2010–2019
දෙවියන්වහන්සේ හමුවීමට සුදානම්වන්න
2018 අප්‍රියෙල්


දෙවියන්වහන්සේ හමුවීමට සුදානම්වන්න

අපට ලැබී ඇති දිව්‍යමය වගකීම් ධර්මිෂ්ටකමින්, එකමුතුවෙන්, හා සමානාත්මතාවයෙන් ඉටුකිරීම, දෙවියන්වහන්සේ හමුවීමට අපව සුදානම් කරයි.

එලීසා ආර්. ස්නෝ, කර්ට්ලන්ඩ් දේවමාලිගාව කැපකිරීමේදි කතා කරමින් (ඇය සහභාගී වුන), ඇය මෙහෙම කිව්වා: “මේ කැපකිරීමේ උත්සවය සමහරවිට පුහුණු වෙලා තියෙන්න පුළුවන්, ඒත් ඒ අමතක නොවන දවසේ දිව්‍යමය ප්‍රකාශය ලෞකික භාෂාවකට පැහැදිලි කරන්න බැහැ. සමහරුන්ට දේවදූතයන් ප්‍රකාශ වුනා, ඒ අතර සහභාගී වෙලා හිටිය හැමෝටම දිව්‍යමය සහභාගිකම හැඟුනා, ඒත් එක්කම හැම හදවතක්ම අසමසම ප්‍රීතියකිනුත් සහ සම්පුර්ණ මහිමයෙනුත් පිරී තිබුනා.”1

කර්ට්ලන්ඩ් දේවමාලිගාවේදී සිදුවුණු ඒ දිව්‍යමය ප්‍රකාශය, අපේ ස්වර්ගයේ පියාණන්ගේ දරුවන්ට ගැලවීමත් උත්කර්ශයත් ලඟාකර දෙන්නට නැවත පිහිටවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ අරමුණට සමාරම්භයක් උනා.2අපි දෙවියන්වහන්සේ හමුවෙන්න සුදානම් වෙනකොට, අපිට දිව්‍යමව පැවරිලා තියන වගකීම් මොනවද කියලා කර්ට්ලන්ඩ් දේවමාලිගාවේදී නැවත පිහිටවුනු පූජනීය යතුරු නැවත බැලීම මඟින් දැනගන්න පුළුවන්

කැපකිරීමේ යාච්ඤාවෙදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් යටහත්ව ස්වාමින්වහන්සේගෙන් මෙහෙම ආයාචනා කළා “ඔබවහන්සේ අපිට තනන්න කියලා අණ කරපු.... මේ ගෘහය පිළිගන්න.”3

සතියකට පස්සේ, පාස්කු ඉරිදාවක, ස්වාමීන්වහන්සේ විශිෂ්ට දර්ශනයකින් පෙනී ඉඳලා උන්වහන්සේගේ දේවමාලිගාව පිළිගත්තා. මේ දේ සිදුවුනේ 1836 අප්‍රියෙල් 3 වෙනිදා, හරියටම මේ පාස්කු ඉරිදා ඉඳලා අවුරුදු 182 කට කලින්. ඒ කාලයත් හරියටම පසුකරයාමේ සමය වුනා - පසුකරයාමේ සමයත් පාස්කු මංගල්‍යත් එක්ක එකටම වුනු අනන්‍ය අවස්ථාවක්. එම දර්ශනය ඉවර උනාට පස්සේ, පරණ අනාගතවක්තෘවරුන් තුන්දෙනෙක්, මෝසෙස්, එලියා සහ එලයිජා පෙනී උන්නා, ඊටපස්සේ මේ කාල වකවානුවේ ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ අරමුණ ඉටුකරන්න වඩාත් උවමනා වෙන යතුරු ලබාදුන්නා. ඒ අරමුණ ඉතාමත් සරලයි, ඒත් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වනවානම් ඒවා, ඊශ්‍රායල් සෙනග එකතුකිරීම, ඔවුන්ව පවුල් ලෙස මුද්‍රා කිරීම සහ මෙම පොළව ස්වාමින්වහන්සේගේ දෙවැනි පැමිණීමට සුදානම් කිරීමයි.4

