි කල පරිදි: “අපට අණකර තිබෙනවා පවු වලට පසුතැවි ස්වාමින්වහන්සේ වෙත බිදුනු හදවතකින් හා නිහතමානී ආත්මයෙන් සක්‍රමේන්තු ලබා ගැනිමට, අප විසින් අපගේ බෞතීස්ම ගිවිසුම් අලුත් කරන විට ස්වාමින්වහන්සේ පවිත්‍ර කිරිමේ බලපෑම නැවත අලුත් කරයි.”23

සහෝදරවරුනි, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගේවීමේ බලය තුලින් පසුතැවෙන හදවත් වලට ඔවුන්ගේ පවු කමාකරවන නියෝග මෙහෙයවිම ශුද්ධවු වරප්‍රසාදයකි.24

මෑතකදී මා හට තමන් සක්‍රමේන්තුව පළමු වරට ආශීර්වාද කිරීම සම්බන්දව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට වෙර දරන පූජකවරයෙකු ගැන අසන්න ලැබුනි. ඔහු එම දෙය සිදු කිරීමේදී බලවත් ආත්මයාණන්වහන්සේ තමන් වෙතටත් සභාව වෙතටත් පැමිනි සේක. පසුව රැස්වීමෙදි ඔහු සරල නමුත් පැහැදිලිව සාක්ෂි දරමින් පැවසුවේ එම වත්පිළිවෙත අතරතුරදී ඔහුට දනුනේ දෙවියන්වහන්සේගේ බලය බවයි.

රූපය
පූජකවර ගනපුර්ණය මෙබුලේන්ගෝ පවුල සමග

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පූජක ගණපූර්නයේ සාමාජිකයින් හතර දෙනෙකු මැබිලෙන්ගෝ පවුලේ සාමාජිකයන් බෞතීස්ම කළහ. එම එක් පූජකවරයෙකුගේ මව මෙම අත්දැකීම ඇයගේ පුතුට බලපෑ ආකාරය මට කීවාය. මෙම පූජකවරු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් අධිකාරී බලය ලත්”25 යන අර්ථය හැඟවී බව තෙරුම් ගත්තෝය.

ඔබ දන්නා පරිදි පූජකවරුන්ට දේවමාළිගාවේ නියෝජිත බෞතීස්මය සිදුකිරීමට දැන් අවසර ඇත. මෑතකදී මගේ 17 හැවිරිදි පුතා අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් මාව බෞතීස්ම කළේය. අප දෙදෙනාටම ආරෝනික පූජකත්වය හා දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ගැලවිම සඳහා ක්‍රියා කිරීමේ වරප්‍රසාදය පිළිබද ගැඹුරු කෘතඥ බවක් දැනුණි.

තරුණයිනි, ඔබ ඉතා උනන්දුවෙන් ඔබගේ පූජක යුතුකම් වල නියැලෙන විට “මනුෂය්‍යාගේ අමරණීයත්වය හා සදාකලික ජිවනය ගෙන ඒමේ” දෙවියන්වහන්සේගේ කර්යයේ උන්වහන්සේ සමග ඔබ සහාභාගි වේ.26 මෙවැනි අත්දැකීම් ඔබේ අශාව වැඩිකරන අතර ධර්මදුතයන් මෙන් පසුතැවිලි විම ගැන ඉගැන්වීමට හා හැරී ආවන් බෞතිස්ම කිරිමට ඔබව සුදානම් කරයි. එසේම මෙල්කිසදෙක් පූජකවරයේ ජිවිත කාලීන සේවයකට ඔබව සුදනම් කරයි.

ස්නාවක ජුවාම් තුමා, අපේ උදාහරණය වේ

ආරෝනික පූජකවරය දරන්නන්, ස්නාවක ජුවාම් සමග සේවය කිරිමට අපට වරප්‍රසාදය හා යුතුකමක් ඇත. ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරිමට හා පසුතැවි බෞතිස්ම විමට සැමට ආරාධනා කිරිමට ආධිකාරී බලය දරන පණිවුඩකරුවෙකු ලෙස ජුවාම්ව එවන ලදි. එනම්, ඔහු අප සාකච්ජා කල ආරෝනික පූජකවර යතුර ක්‍රියාවට නැංවුවේය. ජුවාම් ඉන්පසුව ප්‍රකාශ කළේ: “සැබැවින්ම මම පසුතැවී සිත් හරවා ගැනීමට වතුරෙන් බෞතීස්ම-ස්නාපනය කරන්නෙමි”යි ලෙසටය. එහෙත් මා හට පසුව එන්නාවූ තැනැත්තා වඩා බලවත්ය … : “ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බෞතීස්ම-ස්නාපනය කරන සේක.”27

මේ අනුව, දේවදූතයන්ගේ මෙහෙයවිමේ හා සුදනම් කිරිමේ සුබ අස්නේ යතුරු සහිතව, ආරෝනික පූජකත්වය, මෙල්කිසදෙක් පූජකත්වය තුළින් මෙම ජීවිතයේ අපිට ලැබිය හැකි වටිනාම ත්‍යාගය වන ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීමට, දෙවියන්වහන්සේගේ දරුවන්ට මග පාදයි.28

ආරෝනික පූජකවරය දරන්නන් හට කොපමණ ප්‍රබල වගකීමක් දී ඇත්ද!

