2010–2019
වැඩකරන තරුණ කාන්තාවන්
2018 අප්‍රියෙල්


කාර්යයෙහි නියත තරුණ කාන්තාවන්

සභාවේ සියළු තරුණ කාන්තාවන්ට තමන් ඉතා අගය කොට සලකන බව දැනිය යුතුයි. ඇයට සේවය කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා සේම මෙම සේවය සඳහා ඉතා වටිනා යමක් බෙදා ගැනීමට ද ඇයට අවස්ථාව ලැබේ.

අවුරුද්දකට ප‍්‍රථම, සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන පුජකවර සැසිවාරයේ දී, ජෙරල්ඩ් කොස්සේ බිශෝප්තුමා ආරෝනික සහ මෙල්කැසිදික් පුජකවරුන් ගලවා ගැනීමේ ක‍්‍රියා වලදී වෙන් කළ නොහැකි හවුල්කරුවන් සේ සියළුම කාර්යයන් ඉටුකර දුන් බව සභාවේ සිටි පිරිමින් අමතා පවසා සිටියා. 1 මෙම පණිවිඩ මහ පොළොව මත දේවියන් වහන්සේ ගේ රාජධානිය සදා ගැනීමේදී ආරෝනික පුජකවරය දරණ තරුණ පුජකවරුන්ට තම කොටස කුමක්දැයි කියා දැනගැනීමට උදව් වීමේ බලගතු ආශිර්වාදයක් වුවා. ඔවුන්ගේ මෙම එකමුතුව කරන සේවය සභාව ශක්තිමත් කළා සේම ඒ පිළිබඳව ගැඹුරින් කථා කිරීමට හා කැප වී ක‍්‍රියා කිරීමට මෙම සේවය කොතරම් අගනා දායකත්වයක් ලබා දුන්නේද යන්න ඔවුන්ගේ තරුණ හදවත් වලට දැනුනා.

දෙවියන් වහන්සේට හා එතුමාගේ සභාවේ හා ඔවුන්ගේ පවුල් තුළ සේවාවන් ඉටු කර දීමට තරුණ කාන්තාවන්ගේ සේවය කොතරම් අත්‍යවශ්‍ය දැයි මා ඔබට අද දින පවසා සිටින්නේ පොතක අවසානය ලෙසට මෙම පණිවිඩය එක් කරමින්ය.

බිෂොප් කොස්සේ මෙන් මා ද මාගේ තරුණ කාලයේ හොදම අවධියක සභාවේ කුඩා ශාඛාවක ජිවත් වුණා. එහිදි නිරතුරුවම මා හට පැවරුම් සම්පුර්ණ කිරීමටත්, වැඩිහිටියන් සාමාන්‍යයෙන් කරන කැඳවීම් කරන්නට සිදුවුනා. උදාහරණයක් ලෙස සභාවේ යොජිත වැඩ සැලසුම්වල මුලිකත්වය ගැනීම, ඒවා අපගේ ක‍්‍රියාකාරකම් ලෙස පවත්වාගෙන යෑම හා විශේෂ සිද්ධීන් ක‍්‍රියාත්මක කිරීමට ද අපගේ තරුණ කණ්ඩායම් වලට පැවරුණා. අප නාට්‍ය ලිව්වා. සභාවේ උත්සව සඳහා විනෝදය ලබා දීමට ගායක කණ්ඩායමක් සුදානම් කළා. එමෙන්ම හැකි උපරිම ආකාරයෙන් එම උත්සව වලට අපගේ දායකත්වය ලබා දුන්නා. මා ශාඛාවේ ගිතීකා මෙහෙයවන්න තෝරා ගෙන සෑම සතියකම සක‍්‍රමෙන්තු රැස්වීම්වල මුලිකත්වය ගෙන ගායානා කිරීමට සිදුවුණා. ඔබට සිතා ගැනීමට පුළුවනිද අවු. 16ක මා හට ලැබුණේ කොතරම් වැදගත් අත්දැකීමක් ද සෑම ඉරිදා දිනයකම ගිතීකා කණ්ඩායම මෙහෙයවමින් සභාවේ සියළු දෙනා ඉදිරියේ ගායනා කිරීමට සිදුවීම. මා හට දැනුනා මා අවශ්‍ය බව හා මාගෙන් යමක් දායක වීමට ඇති බව මා එතැන සිටිය යුතු බව ජනතාව බලාපොරොත්තු වුනා. මාගේ වැදගත්කම ගැන මා සතුටු වුනා. එම අත්දැකීම ජේසුස් වහන්සේ පිලිබඳ සාක්ෂිය ගොඩ නඟා ගැනීමට උදව් වුනා. එය බිශෝප් කොස්සේට කළා මෙන්ම මගේ ජීවිතයද ශූභාරංචිය මෙහෙහි රඳවා ගත්තා.

