2010–2019
එකට එක්සත්ව සිටිමින්
2018 අප්‍රියෙල්


එකට එක්සත්ව සිටිමින්

අපේ උතුම්වූ ගමනාන්තයට ලඟාවීමට නම්, අපිට එකෙනෙකාව අවශ්‍යයි, සහ අපි එකමුතුවීම අවශ්‍යයි.

පොළවේ සිටින වඩාත් කැපීපෙනෙන ජීවියෙක් තමයි මොනාක් සමනලයින්. මගේ ස්වාමිපුරුෂයාගේ පවුලත් සමග නත්තල් සමරන්න මෙක්සිකෝවට චාරිකාවක් ගිය අතරතුර, මොනාක් සමනලයින් මිලියන ගණනක් සීත සමය ගතකරන සමනල සංචිතයක් සංචාරය කිරීමට අපි ගියා. එවන් ආකර්ෂණීය දර්ශනයක් දැකීම හා දෙවියන්වහන්සේගේ මැවීම් විසින් නිරූපණය කරන දිව්‍යමය නීතිවලට ඇති එක්සත්කම හා කීකරුකම පිළිබඳ ආදර්ශය අපට පිළිබිඹු වීම, සිත් ගන්නාසුලු වුණා.

රූපය
මොනාක් සමනලයින්
රූපය
සමනලයින් සමූහයක්

මොනාක් සමනලුන් ඉතා දක්ෂ මාර්ගය හසුරුවා ගන්නන්. උන්ට යාමට අවශ්‍ය දිශාව සොයා ගැනීමට උන් හිරුගේ පිහිටීම යොදා ගන්නවා. සෑම වසන්ත කාලයකදීම, උන් මෙක්සිකෝවේ ඉදන් කැනඩාවට සැතපුම් දහස් ගණනක් ගමන් කරනවා,ඒ වගේම සෑම සරත් කාලයකදීම, උන් නැවතත් මෙක්සිකෝවේ තියෙන එම පූජනීය ෆර් වනාන්තර වලට ආපසු එනවා. එක වරකදී එක් පුංචි තටුවක් සලමින්, උන් මේ දේ සෑම අවුරුද්දකදීම කරනවා. උන්ගේ ගමන අතරතු, රාත්‍රියේදී උන් ගහක් උඩ එක පොකුරට ඉදන් සීතලෙන් සහ වන සතුන්ගෙන් උන්ව ආරක්ෂා කරගන්නවා.

රූපය
සමනල බහුරූපේක්ශය
රූපය
දෙවන සමනල බහුරූපේක්ශය

සමනල්ලු රංචුවක් බහුරූපේක්ෂය ලෙස හදුන්වනවා.ඒක ලස්සන පින්තූරයක් නේද? බහුරූපේක්ෂයක් ඇතුලේ ඉන්න හැම සමනලයෙක්ම අද්විතීය වගේම වෙනස්, කොහොම නමුත් ආදරණීය මැවුම්කරුවෙක් විසින් පෙනුමෙන් සියුමැලි මෙම ජීවීන් නිර්මාණය කර තියෙන්නේ සුරැකෙන්නත්, ගමන් කරන්නත්, බෝ වෙන්නත් වගේම මලින් මලට යන අතරතුරදී පරාග පතුරවමින් ජීවිත ව්‍යාප්ත කිරීමටත් පුළුවන් ආකාරයටයි. සෑම සමනලයෙක්ම එකිනෙකාගෙන් වෙනස් උනත්, මේ ලෝකය තවත් ලස්සන කරන්නත්, පලදායි කරන්නත් උන් එකතු වෙලා වැඩ කරනවා.