ආරාධනයක් සහ පොරොන්දුවක්

දෙමාපියන් හා පූජකවර නායකයිනි, “දෙවියන්වහන්සේගේ පූජකවරය දරන්නන්..... විමේ අර්ථය කුමක්ද?”29 යන්න තරුණයන්ට තේරුම් ගැනිමට උදව් කරන ලෙසට සභාපති මොන්සන්ගේ උපදේශයේ වැදගත්කම ඔබට දැනෙනවාද? ආරෝනික පූජකත්වය තේරුම්ගැනීම හා ප්‍රගුණ කිරීම ඇදහිලිවන්ත මෙල්කිසදෙක් පූජකත්වය දරන්නන්, බලය පිරි ධර්මදුතයන් හා ධාර්මිෂ්ඨ සැමියන් හා පියවරුන් විමට ඔවුන්ව සුදනම් කරයි. ඔවුන්ගේ සේවය තුළින්, ඔවුන්ද පූජකත්වයේ බලයේ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ගැලවීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ක්‍රියා කිරිමේ බලයේ සත්‍ය බව තේරුම් ගනී.

තරුණයෙනි, ඔබට ඉටු කල යුතු කාර්යන් දෙවියන්වහන්සේට ඇත.30 ඔබගේ ආරෝනික පූජකත්වයේ පත් කිරිම උන්වහන්සේගේ දරුවන්ට ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය ලබගැනීමට උදව් කිරිමට මුලික වේ. ඔබ මෙම ශුද්ධවු යුතුකම් ඔබේ ජිවිතයේ මුලික කරගත්විට, ඔබට පෙර නොදැනුනු සේ දෙවියන්වහන්සේගේ බලය දැනෙන බවට මම පොරොන්දු වෙමි. උන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට ශුද්ධවු කැදවිමක් ඇති, දෙවියන්වහන්සේගේ පුතෙකු ලෙස ඔබේ අනන්‍යතාවය ඔබට වැටහෙයි. එමෙන්ම, ස්නාවක ජුවාම් තුමා සේ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිනිම සඳහා මාර්ගය සුදානම් කිරිමට ඔබ සහය වෙයි. මෙම සත්‍යන් ගැන මා සක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි. ආමෙන්.

සටහන්

  1. මෝසෙස්ට සිදුවූ දෙය මෙයයි. ඔහු දෙවියන්වහන්සේ සමග හමුවූ ඒ මහත් අවස්ථාවට පසු, දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙස - ඔහු ඔහුවම වෙනස් ආකාරයකට දකින්නට පටන් ගත්තේය. මෙම තත්වය ඔහුට “මනුෂ්‍ය පුත්‍රයා” යැයි තමන්වම හඳුන්වාගත් සාතන්ව ප්‍රතික්ෂේප කරන්නට උපකාරී විය. (බලන්න මෝසෙස් 1:1 -20). තවත් බලන්න තෝමස් එස්. මොන්සන්, “See Others as They May Become,” ලියහෝනා, නොවැ. 2012, 68–71; ඩාලේ ජී. රෙන්ලන්ඩ්, “Through God’s Eyes,” ලියහෝනා, නොවැ. 2015, 93–94.

  2. Thomas S. Monson, general conference leadership meeting, Mar. 2011.

  3. ඩාලේ ජී. රෙන්ලන්ඩ්, “පුජකත්වය සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගේවීමේ බලය,” ලියහෝනා, නොවැ. 2017, 64–67.

  4. 2 නෙපි 31–32; 3 නෙපි 11:30–41; 27:13–21; ඊතර් 4:18–19; මෝසෙස් 6:52–68; 8:24 බලන්න.

  5. මොරෝනි 10:32; Preach My Gospel: A Guide to Missionary Service (2004), 6.

  6. දහම සහ ගිවිසුම 13:1; 84:26–27; 107:20 බලන්න.

  7. රෝම 10:14–15, 17. ජෝසෆ් ස්මිත් මෙම සත්‍ය ඉගැන්නුවේය: “ඇදහිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ සාක්ෂිය තුලින් දෙවියන්වහන්සේගේ වචනයට අහුම්කන්දිමෙනි; එම සාක්ෂිය සෑමවිටම එළිදරව් ලැබීමේ ආත්මයෙන් සහ අනාවැකි කීමේ ආත්මයෙන් පිරිපුන්ය” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 385).

  8. මොරෝනි 7:22; තවද බලන්න ඇල්මා 12:28–30; 13:21–24; 32:22–23; 39:17–19; හිලමන් 5:11; මොරෝනි 7:21–25, 29–32; දහම සහ ගිවිසුම 20:35; 29:41–42; මෝසෙස් 5:58; මතෙව් 28:19; රෝම 10:13–17.