අප කොතරම් අවශ්‍ය වන්නේ දැයි සෑම සාමාජිකයෙකුටම ඔහු හෝ ඇය දැනගත යුතුයි. සෑම කෙනෙකුටම බෙදා ගැනීමට වැදගත් දේවල් තිබේ. අද්වීතිය දක්ෂතා හා යමක් කිරීමට ඇති හැකියාව මෙවැනි වැදගත් සේවාවන් කිරීමට අපට උදව් වේ. අපගේ තරුණ පිරිමින් සඳහා අරොනික පූජකත්වයේ වගකීම් ඉතාමත් පැහැදිලි ලෙස දහම සහ ගිවිසුමෙහි නිර්වචනය කර ඇත. සමහර විට සභාවේ සිටින තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ දෙමාව්පියනට, ඔහුන්ගේ නාකයනට, එය පැහැදිලි බවින් අඩු ඇති. , ඔවුන් බෞතීස්ම වූ දිනයේ සිට ගිවිසුම් ගත වගකීම් ලෙස “ශෝකවන්නන් සමඟ ශෝකවීමට කැමැත්තද, සැනසිල්ල අවශ්‍ය වන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, සියලු කාලයන්හිද, සියලු දේවල් තුලහිද, නුඹ සිටින්නාවූ සියලු ස්ථානයන්හි ද, මරණය දක්වා වුවත් දෙවියන්වහන්සේගේ සාක්ෂියක්ව නැගී සිටීමට,අවශ්‍ය බව”2. තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ ශාඛා හා සභාවල අවස්ථාවන් තිබෙනවා මෙම වගකීම සම්පුර්ණ කිරීමට ඔවුන්ගේ පන්ති සභාපතිත්වය දරණ අවස්ථාවේ තරුණ උපදේශක සභාවන් තුළ හෝ වෙනත් කැඳවීම් අවස්ථාවලදී සභාවේ සිටින සෑම තරුණ කාන්තාවකටම ඔවුන් අගය බව, සේවය කිරීමට අවස්ථාවක් ඇති බව හා මෙම සේවාවන් වලදී වැදගත් දේ බෙදා ගැනීමට ඇති බව දැනිය යුතුයි.

අත්පොත 2, හි අපි ඉගෙන ගන්නවා අපගේ කොට්ඨාශ තුල ගැලවීමේ කාර්යයන් වලට “සාමාජිකයන මිෂනාරි සේවයේ යෙදීම,හැරුණු තැනැත්තන් අත්නාර තබාගැනීම, අඩු ක්‍රියාකාරීත්වයෙන් යුත් සාමාජිකයන් ක්‍රියාකාරී කරවීම, දෙවමාලිගා සහ පවුල් ඉතිහාස කාර්යයන්”3 ඇතුලත් බව. කොට්ඨාශ තුළ මෙම සේවාවන් හසුරවන්නේ කොට්ඨාශය වෙනුවෙන් ශුද්ධවූ පුජකවර යතුරු දරන බිශෝප් තුමා මගිනි. අවුරුදු කීයක සිටද “අපගේ තරුණ කාන්තාවන් මෙම සඳහන් කල කාරනා වලින් කුමන කාරණාවකට ඇතුළත්නොවිය යුතු ”දැයි යන ප්‍රශ්නය අපගේ සභාපතීත්වය අසන්නේ? එයට උත්තරය වන්නේ මෙම සියලුම කාර්යයන් වලට ඔවුන්ගේ කුමන හෝ දායකත්වයක් අවශ්‍ය බවයි.

උදහරණයක් ලෙස ලාස් වේගාස් වල කොට්ඨාශ සභාවන් වල සේවය කරන හා පවුලේ ඉතිහාස විශේෂඥ උපදේශකයන් ලෙස සේවය කරන තරුණ කාන්තාවන් කිහිප දෙනෙකුම මා හට මෑතකදී මුණ ගැසුනා. ඔවුන් කොට්ඨාශ තුළ ඉගැන්වීමට හා සාමාජිකයන්ට ඔවුන්ගේ මුත්තන් සොයා ගැනීමට උදව් වීම සම්බන්ධව උද්යෝගයෙන් බැබලූනා. ඔවුන් සතුව අගනා කුසලතා , පවුල් සොයා ගන්නේ කෙසේද හා ඔවුන්ගේ සතු දැනුම බෙදා ගන්නේ කෙසේද යන්න ඔවුන්ගේ පරිඝනක තුළ තිබුණා. එයින් පැහැදිලි වන්නේ මියගිය මුත්තන්ගේ නාමයන් සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳ සාක්ෂි ඔවුන් සතුව තිබෙන බවයි. එය දේව මාලිගයේ අත්‍යවශ්‍ය ගලවා ගැනීමේ නියෝග ක‍්‍රියාවලට නැංවීමට හැකියි.