මොනාක් සමනලුන් වගේ, අපි ඉන්නේ අපගේ ස්වර්ගීය දෙමාපියන් එක්ක නැවතත් එක්විහැකි අපගේ ස්වර්ගීය නිවසට යන ගමනකයි.සමනලුන්ට වගේ, “අපගේ මැවීමේ මිනුම් ප්‍රමාණය පුරවන්න” පුළුවන් ආකාරයට, අපේ ජීවිතය තුලින් මාර්ගය සොයාගන්නට අපිට දිව්‍යමය ගුණාංග ලබාදීලා තියනවා. ඔවුන් වාගේ අපි අපේ හදවත් එකතුකරගතහොත්, “කිකිලියක් තම තටු යටට පැටවුන් එකතුකරගන්න සේ” ස්වාමීන්වහන්සේ අපව ආරක්ෂා කර, අපිව ලස්සන බහුරූපේක්ෂයක් බවට පත්කරයි.

ගැහැණු සහ පිරිමි ළමයිනි, තරුණියනි සහ තරුණයිනි, සහෝදරයිනි සහෝදරියනි, අපි මේ ගමනේ ඉන්නේ එකටයි. අපගේ උතුම් ගමනාන්තයට ලඟාවිමට නම්, අපිට එකිනෙකාව අවශ්‍යයි, වගේම අපි එකමුතුවීම අවශ්‍යයි. ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකරනවා, “එකෙකු වන්න, ඔබ එකෙකු නොවේනම් ඔබ මගේ නොවනු ඇත.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි උන්වහන්සේගේ පියාණන් සමග ඇති එක්සත්භාවයට අතිවිශිෂ්ට උදාහරණය. ඔවුන් අරමුණින්, ප්‍රේමයෙන්, සහ ක්‍රියාවලින් එකෙකු ලෙස, “පුත්‍රයාණන්ගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්ත හා ගිලී පවතිනවා.”

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ පියාණන් හා සමග ඇති එක්සත්කමේ ආදර්ශය අනුගමනය කරමින් උන්වහන්සේලා සමඟත්, එකිනෙකා සමඟත් අපි එක්සත් වෙන්නේ කොහොමද?

ක්‍රියා පොතේ 1:14 සිත් ඇදගන්නා සුළු රටාවක් හමුවෙනවා. අප එය මෙසේ කියවමු, “ සියලු දෙනාම , ස්ත්‍රීන් සමග , එකට එක්සත්ව නොකඩවාම යාච්ඤාවේ නිරත වූහ.”

ක්‍රියා පොතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි කෙනෙකු ලෙස ස්වර්ගයට එසවීම සහ ඔවුන්ගේ උත්සහයන් වලට ආශිර්වාද ලැබීම පිලිබැඳව ඇති කොටස් වල , “එකට එක්සත්ව” යන වාක්‍ය කීපවරක්ම ඇතුළත් වී තිබෙන ආකාරය ඉතා විශේෂයි. ඒ හා සමාන රටාවක් ඇමරිකා මහද්වීපයයේ ඇදහිලිවන්තයින් අතර ස්වාමීන්වහන්සේ බැහැදැක ඔවුන්ට සේවය කල අවස්ථාවේ දී තිබීම ඉතා විශේෂයි. “එකට එක්සත්ව” යන්නෙහි තේරුම එකඟත්වතයයි, එක්සත් බව සහ එකමුතුබවයි.

එම ස්ථාන දෙකේදීම ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් එකමුතුව කල සමහරක් දේවල් නම්, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරුවා, ඒ වගේම දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යනය කළා සහ එකිනෙකා සමග ප්‍රේමයෙන් සේවය කළා.

ස්වාමින්වහන්සේගේ අනුගාමිකයින් අරමුණින්, ප්‍රේමයෙන් හා ක්‍රියාවලින් එක්සත්. ඔවුන් දැනගෙන හිටියා ඔවුන් කව්ද කියලා, ඔවුන් දැනගෙන හිටියා ඔවුන් කලයුත්තේ කුමක්ද කියලා, ඒවගේම ඔවුන් ඒ හැමදේම කලේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයත් එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමයත් නිසා. ඔවුන් එකිනෙකා සමඟ එකට එක්සත්ව ඉදිරියටම යන පුදුමාකාර වූ බහුරූපේක්ෂයක කොටසක්.