  9. See George Q. Cannon, Gospel Truth, sel. Jerreld L. Newquist (1987), 54.

  10. See James Strong, The New Strong’s Exhaustive Concordance of the Bible (1984), Hebrew and Chaldee dictionary section, 66, Greek dictionary section, 7.

  11. දහම සහ ගිවිසුම 20:59.

  12. Henry B. Eyring, “That He May Become Strong Also,” Liahona, Nov. 2016, 75–78; ඇල්මා 17:3; හිලමන් 5:18; 6:4–5; දහම සහ ගිවිසුම 28:3.

  13. 1 යොහාන් 2:14; ඇල්මා 17:2; 26:13; 32:42Fulfilling My Duty to God: For Aaronic Priesthood Holders is a valuable tool to help accomplish this.

  14. දහම සහ ගිවිසුම 11:21; දහම සහ ගිවිසුම 84:85.

  15. 2 නෙපි 32:3; දහම සහ ගිවිසුම 42:14; 50:17–22.

  16. මොරෝනි 7:25.

  17. Russell M. Nelson, “Honoring the Priesthood,” Ensign, May 1993, 40; see also Alma 27:4.

  18. ඇල්මා 34:17; හිලමන් 14:13.

  19. දහම සහ ගිවිසුම 84:27.

  20. දහම සහ ගිවිසුම 20:46, 51–59, 73–79. Fulfilling My Duty to God: For Aaronic Priesthood Holders is a valuable tool to help us understand our duties.

  21. Gordon B. Hinckley, “The Aaronic Priesthood—a Gift from God,” Ensign, May 1988, 46.

  22. Elder D. Todd Christofferson explained: “Baptism of water is the final or crowning step in the process of repentance. The renunciation of sin, coupled with our covenant of obedience, completes our repentance; indeed, repentance remains unfinished without that covenant” (“Building Faith in Christ,” Liahona, Sept. 2012, 14–15). See also D. Todd Christofferson, “The Divine Gift of Repentance,” Liahona, Nov. 2011, 38–41; Joseph Smith Translation, Matthew 26:24 (in the Bible appendix).

    The ordinance of the sacrament gives us “an opportunity each week to renew sacred covenants that allow us to be partakers of the Savior’s atoning grace with the same spiritually cleansing effect of baptism and confirmation” (“Understanding Our Covenants with God,” Liahona, July 2012, 21). See also Dallin H. Oaks, “Always Have His Spirit,” Ensign, Nov. 1996, 59–61.

  23. Dallin H. Oaks, “The Aaronic Priesthood and the Sacrament,” Liahona, Jan. 1999, 44.

  24. Elder David A. Bednar explained: “The ordinances of salvation and exaltation administered in the Lord’s restored Church are far more than rituals or symbolic performances. Rather, they constitute authorized channels through which the blessings and powers of heaven can flow into our individual lives” (“Always Retain a Remission of Your Sins,” Liahona, May 2016, 60).

  25. දහම සහ ගිවිසුම 20:73.

  26. මෝසෙස් 1:39.

  27. මතෙව් 3:11.

  28. ශුද්ධාත්මයාණන්වහන්සේ ලෞකික ජිවිතයේ ශ්‍රේෂ්ටතම ත්‍යාගය ලෙස බොහෝ සභා නායකයන් හඳුනාගෙන තිබේ.

    President Dallin H. Oaks said, “To have the continuous companionship of the Holy Ghost is the most precious possession we can have in mortality” (“The Aaronic Priesthood and the Sacrament,” Liahona, Jan. 1999, 44).

    Elder Bruce R. McConkie taught: “Speaking from the perspective of eternity, eternal life is the greatest of all the gifts of God. But narrowing the perspective to this life only, the gift of the Holy Ghost is the greatest gift a mortal can enjoy” (“What Is Meant by ‘The Holy Spirit’?” Instructor, Feb. 1965, 57).

    President Wilford Woodruff testified: “If you have the Holy Ghost with you—and every one ought to have—I can say unto you that there is no greater gift, there is no greater blessing, there is no greater testimony given to any man on earth. You may have the administration of angels; you may see many miracles; you may see many wonders in the earth; but I claim that the gift of the Holy Ghost is the greatest gift that can be bestowed upon man” (Teachings of Presidents of the Church: Wilford Woodruff [2004], 49).

    And Elder David A. Bednar added: “The commandments from God we obey and the inspired counsel from Church leaders we follow principally focus upon obtaining the companionship of the Spirit. Fundamentally, all gospel teachings and activities are centered on coming unto Christ by receiving the Holy Ghost in our lives” (“Receive the Holy Ghost,” Liahona, Nov. 2010, 97).

  29. Thomas S. Monson, general conference leadership meeting, Mar. 2011.

  30. මෝසෙස් 1:6 බලන්න.

මුද්‍රණය කරන්න