එලියාත් මෝසෙසුත් එකට පෙනීසිටීම “මෝසෙසුත් එලියාත් ‘අවසාන කාලයේදී’ එකට පැමිණීම කියන යුදෙව් සංස්කෘතියත් එක්ක ‘කැපිපෙනෙන සමානාත්මතාවයක්.’”5අපේ මුලධර්ම වල, මේ පෙනීසිටීම යම් යතුරු වල නැවත පිහිටුවීමේ මූලාරම්භය ඉටුකලා, එම යතුරු “අවසාන දවස්වල සහ අවසාන වතාවට, සම්පුර්ණ වූ අවසාන කාලපරිච්චේදයේදී ලබාදෙනු ලබයි....”6

කර්ට්ලන්ඩ් දේවමාලිගාව, ස්ථානයෙනුත් ප්‍රමාණයෙනුත් සාපේක්ෂව අවමයි. ඒත් මනුශ්‍යවර්ගයාට තියන අතිවිශාල වැදගත්කමත් එක්ක, ඒකසදාකාලික හැඩගැස්වීමක්..පැරණි අනාගතවක්තෘවරු පූජකවරය නැවත පිහිටෙව්වේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සදාකාලිකවම ගැලවීමේ වත්පිළිවෙත් නිසයි. මේක ඇදහිලිවන්ත සාමාජිකයන්ට අතිමහත් සතුටකට හේතුවක්.

සභාවේ මූලික අරමුණ ස්ථාපිත කිරීම සඳහා පූජනීයව පත්කළ වගකීම් ඉටු කිරීමට මෙම යතුරු “ඉහලින් එන බලයක්”7 ලබාදෙනවා.8ඒ සුන්දර පාස්කු මංගල්ල දවසේ කර්ට්ලන්ඩ් දේවමාලිගාවේදී, යතුරු තුනක් නැවත පිහිටෙව්වා:

පළමුව,මෝසෙස් පෙනීසිටියා ඉන්පසු ඒ යතුරු ලබාදුන්නෙ පොලවේ හතර කොනින්ම ඉශ්‍රායෙල් සෙනග එකතු කරන්න, ඒ කියන්නේ ධර්මදූත සේවය සඳහා.9

දෙවනුව,එලියා පෙනීසිට, ආබ්‍රහම්ගේ සුභාරංචිය කාලයේ, ආබ්‍රහම්ගේ ගිවිසුම නැවත පිහිටුවීමට අදාළ යතුරු ලබාදුන්නා. 10 සභාපති රසල් එම්. නෙල්සන් අපිට ඉගැන්නුවා ගිවිසුම් යතුරු වල අරමුණ දෙවියන්වහන්සේගේ රාජ්‍යට සාමාජිකයන්ව සුදානම් කිරීමට කියලා. ඔහු මෙහෙම කිව්වා, “අපි දන්නවා අපි කව්ද කියලා, අපි දන්නවා දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.”11

තුන්වනුවට, එලයිජා පෙනීසිට, මේ වකවානුවේ මුද්‍රා තැබීමේ බලයට අදාළ යතුරු ලබාදුන්නා, පවුල් ඉතිහාස වැඩ සහ විවිධාකාර දේවමාලිගා වත්පිළිවෙත් කරමින් ජීවත්ව සිටින අයටත් මියගිය අයටත් ගැලවීම ලබාදෙන්න උදව් වීම සඳහා.12

කර්ට්ලන්ඩ් දෙවමාලිගාවේ නැවතපිහිටවූ යතුරු මත පාදක කරගත් දිව්‍යමව පැවරුණු වගකීම් බලාගැනීමට ප්‍රධාන සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ ගණපූර්නයේ මගපෙන්වීම යටතේ, සභා මූලස්ථානයේ විධායක මන්ත්‍රණ සභා තුනක් තිබෙනවා. ඒවා තමයි ධර්මදූත විධායක මන්ත්‍රණ සභාව, පූජකවර සහ පවුල් විධායක මන්ත්‍රණ සභාව හා දේවමාලිගා සහ පවුල් ඉතිහාස විධායක මන්ත්‍රණ සභාව.