ඔවුන් ලැබූ ආශිර්වාද වලින් සමහරක් නම්, ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වී සිටියා, ඔවුන් අතර ප්‍රාතිහාර්ය සිදුවුනා, සභාව වර්ධනය වුණා, ඒ මිනිසුන් අතර අරගල තිබුනේ නෑ සහ ස්වාමීන්වහන්සේ සෑමදෙයින්ම ඔවුන්ව ආශිර්වාද කළා.

ඔවුන් එසේ එකමුතු වන්නට හේතුවක් වුනේ, ඔවුන් ස්වාමින්වහන්සේව පෞද්ගලිකව දැන සිටීම කියලා අපිට හිතන්න පුලුවන්. ඔවුන් උන්වහන්සේට ලංව සිටියා, උන්වහන්සේගේ දිව්‍යමය මෙහෙයුම ගැන, උන්වහන්සේ කල ප්‍රාතිහාර්ය ගැන, සහ උන්වහන්සේගේ නැවත නැගිටීම ගැන ඔවුන් සාක්ෂිදැරුවා. උන්වහන්සේගේ පාද සහ අත්වල කැළැල් දැක ඔවුන් ඒවා ස්පර්ශ කළා. ඔවුන් ස්ථිරයෙන්ම දැන සිටියා උන්වහන්සේ තමයි පොරොන්දු වී තිබූ මෙසියස්වහන්සේ කියලා, ලෝකයේ මිදුම්කරුවාණන් කියලා. “උන්වහන්සේ සුවවීමේත්, සාමයේත්, සදාකාලික වර්ධනයේත් මුලාශ්‍රය බව”ඔවුන් දැනගෙන හිටියා.

අපගේ භෞතික ඇස් වලින් අපි අපේ ගැලවුම්කරුවාණන්ව දැක නැති වුනත්, උන්වහන්සේ ජීවමාන බව අපිට දැනගන්න පුළුවන්. අපි උන්වහන්සේ කරා ලං වනවිට, උන්වහන්සේගේ දිව්‍යමය මෙහෙය ගැන ශුද්ධාත්මයාණන් මඟින් අපි පෞද්ගලික සාක්ෂියක් ලබාගැනීමට උත්සහකරන විට, අපිට අපේ අරමුණ ගැන පැහැදිලි තෙරුම්ගැනීමක් ලැබේවි; දෙවියන්වහන්සේගේ ආදරය අපේ හදවත් තුල රැඳේවි; අපේ පවුලේ, කොට්ටාශයේ, සහ සමාජයේ බහුරූපේක්ෂයේ එකා ලෙස හිඳින්නට අපිට උවමනාවක් ඇතිවේවි; ඒ වගේම අපි එකිනෙකාට “අලුත් හා හොඳ ආකාර වලින්” දේව සේවයේ යෙදේවි.

දෙවියන්වහන්සේගේ දරුවන්, ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ අවශ්‍යතා ඇති අනෙක් අයට ලඟාවන්නට ක්‍රියා කිරීමේදී ප්‍රාතිහාර්ය ඇතිවෙනවා.

රූපය
මුදවාගන්නන් සහිත ගංවතුර ඇති වීදිය

ව්‍යසන වලදී පුද්ගලයින් අතර පෙනී ඇති අසල්වැසි ප්‍රේමය පිලිබඳ කතාන්දර බොහෝ ප්‍රමාණයක් අපිට ඇහෙනවා. උදාහරණයක් විදියට, හෝස්ටන් නගරය පහුගිය අවුරුද්දේ විශාල ජලගැල්මකට හසුවුණු අවස්ථාවේදී, මිනිසුන් තමන්ගේ අවශ්‍යතාවයන් අමතක කරලා ගලවාගැනීමේ ක්‍රියා වලට ඉදිරිපත් වුණා. වැඩිහිටි ඝනපුර්ණයේ සභාපති උදව් ඉල්ලා පණිවිඩයක් ජනතාවට යැව්වා, ඒ අවස්ථාවේම ගලවාගැනීමේ බෝට්ටු 77ක් ඉක්මනින් සුදානම් උනා. ගලවාගන්නන් බලපෑමට ලක්වුණු අසල්වැසි ප්‍රදේශය පුරා ගිහින් පවුල් විශාල ප්‍රමාණයක් සභා රැස්වීම් ස්ථාන වලට රැගෙන ආවා, එතැනදී ඔවුන්ට අවශ්‍ය උදව් සහ උපකාර ලැබුනා. සාමාජිකයිනුත් සාමාජිකයන් නොවන අයත් එක්සත්ව එකම අරමුණකට ක්‍රියා කළා.

