2010–2019
දෙවියන්වහන්සේගෙන් ලැබෙන වටිනා ත්‍යාග
2018 අප්‍රියෙල්


දෙවියන්වහන්සේගෙන් ලැබෙන වටිනා ත්‍යාග

ක්‍රිස්තුස්වහන්සේ තුල කුඩාම ප්‍රමාණයක හෝ ඇදහිල්ල තුල අපි ක්‍රියාකරන විටදී අපේ ජීවිතය ඇදහිල්ලෙන්, ප්‍රීතියෙන්, සතුටින්, බලාපොරොත්තුවේ සහ ප්‍රේමයෙන් පිරී යාමට හැකිය.

මාගේ සහෝදර සහෝදරියනි, අපි දැන් මොහොතකට පෙර සහභාගී වූයේ ගෞරවනීය සමුළුවකටයි, එය බයිබලයේ පැරණි ඊශ්‍රායල් වරුන් ස්වාමින්වහනසේගේ වැඩ සිටීම දැනීමටත්, උන්වහන්සේගේ ආශීර්වාද සැමරීමටත් එකතු වුණු එකතුවීම් දක්වා අපිට එය දකින්නට පුළුවන්. 1 අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් එවැනි පැරණි සිරිත් විරිත් නැවත පිහිටුවීමත් සමග අද දින තුළ අපිට එය අත්විඳීමට හැකිවීමට තරම් අපි සැම වරප්‍රසාද ලබා සිටී. 2 මෙම පූජනීය අවස්ථාව පිලිබඳ ඔබට හැඟුණු දේ ඔබගේ සටහනන් පොතේ සටහන් තබාගන්නා ලෙසට ඔබව මම උනන්දු කරන්නට කැමතියි.

අපගේ ආදරණීය මිත්‍රයෙක් හා අනාගතවක්තෘ වූ, සභාපති තෝමස් එස්. මොන්සන් ගෙන් මෑතකදී අපි සමුගත්තෙමු. ඔහුව අපිට අමතක නොවුනද, තම සභාවේ මුලසුන ගන්නට ස්වාමින්වහන්සේ සභාපති රසල් එම්. නෙල්සන්ව තම අනාගතවක්තෘවරයෙකු ලෙස කැඳවීම පිලිබඳ අපි බොහොම ස්තුතිවන්ත වෙමු. ක්‍රමවත් ආකාරයකට, අපගේ සභා ඉතිහාසයේ අපි නව පරිච්ජේදයක් අපි දැන් ආරම්භ කළෙමු. මෙය අප දෙවියන්වහන්සේගෙන් ලැබූ වටිනා ත්‍යාගයකි.

අප එකිනෙකා අත ඔසවා සහාපති නෙල්සන්ව ස්ථිර කිරීමෙන්, ඔහු සභාපති මොන්සන්ගෙන් පසුව ඉන්නා නියම අනුප්‍රාප්තිකයා බවට අපි දෙවියන්වහන්සේ ඉදිරියේ සාක්ෂි දරා පිලිගනිමු. ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම ලැබෙන ඔහුගේ හඳට ඇහුම්කන්දීමට අපි එසවූ දෑත් සමගම අපි පොරොන්දු වෙමු.

ස්වාමින්වහන්සේ මෙසේ පැවසු සේක:

“ඔහුට ලැබෙන පරිදි ඔහු විසින් ඔබට ලබාදෙන ඔහුගේ (මෙයින් අදහස් කරන්නේ සභාවේ සභාපති) වචන වලට සහ අණ පණත් වලට ඔබ විසින් අහුම්කන්දිය යුතුය … ;

“මක්නිසාද ඔබට ඔහු පවසන එම වචන ඔහුට ලැබෙන්නේ මාගේ මුඛයෙන්ය, මහත් ඉවසීමෙන් හා ඇදහිල්ල නිසාය ”3

මම අපගේ නව අනාගතවක්තෘ - සභාපතිවරයාව අවු. 60 වඩා කාලයක සිට හැඳින සිටිමි. ස්වාමින්වහන්සේගේ හස්තය පෙර සිටම අපගේ මුලසුන දරණ අපෝස්තුළුවරයා හා දිවැසිවරයා හා පොලවෙහි ශූද්ධවන්ත පූජකවරය පරිපාලනය කරන සෑම යතුරක්ම දැරීම සඳහා ඔහුව ලැහැස්ති කරමින් සිටි බවට මම සාක්ෂි දරමි. අපි සියල්ලක්ම මුළුමනින්ම ඔහුවත් ඔහුගේ උපදේශකයන්වත් ස්ථිර කරසහ ඔහුගේ මගපෙන්වීම් අනුගමනය කරමු.එමෙන්ම වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝරෙස්ව ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝනපූර්ණයට අපි උණුසුම්ව පිළිගනිමු.