මෙම දිව්‍යමයව පැවරුණු වගකීම් සම්පුර්ණ කරන්න අපි අද හිටගෙන ඉන්නේ කොහෙද?

පළමුවෙන්, ඊශ්‍රායලය රැස්කිරීමට මෝසෙස් විසින් නැවත පිහිටවූ යතුරු වලට ස්තුතිවන්ත වෙන්න, 70,000 ක් විතර ධර්මදුතයන් පොළව පුරාම උන්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරමින් උන්වහන්සේගේ තෝරාගත් අයව එකතුකරනවා. මේ තමයි නෙපි අන්‍යජාතිකයින් හා ඊශ්‍රායෙල් සෙනග අතර කලින් දැකපු අතිවිශාල හා පුදුමාකාර ක්‍රියා සම්පුර්ණවිමේ මූලාරම්භය. නෙපි දැක්කා අපේ කාලයේදී දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයින් මුළු පොලව පුරාම විසිරිලා ඉන්නවා, ඒත් අධර්මිෂ්ටකම නිසා ඒ ප්‍රමාණය සුළු පිරිසක් වෙනවා. ඒ කොහොමවුනත්, ඔහු කලින් දැක්කා ඔවුන් “ධර්මිෂ්ටකමිනුත් දෙවියන්වහන්සේගේ ඉතාමත් මහිමාන්විත වූ බලයෙනුත් සන්නද්ධ වෙලා ඉන්නවා.”13නැවත පිහිටවූ සභාවේ කෙටි ඉතිහාසය හරහා බලනකොට, ධර්මදූත උත්සහයන් වඩා හොඳින් කැපී පේනවා. අපි දැන් නෙපිගේ දර්ශනයේ සම්පුර්ණවීම දකිමිනුයි ඉන්නේ. අපේ සංඛ්‍යා සුළු උනත්, ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩයට ඇහුම්කන්දෙන අයට ලඟාවෙන්නට අපි අපේ උත්සාහය දිගටම කරමු.

දෙවනුව, ආබ්‍රහම්ගේ ශුභාරංචියේ කාලපරිච්ජේදය ප්‍රකාශ කරන්නට එලියා පෙනීසිටියා, එලියා ප්‍රකාශ කලේ අපිත් අපේ වංශයත්, අපෙන් පසු පරම්පරා ගණනකුත් ආශිර්වාද ලබනවා කියලයි. ශුද්ධවන්තයින්ව සුදානම් කරලා ඔවුන්ව දෙවියන්වහන්සේගේ රාජ්‍යට සූදානම් කරන්න මේ සම්මන්ත්‍රණයේදී, සැලකිය යුතු මගපෙන්වීමක් ලැබිලා තියෙනවා.14 පූජකත්ව සැසිවාරයේදී කල නිවේදනය වැඩිහිටි සහ උත්තම පූජක ගනපූර්ණ සම්බන්ධ පූජකත්ව බලය සහ අධිකාරීබලය මුදාහරිනු ඇත. මෙම සැසියේදී ඉතා උචිත ලෙස උගන්වනු ලැබූ, දැන් “දේව සේවය” ලෙස හදුන්වන නිවාස සහ බැහැදැක ඉගැන්වීම, පසුදවස්වල ශුද්ධවන්තයින්ව දෙවියන්වහන්සේ මුණගැසීමට සූදානම් කරයි.

තුන්වනුව, එලයිජා මේ කාලපරිච්ජේදයට මුද්‍රා තියන යතුරු ලබාදුන්නා. මේ කාලයේ ජීවත්වෙලා ඉන්න අපි හැමෝම, දේවමාලිගා හා පවුල් ඉතිහාස වැඩ වර්ධනය කිරීම අද්විතීයයි. මේ වර්ධනය අඛණ්ඩව සිදුවී ගැලවුම්කරුවාණන්ගේ දෙවැනි පැමිණීම දක්වා වර්ධනය වෙනවා නැත්නම් මුළු පොළවම “උන්වහන්සේගේ පැමිණීමත් එක්කම විනාශවෙලා යයි.”15