රූපය
ස්පාඤ්ඤ භාෂාව උගන්වන ධර්මදුතයන්

චිලී, සන්තියාගෝ වල, හයිටි වලින් ආ ඇයගේ ප්‍රජාවේ සිටි සංක්‍රමණිකයන්ට උදව් කිරීමට සහන සමිති සභාපතිනියට අවශ්‍යතාවක් ඇතිවුනා. ඇයගේ පූජකවර නායකයන් සමග උපදෙස් ගැනීමෙන් පසු, ඔවුන්ගේ අලුත් නිවාස වලට වඩාත් හොදින් එකතු වන්නට උදව් කරන්නට, ඇයත් අනෙකුත් නායකයිනුත් ඒ සංක්‍රමණිකයන්ට ස්පාඥ භාෂාව ඉගැන්වීමට අදහසස් කෙරුවා. සෑම සෙනසුරාදා උදෑසනකම, ධර්මදූතයින් ඔවුන්ගේ ඉතා යුහුසුළු ශිෂ්‍යයන් හා සමග රැස්වුනා. එම ගොඩනැගිල්ලේ තිබූ එක්සත්බවේ හැඟීමට වෙනස් වටපිටාවන්ගෙන් ආ පිරිස් එකට එකතුවී සේවය කිරීම ඉතා හොඳ උදාහරණයක් උනා.

රූපය
මෙක්සිකෝවේ ස්වෙච්චාවෙන් ඉදිරිපත්වන්නන්

මෙක්සිකෝවේ, ඉතා විශාල භූමිකම්පා දෙකකින් විපතට පත්වුණු අයට උදව් කරන්නට සියගණන් සාමාජිකයන් පැය ගණනක් ගමන් කළා. ඔවුන් උපකරණ, යන්ත්‍ර හා ඔවුන්ගේ අසල්වාසීන් කෙරෙහි තිබූ ප්‍රේමයත් සමග ආවා. උපදෙස් ලබාගන්නට මේ ස්වේච්ඡා පුද්ගලයින් සභා ශාලාවක එකට රැස්වෙලා සිටිනවිට, “ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ප්‍රේමය” ගැන එවැනි හෙළිදරව්වක් දුටු ඉක්සහෝටන් නගරයේ නගරාධිපතිගේ ඇස් වලට කඳුළු පිරුනා.

අපේ සහන සමිති වල හා පූජකවර කොට්ටාශ වල හැම මාසෙම එකට එකතු වෙලා උපදේශ ලබාගන්න ස්වාමීන්වහන්සේ දැන් අපට අවස්තාවක් ලබාදෙනවා, ඉතින් අපි හැමෝටම පුළුවන් අපේ ශාඛා හෝ කොට්ටාශ බහුරූපේක්ශකයේ ක්‍රියාකාරී සහභාගිකරුවන් වෙන්න - ඒ ස්ථානය තමයි අපි හැමෝම සම්බන්ධවෙන තැන, අපි හැමෝවම ඕන වෙන තැන.

අපි හැමෝගෙම මාර්ග එකිනෙකට වෙනස්, ඒ නමුත් අපි එකට ගමන් කරනවා. අපේ මාර්ගය කියන්නේ අපි කරපු දේවල්වත් අපි හිටිය තැනවත් නෙවෙයි; ඒ තමයි අපි එකමුතුව කොහෙද යන්නේ සහ අපි කව්රු බවට පත්වෙනවද කියන එක. ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීමෙන් අපි එක්ව උපදේශ ලබාගත්විට, අපි කොහෙද ඉන්නේ සහ අපි යන්න ඕනේ කොහෙද කියන එක අපිට බලන්න පුළුවන්. අපේ ස්වභාවික ඇසට දකින්නට බැරි දැක්මක් ශුද්ධාත්මයාණන්වහන්සේ අපිට ලබාදෙනවා, මොකද “අනාවැකි අපි අතරෙ විසිරිලයි තියෙන්නේ,” අපි ඒ අනාවැකි එකට එකතු කරගත්තම, අපිට බොහෝ දේවල් දකින්න පුළුවන්.