මෙම සති අන්තයේ ශ්‍රේෂ්ඨ ලෙස සමරන පාස්කුව, එනම් යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු, උන්වහන්සේ ගෝලයන්ට පෙනී මෙසේ පැවසුසේක,“ඔබට සාමය වේවා:පියාණන්වහන්සේ මා එවා වදාලාක් මෙන් මම ද ඔබ යවමි.”4 මෙම ක්‍රියවන් දෙක දෙස බලන්න - දෙවියන්වහන්සේ උන්වහන්සේ පුත්‍රයාණන්ව එවූ සේක. උන්වහන්සේලාගේ කාර්යය ඉටුකරගැනීම සඳහා, පුත්‍රයාණන් උන්වහන්සේගේ සේවකයන් එනම් ලෞකික පිරිමින් සහ කාන්තාවන්, එවන සේක.

ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට කැඳවා ඇති පුද්ගලයින් මනුෂ්‍යයන් ලෙස සර්වසම්පුර්ණ නොවීම පිලිබඳ අපි පුදුමයට පත්විය යුතු නැත. ශ්‍රේෂ්ට කාර්යයන් ඉටුකිරීමට දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇති පිරිමින් සහ කාන්තාවන් පිලිබඳ විස්තර සහිත සිදුවීම් ශුද්ධලියවිලි තුල කතන්දර ලෙස ඇත - ස්වර්ගික පියාණන්වහන්සේගේ යහපත් පුතුන් සහ දියණියන් සභාවේ යම් පැවරුම් මත සේවය කිරීමට කැඳවා ඇත, ඔවුන් ඔවුන්ගේ උපරිමය කරන්නට වෙර දරන නමුත් ඔවුන් එක්කෙනෙක්වත් සර්ව සම්පුර්ණ නැත. අද දිනයේදීත් එය එලෙසමයි.

මනුෂ්‍යයන් ලෙස අප සතුවූ දුර්වලතා හා අඩුපාඩුත් සමග, එකිනෙකාට සහය දෙමින් සහ අනුත්මත කරමින් අපි ඉදිරියට යන්නේ කෙසේද? එය පටන් ගන්නේ ඇදහිල්ලෙන් - ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ සත්‍ය ඇදහිල්ලෙන්. ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය ක්‍රිස්තුස්වහන්සේගේ ශූභාරංචියේ පළමු මූලධර්මයයි.

වසර කිහිපයකට පෙර මම ශූද්ධ වු නගරය බලන්නට ගියෙමි. අපි එක් අබ පැළයක් පසු කරමින් ගමන් ගන්නා අතරතුර මා අබ ඇටයක් කෙදිනක හෝ දැක ඇත්ද යන්න BYU ජෙරුසලම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මගෙන් ඇසුවේය. මා පෙර දැක තිබුණේ නෑ ඒනිසා අපි නැවතුනෙමු. ඔහු මට මේ අබ ගසෙහි ඇට පෙන්වුවේය. ඒ ඇට විස්මිත ලෙස කුඩායි.

ඉන්පසු මට මතක්වුණේ යේසුස්වහන්සේගේ ඉගැන්වීමක් “සැබවින්ම මම ඔබට කියමි, අබ මල් රේණුවක් පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම්, මේ කන්දට මෙතැනින් එතැනට යන්නයි කීවොත් එය යන්නේය. ඔබට නොකල හැකි කිසිවක් නැත.”5

අපට කුඩා අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබෙනවා නම්, කන්දක් තරම් වු කලකිරීම්, අධෛර්යමත්වීම් ඉවත්කිරීමට හා පවුලේ සාමාජිකයින්, සභා සාමාජිකයින් සහ දැනට සභාවේ සාමාජිකයින් නොවන අය යන දෙවියන්වහන්සේගේ දරුවන් සමග සේවය කිරීමේදී, ඉදිරියට කිරීමට ඇති කාර්යයන් පිලිබඳ ඇති සැකය ඉවත්කරගැනීමට ස්වාමින්වහන්සේට අපට උදව් විය හැකියි.