පවුල් ඉතිහාස ක්‍රියා, තාක්ෂණයත් එක්ක ස්වර්ගීයව ආශිර්වාද ලබලා, ඒ වගේම පහුගිය අවුරුදු කීපයේදී බොහෝ ලෙස වර්ධනය වෙලා. අපි මේ දිව්‍යමය පැවරිලා තියෙන වගකීම ගැන නොසැලකිලිමත් වීමත් ඒවගේම ජේන් නැන්දා හෝ වෙන නෑදෑ කෙනෙක් ඒකට කැපවෙලා ඒ ගැන බලාගනී කියලා බලාපොරොත්තු වීමත් අනුවණ කමක්; මම බෙදාගන්නම් සභාපති ජෝසෆ් ෆීල්ඩින් ස්මිත්ගේ අදහසින් කොටසක්: “කිසිවකුත් මේ දැවැන්ත වගකීමෙන් නිදහස් නොවෙයි. එය ප්‍රේරිතවරයාගෙනුත් ඒවගේම යටහත්ම වැඩිහිටියාගෙනුත් [හෝ සහෝදරියගෙනුත්] බලාපොරොත්තු වෙයි. ස්ථානය, හෝ වෙනස, හෝ සභාවේ දිගු සේවය, මියගිය කෙනෙකුගේ ගැලවීම නොසලකාහැරිමට කිසිවෙකුටත් අයිතියක් නැත.”16

අපිට දැන් ලෝකය පුරාම දේවමාලිගා තියෙනවා ඒවගේම දේවමාලිගාවකින් දුර ඉන්න උදව් අවශ්‍ය අයට උදව් කරන්නට අනුග්‍රාහක සහය අරමුදලේ සම්පත් තියෙනවා.

තනි පුද්ගලයන් විදියට, අපි මිෂනාරි සේවය, දේවමාලිගාව හා පවුල් ඉතිහාස වැඩ හා දෙවියන්වහන්සේ හමුවෙන්න සුදානම් වීම ගැන අපේ උත්සහයන් තක්සේරු කරන එක හොඳට කරන්නට පුළුවන්.

ස්වාමීන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ටකම, එකමුතුව සහ සමානාත්මතාවය මේ පුජනිය වගකීම් වලට පදනමක් වෙනවා.

ධර්මිෂ්ටකම නිසා, අපි දෙවියන්වහන්සේව හමුවෙන්න සුදානම් වෙන කාලය තමයි මේ ජිවිත කාලය. 17 එක් එක් පුද්ගලයන් හරි කණ්ඩායම් හරි දෙවියන්වහන්සේගේ අණ පණත් තියන්න අපොහොසත් වුනාම වෙන ඛේදජනක විපාක ගැන ගොඩාක් උදාහරණ මෝර්මන් පොත අපිට පෙන්නනවා. 18

මගේ ජිවිත කාලය පුරාම, ලෞකික ප්‍රශ්ණත් ගැටලුත් එක අන්තයකින් තවත් අන්තයකටත් - නිස්සාර හා ඉතා සුළු දේවල් වලින් ඉතා ඉතා බරපතල දුරාචාරිත්වයටත් ගිහින් තියෙනවා. භයන්කාර දුරාචාර හෙළිදරව් කරගෙන අහක දැමීම ප්‍රශංසනීයයි.19ඒ වගේම භෞතිකවාදී දුරාචාර දෙවියන්වහන්සේගේ නිතීයට හා සමාජයේ නීතියට පටහැනියි. දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම්ගන්නා අය පවක් වෙන, ඒකමතික දුරාචාර වලට විරුද්ධ විය යුතුයි. පවුල ලෝකයට ප්‍රකාශනය මෙහෙම අනතුරු අඟවනවා “පවිත්‍රකමේ නීතිය උල්ලංගණය කරන ඒ වගේම තම සහකරු හෝ සහකාරිය හෝ දරුවන්ව අනිසි ලෙස පාවිච්චි කරන එක් එක් පුද්ගලයින් [හෝ, එම ප්‍රශ්නයාට, කවුරු නමුත්] එක දිනක දෙවියන්වහන්සේ ඉදිරියේ හිටගෙන වගකිව යුතුයි.”20