අපි එකමුතුවෙන් වැඩ කරනකොට, අපේ අරමුණ වෙන්න ඕනේ ස්වාමින්වහන්සේගේ කැමැත්ත කරන්න; අපේ දිරිගැන්වීම විය යුත්තේ දෙවියන්වහන්සේ කෙරෙහිත් අපේ අසල්වැසියන් කෙරෙහිත් අපට දැනෙන ප්‍රේමයයි; අපේ විශාල උවමනාව විය යුත්තේ “වෙහෙසවී වැඩකිරීමයි,” ඒ මගින් අපිට පුළුවන් අපේ ගැලවුම්කරුවාණන් වෙතට මහිමාන්විත නැවත යාමේ මග සූදානම් කරගන්නට. අපිට මේ හැමදෙයක්ම කරන්න පුළුවන් එකම මාර්ගය තමයි “එකට එක්සත්ව” සිටීම.

මොනාක් සමනලුන් වගේ, එකමුතුව හා එක අරමුණකින් අපි අපේ ගමනේ එක්ව යෙදෙමු, අපි එකිනෙකාට තියන වෙනස් වූ ගතිගුණත්, දායකත්වයත් එක්කම, මේ ලෝකය තවත් ලස්සන කරන්නත් පලදායී කරන්නත් අපි වැඩ කරමු. අපේ ගැලවුම්කරුවාණන් සමග සම්පුර්ණ එකඟත්වයෙන් එක් අවස්ථාවකට එක් පුංචි පියවරක් බැගින් තියමු.

අපි උන්වහන්සේගේ නාමයෙන් එක්රැස් වී සිටිනවානම්, අපේ මද්‍යස්තයේ උන්වහන්සේ වැඩසිටින බව අපේ ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපිට පොරොන්දු වී තිබෙනවා. මම සාක්ෂිදරනවා, උන්වහන්සේ ජීවමානයි, මේ වගේ ලස්සන වසන්ත සමයේ උදෑසනක උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා. සෑම රාජකීයයන්ටත් ඉහලින් උන්වහන්සේ රාජකීයයි, “රජුන්ගේ රජු සහ ස්වාමීන්ගේ ස්වාමිනුත් උන්වහන්සේයි.”

අපි ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් මෙහෙයවෙන ආකාරයට, පියාණන්ද උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ද සමග අපි එක්කෙනෙකු වෙමු, මේ මගේ නිහතමානී යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. ආබ්‍රහම් 3:26 ; 4:7, 9–12, 15, 18, 21, 24–25 බලන්න.

  2. මොනාක් සමනලුන් ගැන තියන විශේෂ තොරතුරක් වෙන්නේ ඔවුන්ට කැනඩාවේ උතුරු ප්‍රදේශයට යන්නට පරම්පරා 3ක් ගතවීමයි. ඒ කොහොමවුනත්, “සුපිරි පරම්පරාව” ඔවුන්ගේ සම්පුර්ණ ගමන මෙක්සිකෝවේ දකුණු දෙසට ගොස්, ඔවුන්ගේ සීත සෘතුව එහි ගතකරනවා, ඉන්පසු පළමු ගමනම ආපසු උතුරට ගමන් කරනවා. “Flight of the Butterflies”බලන්න, [වීඩියෝව, 2012]; ]; “Flight’: A Few Million Little Creatures That Could,” WBUR පුවත්,සැප්. 28, 2012, wbur.org.)

  3. See “Why Do Monarchs Form Overnight Roosts during Fall Migration?” learner.org/jnorth/tm/monarch/sl/17/text.html.

  4. See “What Is a Group of Butterflies Called?” amazingbutterflies.com/frequentlyaskedquestions.htm; see also “kaleidoscope,” merriam-webster.com. Kaleidoscope comes from the Greek kalos (“beautiful”) and eidos (“form”).