සහෝදර සහෝදරියනි, අපි යේසුස්වහන්සේ කෙරෙහි අබ ඇටයක තරම්වත් විශ්වාසයක් තැබු විට අපේ ජිවිතය විශ්වාසය, සතුට, ප්‍රීතිය, බලාපොරොත්තු හා ප්‍රේමයෙන් අපට පුරවාගන්නට පුළුවන්.

වැඩිහිටි ජෝජ් ඒ. ස්මිත්, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඔහුට දුන් උපදේශයක් පිළිබඳව මතක් කර සිටියේය: “ඔහු මට කිව්වා කිනම් අසීරුතාවයක් මා වැටලුව ද කිසිම විටක අධෛර්යමත් නොවන්නට.නොවා ස්කොටියා හි පතලෙහි ගැඹුරකට ගිලී සිටියත්, රොකී කඳුවැටිය මා මුදුන මත තැබුවත්, මා අධෛර්යමත් විය යුතු නෑ, අධෛර්යමත් නොවී ඇදහිල්ල ක්‍රියාත්මක කරමින් සහ හොඳ ධෛර්යයකින් එල්ලී සිටින්නට සහ අවසානයේදී එම ගොනුවෙන් එලියට ඒමත් අවශ්‍යයයි.”6

පාවුළු තුමාගේ ප්‍රකාශය අප මතක තබාගත යුතුයි: “මට ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය තුළ සියල්ල කල හැකිය”7 මෙය දෙවියන්වහන්සේගෙන් ලැබෙන තවත් ත්‍යාගයකි.

මා සඳහන් කළ ත්‍යාග වලට අමතරව තව බොහෝමයක් ඇත. මා කථා කරන්නේ කිහිපයක් ගැන පමණයි එනම් සබත් දිනයෙහි ත්‍යාගය, සක්‍රමේන්තුව, අනෙක් අයට කරන සේවය, දෙවියන්වහන්සේ විසින් අපගේ ගැලවුම්කාරුවාණන්ට දුන් අනුපමේය ත්‍යාගය.

සබත් දිනයෙහි බලය අපි සභාවේදී හා නිවසේ දී තෘෂ්ඨීයෙන් සතුටින් කිසිදු වික්ෂිත වීමකින් තොරව දෙවියන්වහන්සේගේ ශූද්ධාත්මයාණන් උණුසුම් ලෙස අත්විඳිනවා.

බොහෝ දෙනෙක් අන්තර්ජාලයෙන් ස්මාර්ට් උපකරණ හා තුළ ජිවත් වෙන්නට ඔවුන්ට ඉඩ හරියි, දිවා රෑ එම උපකරණවල එළියෙන් ඔවුන්ගේ මුහුණු එළිය වෙයි, සවන්කඩ ඔවුන්ගේ දෙසවන් අවහිර කිරීමෙන් ශූද්ධාත්මයාණන්ගේ කුඩා හා සියුම් හඬ අවහිර කර දමනු ලබයි. මේවා ඉවත්කිරීමට අපි කාලය සොයාගන්තේ නැතිනම්, උන්වහන්සේ පවසන “නොසැලි සිටින්න, දැනගන්න මා ස්වාමින්වහන්සේ බව”8 යන දේ අසන්නට අපිට අවස්ථාව මහහැරෙන්නට පුළුවන්. දැන් නව තාක්ෂණයෙන් වාසියක් ගෙන ප්‍රයෝජන ගැනීමේ කිසිම වැරැද්දක් නෑ, එහෙත් එය නුවණින් යුතුව ඒවා භාවිතා කරන්නට අපි දැන ගත යුතුයි. මතක තබාගන්න සබත් දිනයේ ත්‍යාගය.

සක්‍රමේන්තු රැස්වීමකදී සක්‍රමේන්තුව ලබා ගැනීම කිසිදිනෙක පුරුද්දක් ලෙස හෝ අප ඉටු කලයුතු කොටසක් පමණක් ලෙස හෝ නොසැලකිය යුතුයි. මදකට නැවතී මහත් සාමයක්, සතුටක් සහ ප්‍රීතියක් අපගේ ජිවිත වලට ලබාගන්නට ඇත්තේ සතියකට මිනිත්තු 70 ක් පමණයි.

සක්‍රමේන්තුව ලබා ගෙන පොරොන්දු අළුත් කර ගැනීම අප ස්වාමින්වහන්සේව සෑම විට මතක තබාගන්නවා යන්න පෙන්වීමට ඇති සලකුණකි. උන්වහන්සේගේ වන්දිගෙවීම දෙවියන්වහන්සේ අපට දුන් දයාන්විත ත්‍යාගයක්.

දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කරන්නට ලැබීමේ වරප්‍රසාදය උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ව උදාහරණය කර ගෙන එකිනෙකාට සේවය කරන්නට ලැබුණු තවත් අවස්තාවකි.

අපගේ පවුල තුල, අපගේ සභා කැඳවීම තුල සහ සමාජ සේවා සංවිධාන තුල අපගේ සහභාගිවීම අපට ලැබෙන විධිමත් සේවා අවස්ථාවන්ය.

සභාවේ සාමාජිකයන් - කාන්තා පිරිමි - දෙපාර්ශවයම ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් වෙසෙන ඕනෑම ස්ථානයක ඕනෑම මට්ටමක ඇති රාජ්‍ය පොදු කාර්යාලයකට යන්නට පැකිලෙන්නට අවශ්‍ය නැත.අපගේ පාසල් වල, නගර වල සහ රටවල් වල අපගේ හඬ වර්තමානයේදී අත්‍යවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති විට, සේවය කරන්නට ලැදි ගෞරවාන්විත පිරිමින් සහ කාන්තාවන් සඳහා ජන්දය ලබාදීම සාමාජිකයන් ලෙස අපගේ වගකීමකි.

අපට සේවය කරන්නට ලැබෙන බොහෝ අවස්ථා අවිධිමත් - පැවරීමකින් තොරව - ලැබෙන හා අපගේ ජීවන ගමනේ දී අනෙක් අයව හමුවීමෙන් ලැබෙන අවස්ථාවන්. මතකද යේසුස්වහන්සේ නීතිවේදියාට ඉගැන්වූ, යහපත් සමරිතානුවා මෙන් ඔහුව උදාහරණයකට ගෙන අපි දෙවියන්වහන්සේට හා අසල්වැසියාට ප්‍රේම කල යුතු ආකාරය.9

සේවාව තුලින්, අපගේ ජීවිතය සහ ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවය අපට තේරුම්ගැනීමට හැකි කවුළු විවෘත වෙයි. උන්වහන්සේ පැමිණියේ සේවය කිරීමටයි, ශුද්ධලියවිලි උගන්වන පරිදි, “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබාගන්නට නොව, නමුත් සේවය කරන පිණිසය, සහ බොහෝ දෙනා වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පුජා කරන්නටය.”10

පේදුරු ක්‍රිස්තුස්වහන්සේගේ පොළොවෙහි දේවසේවය පිළිබඳව හොදම විස්තරය වචන පහකින් ඉදිරිපත් කළේය, “උන්වහන්සේ යහපත කරමින් ගිය සේක.”11

දෙවියන්වහන්සේ අපට දී ඇති සියළුම ත්‍යාග වලින් වටිනාම ත්‍යාගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක, “මාර්ගයද, සත්‍යයද, ජීවනයද, මම වෙමි, මා තුලින් හැර වෙනත් කිසිදු කෙනෙක් හරහා කවරෙකුට හෝ දෙවියන්වහන්සේ කරා යා නොහැකිය.”12

නෙපි අපගේ ගැලවුම්කරුවාණන්ගේ වැදගත්කම ග්‍රහණය කරගන්නට මෙසේ ප්‍රකාශ කළේය, “තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ජීවත් වෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි කියන්නෙමු,තවද අපගේ අනවැකි ආකාරයට අපි ලියන්නෙමු, එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පවු වලට පවු කමා ලබාගැනීමට කුමන උල්පත දෙස රැඳීමට දැනගැනීම පිණිසය.”13 සෑම වෙලාවකදීම සහ සෑම ස්ථානයකදීම ක්‍රිස්තුස්වහන්සේව අපගේ ජිවිතයේ මධ්‍යස්තයේ තබා ගැනීම අත්‍යවශ්‍යයය.