මාස කිහිපයකට පසු අවු. 14 ක තරුණ කාන්තාවන දෙදෙනෙකු සමඟ පරික්ෂණය කිරීමට මා හට අවස්ථාව ලැබුණා. මම සැබෑ කොට්ඨාශ මන්ත‍්‍රණ සභාවේ න්‍යාය පත‍්‍රයේ පිටපත් දෙකක් ලබා ගෙන එමා සහ මගීට පිටපත් බැගින් ලබා දුන්නා. මම ඔවුනට කීවා න්‍යාය පත‍්‍රය කියවා කොට්ඨාශ මන්ත‍්‍රණ සභාවේ ඔවුන්ට සේවය කිරීමට හැකි ක‍්‍රියාකාරී අංක තිබේ දැයි බලන ලෙසට. කොට්ඨාශය තුළට අලූත්ම පවුලක් පැමිණෙන බව එමාට සොයා ගැනීමට හැකිවුණා. ඇය ඔවුනට පැමිණිමට හා ඔවුන්ගේ බඩු අස්කර ගැනීමට උදව්වුණා. එම පවුලේ ළමුනට උදව් කර මිත‍්‍ර වී ඔවුන්ගේ නව පාසල පෙන්වීමට ඇය කැමති වුනා. කොට්ඨාශයේ රාත්‍රී කෑමක් තිබෙන බව හා ඒ සඳහා විවිධාකාරයෙන් ඇයගේ සේවය ලබා දීමට ඇය කැමති වුණා.

මැගී දුටුවා කොට්ඨාශය තුළ වැඩිහිටි ජනතාව විශාල වශයෙන් උසස් සාමාජිකත්වය හා බැහැදැකීමේ අපේක්ෂාවෙන් සිටින බව. මෙම චමත්කාරජනක වැඩිහියටින් බැහැ දැකීමට හා ඔවුනට උදව් කිරීමට ඇය ආශා කළා. කොට්ඨාශය තුළ සිටින ජනාතාවට ඉගෙනීමට උදව් වීම. හා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමට උදව් විය යුතු බව ඇයට දැනුනා. මෙම තරුණ කාන්තාවන් දෙදෙනාට උදව් නොවිය හැකි කිසිම දෙයක් එම න්‍යාය පත‍්‍ර තුළ තිබුණේ නැහැ.

කොට්ඨාශ මන්ත‍්‍රණ සභාවල සිටින හෝ කැඳවීමක් බලාපොරොත්තුව සිටින අය මෙම තරුණ කාන්තාවන්ගෙන් වටිනා උපකාර ලබා ගත හැකි මාර්ග හා කොට්ඨාශ තුල උවමනාවන් වලට උදව් උපකාර කල හැකි මාර්ග දන්නවාද? සමහර අයට සේවය කළ හැකි වාතාවරණයක් දින ලැයිස්තු නියම වී තිබේ. අප නිතරම සිතන්නේ කොට්ඨාශ තුළ සිටින වැඩිහිටි අයට පමණක් මේ උදව් අවශ්‍ය බව ආරෝනික පුජකත්වය දරන්නන් මහන්සි වී වැඩ කිරීමට ඔවුන්ගේ පියවරුන් හා පුජකත්වය දරා සිටින අන් පිරිමි පක්ෂයකට ආරාධනා කරන්නා සේ, අපගේ තරුණ කාන්තාවන්ට සේවාවන් සුදානම් කිරීමට හා කොට්ඨාශ සාමාජිකයන්ට උපස්ථාන කිරීමට ඔවුන්ගේ මව්වරුන්ට හා ආදර්ශමත් අනෙකුත් සහෝදරියන්ට ආරාධනා කිරීමට හැකිවේවි. ඔවුන් කැපවීමෙන් දැඩි කැමැත්තෙන් ඉරුදින සභාවට කැමැත්තෙන්ම කළ හැකි දේ කිරීමට පැමිණෙවි.