  5. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,”ලියහෝනා, මැයි 2017, 145.

  6. දහම සහ ගිවිසුම 88:19; දහම සහ ගිවිසුම 88:25 ද බලන්න.

  7. මොසායා 18:21 බලන්න.

  8. 3 නෙපි 10:4.

  9. දහම සහ ගිවිසුම 38:27.

  10. මොසායා 15:7.

  11. ක්‍රියා 1:14; අවධාරණය කිරීම් සහිතයි.

  12. යෙරුසලමේදී සාන්තුවරයන් කල සමහරක් දේවල්: නව ප්‍රේරිතවරයෙක් සහ අවංක වාර්තා සහිත මිනිසුන් 7 දෙනෙක් තෝරාගෙන, ඔවුන්ට වාර්තා කිරීම (ක්‍රියා 1:26;6:3–5)) බලන්න ; පෙන්තකොස්ත දවසේ එකට එකතුවීම (ක්‍රියා 2:1); යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිලිබඳ සාක්ෂි දැරීම (ක්‍රියා 2:22–36);3:13–26; 4:10, 33; 5:42);සෙනගට පසුතැවීමට අරාධනා කර බෞතීස්ම කිරීම (ක්‍රියා 2:38–41)බලන්න ; නැවත නැවත සහභාගී වෙමින් යාච්ඤාවෙන් රොටී කැඩීම (ක්‍රියා 2:42 බලන්න) ; එක්ව හින්ද හැමදෙයක්ම පොදුවේ තබාගැනීම (see ක්‍රියා2:44–46; 4:34–35);බලන්න) ; දේවමාලිගාවට සහභාගී වීම (ක්‍රියා 2:46 බලන්න) ; ඔවුන්ගේ ආහාර ප්‍රීතියෙන් හා හදවත් වලින් එකමුතුව කෑම (ක්‍රියා 2:42බලන්න) ; දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හැමදෙනෙක් සමගම කැමැත්ත ලබාගැනීම(ක්‍රියා 2:47 බලන්න) ; ඇදහිල්ලෙන් යුතුව කීකරු වීම (ක්‍රියා 6:7බලන්න) ; හැම අවස්තාවකදීම යාච්ඤා කර දේව සේවයට ඔවුන්ව යෙදවීම (ක්‍රියා 6;4බලන්න). ඇමරිකා මහාද්වීපයේ සාන්තුවරයින් කල සමහරක් දේවල්: ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීම (3 නෙපි28:23බලන්න); ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිහිටුවීම (4 නෙපි 1:1බලන්න) ; මිනිසුන් බෞතීස්ම කිරීම (4 නෙපි1:1)බලන්න) ; හැම මනුෂ්‍යයෙක්ම අනෙකා සමග යුක්තිසහගත ලෙස ක්‍රියාකිරීම (4 නෙපි1:2)බලන්න) ; සෑම දෙයක්ම පොදුවේ තබාගැනීම (4 නෙපි 1:3); නගර නැවත ගොඩනැගීම (4 නෙපි1:7–9)බලන්න);විවාහ කිරීම (4 නෙපි1:11)බලන්න) ; ස්වාමින්වහන්සේගෙන් ලද අණපනත් ඔස්සේ ගමන් කිරීම (4 නෙපි1:12)බලන්න) ; නිරාහාරයෙන් සහ යාච්ඤාවෙන් සිටීම (4 නෙපි 1:12)බලන්න); ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමටත් යාච්ඤා කිරීමටත් නිතර රැස්වීම (4 නෙපි1:12බලන්න).