අප වන්දනාමාන කරන ස්ථාන වල උන්වහන්සේගේ නම දිස්වන බවත්; අපි බෞතීස්ම වන්නේ උන්වහන්සේගේ නමින් බවත්; අපි ශුද්ධාත්මයාණන් ලබාගන්නේ උන්වහන්සේගේ නමින් බවත්; පැවිදි වන්නේත්, එන්ඩව්ඩ් වන්නේ සහ මුද්‍රා වන්නේත්, විවාහ වන්නේත් උන්වහන්සේගේ නමින් බවත් අපි මතක තබාගත යුතුය. අපි සක්‍රමේන්තුව ලබාගෙන උන්වහන්සේගේ නාමය අප තුලට ගැනීමටත්, සත්‍ය ක්‍රිස්තියානුවන් වන බවත් පොරොන්දු වෙමූ. අවසාන වශයෙන්, “උන්වහන්සේව සැමවිටම මතක තබාගන්නා ලෙස” සක්‍රමේන්තු යාච්ඤාවෙදී අපගෙන් ඉල්ලා සිටියි.14

හෙට පාස්කු ඉරිදාවට අපි සූදානම් වෙන අතරතුරක්‍රිස්තුස්වහන්සේ උත්තරීතර බව අපි මතක තබාගනිමු. ධර්මිෂ්ට විනිසුරුවරයා, අපගේ ඇදහිලිවන්ත පක්ෂවාදියා, අපගේ ආශිර්වාදිත මිදුම්කරුවා, යහපත් එඬේරා, පොරොන්දු වූ මෙසියස්වහන්සේ, සත්‍ය මිතුරා සහ බොහෝ බොහෝ දේ උන්වහන්සේය. අපගේ පියාණන්ගෙන් ලැබූ ඇති මහත් වටිනා ත්‍යාගය උන්වහන්සේමය.

අපි ගෝලයන් වශයෙන් ක්‍රියාකරන විට, අපට බොහෝ අභියෝග, සැලකිල්ලට ගත යුතු කරුණු පැවරුම් හමුවෙයි.. කෙසේ නමුත් සමහර ක්‍රියාකරකම් සැමවිට අපගේ සභා සාමාජීකත්වයේ හදවතේ තිබිය යුතුය. “තවද, ස්වාමීන්වහන්සේ අණ කරන සේක, “ඇදහිල්ලෙන් සිටින්න; ඔබව නියම කල කාර්යයෙහි නැගී සිටින්න; දුර්වල අයට ආධාර කරන්න, එල්ලෙන අත් ඔසවා අබල දණහිස් ශක්තිමත් කරන්න.”15

සභාවේ ක්‍රියාකාරීත්වය මෙයයි! මෙය සුපිරිසිඳු ආගමයි! අපි ආත්මිකව සහ භෞතිකව උදව් අවශ්‍ය අයට ආධාර කර, ඔසවා, සහ ශක්තිමත් කිරීම සුභාරංචියේ නියම සාරයයි! ස්වර්ගීය පියාණන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිලිබඳ ඔවුන්ගේ ඇදහිල්ලේ සාක්ෂිය ඔවුන්ගේ හදවත් තුලට කිඳාබසින පිණිස, එසේ කිරීමට ඔවුන්ව හමුවන්නට සහ මගපෙන්වන්නට අපව පොළඹවයි.16

උන්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ සාමාජිකයන් ඇතුළු දෙවියන්වහන්සේගෙන් ලැබුණු ඉතා වටිනා ත්‍යාග රැකගැනීමට ස්වාමීන්වහන්සේ අපට උපකාර හා ආශිර්වාද කරනු ලැබේවා. එකිනෙකා කෙරෙහි ඇති තේරුම්ගැනීම සහ අගයකිරීම වර්ධනය වන පිණිසත්, පැහැදිලිව සහ කාරුණිකව සුභාරංචිය පිලිබඳ ගැටළු සහ ප්‍රශ්ණ වලට පිළිතුරු දීමේ උවමනාවත්, අපගේ ස්වර්ගීය පියාණන්ගේ දරුවන්ගේ අවශ්‍යතා දැකීමට හැකියාවත් ලැබී ප්‍රේමයෙන් ඔබ පිරිපුන් වන පිණිස මම යාච්ඤා කරමි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බව මම සාක්ෂි දරමි. මෙම ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ, ප්‍රධාන අධිකාරින්ගේ සහ සභාවේ ප්‍රධාන කමිටු සහෝදරියන්ගේ සහ නායකයන්ගේ තුලින් ප්‍රධාන සම්මන්ත්‍රණයේ අපට ඉගැන්වූ සෑම දේම පෙළඹවීම් තුලින් පැමිණ ඇත. ස්වාමීන්වහන්සේගේ ප්‍රීතිය සහ සාමය ඔබ එකිනෙකා අතර පැවතීම මගේ නිහතමානී යාච්ඤාවයි, ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න