අපි අවට බලනකොට, අපිට පේනවා හැම කොනකම තියන අධර්මිෂ්ට දුෂ්ටකම් ඒවගේම ඇබ්බැහිවීම්. තනි පුද්ගලයන් විදියට, අපි ගැන ගැලවුම්කරුවාණන්ගේ අවසාන තීන්දුව ගැන ඉතා සැලකිලිමත් වෙනවා නම්, අපි පසුතැවිලි වීම සෙවිය යුතුයි. මට ඇතිවෙන භය තමයි ගොඩාක් මිනිස්සුන්ට දෙවියන්වහන්සේට වගකියන්න අවශ්‍යයි කියලා දැනෙන්නේ නෑ ඒ අය ශුද්ධලියවිලි වලටවත් අනාගතවක්තෘවරුන්ගේ මගපෙන්වීම් වලටවත් හැරෙන්නේ නෑ. අපි සමාජයක් විදියට, පාපයේ ප්‍රතිවිපාක ගැන හිතලා බැලුවොත්, අසභ්‍ය දර්ශන වලටත් කාන්තාවන් අනිසි ලෙස පාවිච්චියටත් ඉතා විශාල පොදු විරුද්ධතාවයක් තියනවා.21මෝර්මන් පොතේ ඇල්මා ඔහුගේ පුතා වුනු කොරියොන්ටන්ට කියපු විදියට, “අධර්මිෂ්ටකම කෙදිනකවත් ප්‍රීතිය නොවනු ඇත.” 22

එකමුතුකම ගැන බලන කොට, ගැලවුම්කරුවාණන් මෙහෙම කියනවා, “ඔබ එකමුතු නැත්නම් ඔබ මගේ නොවේ.”23 අපි දන්නවා තර්කයේ ආත්මය පැමිණෙන්නේ සාතන්ගෙන් කියලා.24

අපේ දවස්වල, එකමුතුකම සඳහා වුනු ශුද්ධලියවිලි අවශ්‍යතාව බොහෝලෙස නොසලකා හරිනවා, ගොඩක් මිනිස්සු වැදගත්කමක් දෙන්නේ කුල භේද වලට.25ගොඩක් වෙලාවට තත්වය, ස්ත්‍රී පුරුෂ බව, ජාතිය ඒ වගේම ධනය මත පදනම් වෙලා. හැම රටකම නොවුනත්, බොහෝ රටවල් වල, ජීවත් වෙන විදියත් එක්ක මිනිස්සු ගැඹුරු විදියට බෙදිලා.ස්වාමින්වහන්සේගේ සභාවේ, අපි බැඳී සිටින ඒ වගේම උගන්වන එකම සංස්කෘතිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයි. අපි හොයන එකමුතුව ගැලවුම්කරුවාණන්ගේත් උන්වහන්සේගේ ඉගැන්වීම් තුලත් එකමුතු වීමයි.26

අපි සභාවේ තියන මූලික අරමුණ දිහා බලනකොට, ඒස්වාමීන්වහන්සේ ඉදිරියේ සමානාත්මව සිටීමයි27 ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සංස්කෘතිය අනුගමනය කිරීමයි. ධර්මදූත සේවය සම්බන්ධයෙන් බලනකොට, බෞතීස්ම වෙන්න තියන සුදුසුකම් වල මුලධර්මය තමයි කෙනෙක් දෙවියන්වහන්සේ ඉදිරියේ යටහත්පහත් වෙලා බිඳුණු හදවතකිනුත් පසුතැවුණු ආත්මයකිනුත් ඉදිරියට යාම.28අධ්‍යාපනය, ධනය, කුලය හෝ ජාතිය ඒ සඳහා ගණන් ගන්නෙවත් නෑ.