රූපය
තරුණ කාන්තාවන් බඩු ගෙන ඒමට උදවු කරනවා
රූපය
තරුණ කාන්තාවන් සේවය කරනවා
රූපය
තරුණ කාන්තාවන් පරිගණකය සමඟ උදවු වෙනවා
රූපය
තරුණ කාන්තාවන් පිරිසිදු කරනවා
රූපය
තරුණ කාන්තාවන් සංගීතය මෙහෙයවනවා
රූපය
තරුණ කාන්තාවන් උගන්වනවා
රූපය
තරුණ කාන්තාවන් “ Helping Hands”බැනියම පලද සිටිනවා
රූපය
තරුණ කාන්තාවන් සභාව තුල ආචාර කරනවා

අපගේ තරුණ කාන්තාවන් නුදුරු අනාගතයේ දී ඔවුන්ගේ භූමිකාව සඳහා ආධාර ලබා දිය හැක්කේ කෙසේදැයි සිතා බලදදී, අපිට අපෙන් අසන්න පුළුවන් ඔවුන් අනාගතයේදී ධර්මදුත සේවාවන් සඳහා සුදානම් වීමට,ශූභාරංචිය තුල විද්වතුන් වීමට,, සභාවේ නායක ආධාරකරුවන් වීමට, දේවමාලිගයේ සේවා සපයන්නන් වීමට, බිරින්දැවරුන්, මව්වරුන්, මාර්ගෝපදේශකයන් හා මිත‍්‍රයන් වීමට දැන් අපි ඔවුන්ට ලබා දිය හැකි අත්දැකීම් මොනවාද කියල. ඇත්තටම එම භූමිකා සම්පුර්ණ කිරීම ආරම්භ කිරීමට ඔවුන්ට දැන් හැකියි. ඉරිදා දිනවල ඔවුන්ගේ පංති කාමර ඉගැන්වීමට තරුණයන්ට නිතරම ආරාධනා කරයි. තරුණ කාන්තාවන් දෙවමාලිගාවට තරුණ කණ්ඩායම් වශයෙන් මළවුන් බවුතිස්මය කිරීමට පැමිණි විට වත්පිළිවෙත් සේවා සපයන්නන් හෝ ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙන්නන් කලින් සම්පූර්න කල සේවාවන් ඉටු කිරීමට අවස්තාවන් දැන් ඇත. අපගේ ප‍්‍රාථමික ගැහැණු ළමුනට දෙවමාලිගාවට සහ පූජකවරයාට සූදානම් වීමේ රැස්වීම් වලට දැන් ආරාදන කර සිටිනවා, එමඟින් පූජකත්ව මගපෙන්වීම ඇතිව සිදුවන කාර්යයන් වලදී ඔවුන්ගේ පැමිණීමද වැදගත් බව ඔවුන්ට වැටහේවී. පිරිමින්, කාන්තාවන්, තරුණයන් හා ළමුන් පුජකත්ව ආශිර්වාදය තුළින් යමක් ලබා ගත හැකි තැනැත්තන් බවත්, ස්වාමින්ගේ කාර්යය ඉදිරියට ගෙන යෑම සඳහා සියළු දෙනාටම ක‍්‍රියාකාරී භූමිකාවන් වල යෙදිය හැකි බවත්, ඔවුන් ඉගෙන ගනිවි.

සභානායකවරුනි, අප දන්නවා ඔබගේ සේවාවන් කොතරම් අමාරුද කියා. එමෙන්ම ආරෝනික පුජකරව ඝනපුරණයේ මුලාසනය ගැනීමේ මුලිකත්වයද තිබේ. අත්පොත 2  සඳහන් වන්නේ ”සාභානායක හා ඔහුගේ උපදේශකයන් තරුණ කාන්තාවන්ගේ සංගමයට නායකත්වය දෙනය යනුවෙනි. මෙම කාර්යයේදී ඔවුන් දෙමව්පියන් හා තරුණ කාන්තා නායකයින් සමග එකට වැඩකර එක් එක් තරුණ කාන්තාව රැකබලා ඔවුන්ව ධහිර්යමත් කරනවා. සභා නායකවරු හා ඔවුන්ගේ උපදේශකයන් නිරතුරුවම තරුණ කාන්තා රැස්වීම් වලට , සේවාවන් වලට හා ක‍්‍රියාකාරකම් වලට නිතරතුරුවම සහභාගී වෙන බවට ද එහි සඳහන් වෙනවා.4 තරුණ කාන්තාවන්ගේ පන්ති නැරඹිමට කාලය ගැනීම හා තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ කොට්ඨාශ තුළ ඉතා හොඳින් සේවය කිරීමට අවස්ථාව ලබා දීම ගැන අප සභා නායකවරුන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. කොට්ඨාශ රැස්වීම් වලදි තරුණ කාන්තාවන් අගය කළ යුතු සාමාජිකාවන් ලෙස සැලකීම ගැන සභානායකවරුන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ගේ ක‍්‍රියාකාරකම් සතුට ගෙන දෙන ලෙස කිරීමට මෙම අවස්ථා ඔවුනට අර්ථවත් ආශිර්වාද ලබා දෙනවා.