  13. යෙරුසලමේදී සාන්තුවරයන්ට ලැබුණු සමහරක් ආශිර්වාද: ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටියහ ( ක්‍රියා 2:4;4:31බලන්න); ඔවුන්ට අන්‍ය භාෂා කතා කිරීමේ හා අනාවැකි කීමේ වරප්‍රසාදය ලැබී දෙවියන්වහන්සේගේ පුදුමාකාර වූ ක්‍රියා ගැන කතා කළෝය (ක්‍රියා2:4–18)බලන්න); ප්‍රේරිතවරුන් මගින් පුදුම දේ සහ සංඥා විශාල් ප්‍රමාණයක් සිදිවිය (ක්‍රියා2:43)බලන්න); ප්‍රාතිහාර්ය සිදුවිය ( ක්‍රියා3:1–10; 5:18–19; 6:8, 15)බලන්න); ගොඩක් සෙනග සභාවට බැඳුනෝය (ක්‍රියා2:47; 5:14)බලන්න). ඇමරිකා මහාද්වීපයේ සාන්තුවරයන්ට ලැබුණු සමහරක් ආශිර්වාද: මිනිසුන් ස්වාමීන්වහන්සේ කෙරෙහි හැරුනෝය (3 නෙපි28:23;4 නෙපි1:2)බලන්න); පරම්පරාව ආශිර්වාද ලැබුවේය (3 නෙපි28:23බලන්න); ඔවුන් අතරෙ කිසිදු වාද භේද තිබුනේ නැත (4 නෙපි1:2, 13, 15, 18)); එහි දුප්පත් පොහොසත් සිටියේ නැත (4 නෙපි1:3)බලන්න); ඔවුන් සැමවම නිදහස් කර ස්වර්ගීය ත්‍යාගයේ පංගුකාරයින් කර තිබිණි ((4 නෙපි1:3 බලන්න); දේශයේ සාමය තිබිණි (4 නෙපි1:4බලන්න); ශ්‍රේෂ්ට ප්‍රාතිහාර්ය සිදුවුණි (4 නෙපි1:5,13); ස්වාමීන්වහන්සේ ඔවුන්ව සමෘදිමත් කල සේක (4 නෙපි1:7, 18බලන්න); ඔවුන් ශක්තිමත් වී, වේගයෙන් වර්ධනය වී, පැහැපත් වී ප්‍රියජනක විය (4 නෙපි1:10)බලන්න); ස්වාමීන්වහන්සේ ඔවුන්ට ලබාදුන් බොහෝ ආශිර්වාද වලින් ඔවුන් ආශිර්වාදිත විය (4 නෙපි1:11); දේශයේ අරගල නොමැති විය, මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රේමය මිනිසුන්ගේ ගදවත් වල බැඳී තිබිණි ((4 නෙපි1:15); ඊර්ශ්‍යා වීමක් වත්, කම්පන වත්, කැලඹීම්, හෝ කෲරකම්, ලෙන්ගස් හෝ මිනීමැරුම් හෝ නින්දාසහගත කිසිදු ආකාරයක් තිබුණේ නැත. සැබැවින්ම දෙවියන් වහන්සේගේ හස්තයෙන් බිහි වූ සියලු ජනතාව අතර සන්තෘප්ත මිනිසුන් එහි විය (4 නෙපි 1:16බලන්න); කොල්ලකරුවන් හෝ මිනී මරන්නෝ නැත; ලාමන්වරුවත්ව, කිසිම ආකාරයක වරුවත් නැත; එහෙත්, ඔව්හු එක් කෙනෙක් ය, ක්‍රිස්තුන්වහන්සේගේ දරුවෝ ය, දෙවියන්වහන්සේගේ රාජ්යයට උරුමක්කාරයෝය (4 නෙපි1:17බලන්න); ඔවුන්ගේ සෑම දෙයකදීම ස්වාමීන්වහන්සේ ඔවුන් ආශිර්වාද කල සේක (4 නෙපි1:18බලන්න).

  14. Jean B. Bingham, “That Your Joy Might Be Full,” Liahona, Nov. 2017, 85.

  15. 4 නෙපි1:15බලන්න.

  16. Jeffrey R. Holland, “Emissaries to the Church,” Liahona, Nov. 2016, 62.

  17. මොරෝනි7:47.

  18. Neil L. Andersen, in “Auxiliary Panels Use New Training Library,” Liahona, Apr. 2011, 76.

  19. මතෙව්22:37–40බලන්න.

  20. යාකොබ්5:61.

  21. මතෙව්18:20.

  22. 1 තිමොති 6:15.

මුද්‍රණය කරන්න