ඊට අමතරව, ධර්මදුතයින් නිහතමානීව ඔවුන්ව කැඳවා ඇති ප්‍රදේශයේ සේවය කරනවා. ලෝකයේ තත්වයවත් ඔවුන්ගේ අනාගත රැකියා තත්වයන්ට සුදානමක් වශයෙන්වත් නෙවෙයි ඔවුන් සේවය කරන්නේ. මුළු හදවතින්ම, උවමනාවෙන්ම, මනසින්ම හා මුළු ශක්තියෙන්ම ඔවුන්ට පැවරී ඇති ඕනෑම තැනක ඔවුන් සේවය කරනවා. ඔවුන්ගේ ධර්මදූත සහකරුවන්ව ඔවුන් තෝරාගන්නේ නෑ, නමුත් ඔවුන් ඉතා උවමනාවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ වගේ ගතිගුණ දියුණු කරගන්නවා,29 ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සංස්කෘතියේ හදවත.

අපේ ඉතා වැදගත් බැඳීම් වලට ශුද්ධලියවිලි වලින් මගපෙන්වීම ලැබෙනවා. ගැලවුම්කරුවාණන් කියපු විදියට පලවෙනි පණත “ස්වාමින්වූ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි.” ඒ වගේම දෙවැනි එක “අපිට වගේම අපේ අසල්වැසියාට ප්‍රේම කිරීමයි.”30

අමතරව ගැලවුම්කරුවාණන් අපිට පැහැදිලි කළා හැමකෙනෙක්ම අපේ අසල්වාසියෙක් කියලා.31.මෝර්මන් පොත කුලවලින් හෝ පන්තිවලින් හෝ තරාතිරමෙන් බෙදීම් ඇති නොවිය යුතු බව පැහැදිලි කරනවා.32 දෙවියන් ඉදිරියේ අපි එකමුතුව සමානව සිටිය යුතුයි.

පූජනිය වත්පිළිවෙත් හා දිව්‍යමය වගකීම් මේ පරිශ්‍රය උඩ ගොඩනැගිලා තියෙනවා. මම හිතනවා ඔයාලගේ දේවමාලිගා අත්දැකීම් මගේ අත්දැකීම් වලට සමාන ඇති. සැන් ෆ්රැන්සිස්කෝ වල මගේ වැඩ කරන දවසේ ලෝකය අතහැරලා ඕක්ලන්ඩ් දේවමාලිගාවට ආවම, අතිවිශාල ආදරයක හැඟීමක් ඒවගේම සාමයක් මම අත්විඳිනවා. මම දෙවියන්වහන්සේටත් උන්වහන්සේගේ අරමුණටත් ලඟයි කියලා මට දැනෙන එක ඒ හැඟීමේ ප්‍රධාන කොටසක්. ගලවාගැනීමේ වත්පිළිවෙත් තමයි මගේ ප්‍රධාන අවධානය, නමුත් ඒ සුන්දර හැඟීම් වල අතිවිශාල කොටසක් වෙන්නේ දේවමාලිගාව තුල දැනෙන සමානාත්මතාවය හා එකමුතුකම. හැමකෙනෙක්ම සුදු ඇඳුමින් සැරසිලා. එතන ධනය, තත්වය හරි අධ්‍යාපනික තත්වය හරි ගැන කිසිම හෝඩුවාවක් නෑ; අපි හැමෝම දෙවියන්වහන්සේ ඉදිරියේ අපිව නිහතමානී කරගත්තු සහෝදර සහෝදරියන්.

මුද්‍රා තබන පූජනීය කාමරයේ, සදාකාලික විවාහයේ වත්පිළිවෙත හැමෝටම එකවගෙයි. නිහතමානී පසුබිමකින් එන යුවලකටත්, පොහොසත්ම පසුබිමකින් එන යුවලකටත් එක සමාන අත්දැකීමක් ලැබෙන කාරණයට මම ආදරෙයි. ඔවුන් එක වගේ ඇඳුම් වලින් සැරසිලා එකම ගිවිසුම් වලට එකම අල්තාරයේදී එළඹෙනවා. ඒ වගේම ඔවුන්ට එක වගේම සදාකාලික පූජකවර ආශිර්වාද ලැබෙනවා. මේ හැමදෙයක්ම ඉටුවෙන්නේ සාන්තුවරයන්ගේ දසයෙන් කොටසින් තනන ලද ලස්සන දේවමාලිගාවක ඒ කියන්නේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ.