සභාවේ සිටින තරුණ කාන්තාවෙනි ඔබට ඔබගේ යොවුන් විය අභියෝගාත්මක කාර්ය බහුල කාලයක් වේවි. ඔබලාගෙන් සමහරක් තමන් ගැනම කාරණා ගැන අරගල කරමින් . මානසික දුර්වලාතවයන් අධික වෙහෙස බවින් හා දොම්නස් බවින් සිටින බව අපට පෙනී යනවා. ඔබගේ ප‍්‍රශ්නය පළිබඳ ඇතුලතින් බලනවාට වඩා මතුපිටින් ඒ දෙස බලා මෙම ප‍්‍රශ්න විසඳිය නොහැකි වේ. එහෙත් සේවාවන්ට ඔබගේ පීඩාවන් ආලෝකමත් කර සැහැල්ලූ ලෙස මෙම කාරණා විසඳිය හැකි වේවි. තමන් පිළිබඳ හැඟිම් වැඩි දියුණු කර පෙන්විය හැකි හොඳම ක‍්‍රමය වන්නේ අන් අයට සේවය කරමින් තමන් සතු දේ අන් අයට බෙදා දීමෙනි.5 තරුණ කාන්තාවනි මම ඔබට අනුබල දෙනවා ඇත ඔසවා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වී ඔබ අවට සිටින්නන්ගේ අවශ්‍යතාවන් වලදී එම දෑත් වලිනොවුන්ට සේවය කරන්න. ඔබලාගේ ගිවිසුම සතු වගකීම හා දේවමාලිගාව ගොඩ නැගීම පිළිබඳ වගකීම සම්පුර්ණ කළ යුතුයි. එවිට ගෝලයෙකු සතු සතුට ඉතා තදබල ලෙස ඔබට දැනීම හා දේව ආශිර්වාදය ඔබට ලැබේවි.

සහෝදර සහෝදරියනි, අපගේ තරුණ කාන්තාවන් මහත් පුදුම සහගතය. ඔවුනට දක්ෂතාවය සීමාවක් නැති උද්යෝගය ,ශක්ති සම්පන්න බව අනුකම්පා සහගත බව හා රැකබලා ගැනීම පිහිටා තිබේ. ඔවුනට සේවය කිරීමටඅවශ්‍යයි. ඔවුන්ව අගය කරන බව හා ගැලවීම් ක‍්‍රියාවලියේ දී ඔවුන් අත්‍යවශ්‍ය බව ඔවුන් දැන ගත යුතුයි. හරියට තරුණ පිරිමින් මෙල්කෙසිදික් පූජකවරයට ප්‍රගමනය වී වඩාත් හොඳ සේවයක් කිරීමට ආරෝනික පුජකවරය තුල සුඋදානම් වනවා සේ, අපගේ තරුණ කාන්තාවන් උසස් කාන්තා සංවිධානවල සාමාජිකත්වය ගැනීමට සහන සමිති වලට එකතු වීමට සුදානම් වේවි. මෙම ලස්සන ශක්තිමත් භක්තිවන්ත තරුණයන් හා තරුණ කාන්තාවන් ස්වාමිපුරුෂ, භාර්යාවන් වීමට හා මව්වරු පියවරු වීමට සුදානම් වේවි. දෙවියන් වහන්සේ ගේ දිව්‍යමය රාජධානියේ වටිනා පවුල් ගොඩ නැගීමට උදව් වේව.

අපගේ ස්වර්ගීය දෙවිපියාණන් වහන්සේ එතුමන් ට සේවය කරන එතුමන් ගේ දරුවන්ට සදාකාලික බව හා සදාකාලික ජිවිත ලබා දෙන බවට මම සාක්ෂි දරමි.6 මෙම වැදගත් සේවය ඉටු කර දීමට අපගේ අගනා තරුණ කාන්තාවන් ට ඉතා වැදගත් භූමිකාවක් කළ යුතුවේ. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ගේ නාමයෙන් ආමෙන්

මුද්‍රණය කරන්න