දිව්‍යමයව පැවරී තියන වගකීම් ඉටුකිරීම ස්වාමීන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ටබව මතත්, එකමුතුකම මතත්, සමානාත්මතාවය මතත් පදනම් වෙලා තියනවා, ඒ වගේම එයින් අපිට මේ ජීවිතයේදීත් එන්නට ඇති ලෝකයේදීත් පෞද්ගලික සතුට හා සාමය ලබාදෙනවා.33 ඒක අපිව දෙවියන්වහන්සේව හමුවෙන්න සුදානම් කරවනවා. 34

ඔබට දැන් තියෙන තත්වය මොකක් වුනත්, ඔබේ සභානායකවරයා එක්ක උපදෙස් අරන් දේවමාලිගා නිර්දේශයට සුදුසුකම් ලබන්න කියලා අපි ඔබ හැමෝම වෙනුවෙන් යාච්ඤා කරනවා.35

වැඩි වැඩියෙන් සාමාජිකයන් දේවමාලිගාවට යන්නට සුදානම්විම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. දේවමාලිගා නිර්දේශ තියන සුදුසු වැඩිහිටියන්ගේ ප්‍රමාණය මේ අවුරුදු ගණනාවක්ම අතිවිශාල ලෙස වැඩිවෙමින් පවතිනවා. සීමිත-පාවිච්චිය සඳහා ඇති නිර්දේශ ලබන තරුණ තරුණියන්ගේ ප්‍රමාණය පසුගිය අවුරුදු දෙක තුල ඉතා පුදුම ලෙස වැඩිවී තියෙනවා. පැහැදිලිවම ඇදහිලිවන්ත මූලික සාමාජිකයන්ගේ ප්‍රමාණය මේ විදියට කවදාවත් ශක්තිමත් වෙලා තිබිලා නෑ.

අවසාන වශයෙන්, කරුණාකර මතක තබාගන්න, මේ දිව්‍යමය අරමුණු පැවරුම් වලට නායකත්වය දෙන ජ්‍යෙෂ්ට නායකයින්ට දිව්‍යමය සහය ලැබෙනවා. මේ මෙහෙයවීම ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන අතර සමහර වෙලාවට ගැලවුම්කරුවාණන්ගෙන් සෘජුවම ලැබෙනවා. ඒ දෙයාකාරයේම ආත්මික මෙහෙයවීම ලබාදීලා තියෙනවා. ඒවගේ සහයක් ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මගපෙන්වීම් ලැබෙන්නේ ස්වාමින්වහන්සේගේ වෙලාවටයි, පෙලින් පෙලටයි, උපදේශයෙන් උපදේශයටයි,36 “සර්වබලධාරි දෙවියන්වහන්සේ හිතාමතාම අපට උගන්වන්න තෝරගන්නවා.” 37 සමස්තයක් වශයෙන් දේවස්ථාන සඳහා මාර්ගෝපදේශය පැමිණෙන්නේ ඔහුගේ අනාගතවක්තෘවරයාට පමණි.

මේ සම්මන්ත්‍රණයේදී සභාපති රසල් එම්. නෙල්සන්ව අපේ අනාගතවක්තෘවරයා හැටියටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපති හැටියටත් අනුමත කරන්නට අවස්තාව ලැබුනා. අපේ අත් සභාපති නෙල්සන්ගේ හිසමත තබා සභාපති ඩලින් එච්. ඕක්ස්ගේ මෙහෙයවීමේ හඬින් ඔහුව සභාවේ සභාපති ලෙස නියමකරද්දී හා වෙන් කරද්දී දොළොස්දෙනා, කණ්ඩායමක් ලෙසත්, එක් එක්කෙනා ලෙසත්, අති දැවැන්ත අත්දැකීමක් ලැබුවා. මම සාක්ෂිදරනවා, ඔහු අපේ දවස්වල ස්වාමින්වහන්සේගේ සභාවේ අනාගතවක්තෘවරයා වන්නට, කලින් නියමකර තිබී ඔහුගේ මුළු ජිවිත කාලයේදීම සුදානම් කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න