2010–2019
ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ මගපෙන්වන්නා කරගන්න
2018 අප්‍රියෙල්


ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ මගපෙන්වීම කරගන්න

යේසුස් වහන්සේ තුල ඇදැහිලිවන්ත වන්නන්ට අසමසම වු ත්‍යාගයක් ලැබෙනව. එම ත්‍යාගය තමා ශුද්ධාත්මයාණන් වහන්සේ.

මේ පාස්කු ඉරිදා දිනයේදී, අපේ සිතුවිලි ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම වෙතට හැරෙනවා, සහ පරාජයෙන් ජයග්‍රහණය කල උන්වහන්සේගේ හිස් සොහොන් ගෙය ඇදහිලිවන්ත හැමටම බලාපොරොත්තුවක් දෙනවා. ප්‍රේරිතවර පාවුළු සමග, මම විශ්වාස කරනවා, දෙවියන්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේව මරණයෙන් නැගිටවපු ආකාරයටම, අපි තුල වැඩසිටින උන්වහන්සේගේ ආත්මය මගින් අපගේ මරණීය ශරීර උන්වහන්සේ ප්‍රාණවත් කරන බව.”

ප්‍රාණවත් කිරීම කියන්නේ ජීවනය ලබාදීමයි. හරියට අපේ භෞතික මරණයෙන් පස්සේ ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය තුලින් අපේ ශරීර ආයෙත් ජීවනයට අරගෙන එනවා වගේ, උන්වහන්සේට ආත්මික මරණයෙනුත් අපිව ප්‍රාණවත් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් අපිට ජීවනය ලබා දෙන්න පුළුවන්.මෝසෙස්ගේ පොතේ, ආදම් මේ වගේ ප්‍රාණවත් කිරීමක් හරහා යන ආකාරයක් අපි කියවනවා: “ආදම් බෞතීස්ම විය, ඉන්පසු දෙවියන්වහන්සේගේ ආත්මය ඔහු මත පතිත වුනු සේක, ඒ හේතුවෙන් ඔහු ආත්මයාණන්ගෙන් ජීවනය ලබා, ඇතුලාන්ත මනුෂ්‍යාගෙන් ප්‍රාණවත් විය.”

තම ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත තියන අයට ලඟාවෙන ත්‍යාගය කොච්චර නම් අසමසමද. ඒ ත්‍යාගය තමයි ශුද්ධාත්මයාණන් අපට දෙන, නව ගිවිසුම හඳුන්වන “ක්‍රිස්තුස්වහන්සේ තුල ජීවනය.” ඒත් අපි සමහර වෙලාවට ඒ තරම් විශාල ත්‍යාගයක් සැලකිල්ලට ගන්නවද?

සහෝදර සහෝදරියනි, මීළඟට කියන අත්දැකීමෙන් පිළිඹිඹු වෙන පරිදි, “ශුද්ධාත්මයාණන් වහන්සේ අපේ මගපෙන්වන්නෙක් විදියට හිඳීම” ඉතා අනර්ග වරප්‍රසාදයක්.

රූපය
එන්සයින් ෆ්රෑන්ක් බ්ලෙයා

කොරියාවේ යුද්ධය කාලයේදී, එන්සයින් ෆ්රෑන්ක් බ්ලෙයා ජපානයේ භට කණ්ඩායම් ප්‍රවාහන නෞකාවක සේවය කළා. විධිමත් දේවගැතියෙක් හිඳින්නට තරම් නැව විශාල එකක් නෙවේ, ඒ නිසා නැවේ තාවකාලික දේවගැතියෙක් වෙන්න පුලුවන්ද කියලා කපිතාන්වරයා සහෝදර බ්ලෙයාර්ගෙන් ඇහුවා, මොකද ඔහු දැකලා තිබුනා මේ තරුණයා ඇදහිල්ලෙනුත් මූලධර්ම වලිනුත් යුත් කෙනෙක් බව, ඒ වගේම අනෙක් පිරිස අතර ඔහු වැඩියෙන් ගෞරව ලබාගත් කෙනෙක් වුණා.

රූපය
එන්සයින් බ්ලෙයා

එන්සයින් බ්ලෙයාර් මෙහෙම ලිව්වා: “අපේ නැව ඉතා විශාල කුණාටුවකට අහු උනා. මූදු රැලි අඩි 45 [මීටර්14] කටත් වඩා උඩට ආවා. මම බලාගෙන ඉද්දි.. එන්ජින් තුනෙන් එකක් ක්‍රියාවිරහිත වුණා, ඒවගේම නැවේ මැදින් ඉරිතැලීමක් වාර්තා උනා. අපිට ඉතුරු වෙලා තිබුනේ එන්ජින් දෙකක් විතරයි, ඒකෙනුත් එකක් වැඩකලේ බාගෙට. අපි හිටියේ ඉතා දරුණු කරදරේක.”

එන්සයින් බ්ලෙයාර් ඔහුගේ වැඩේ ඉවර කරලා ඇඳට යන්න සුදානම් වෙද්දී කපිතාන්වරයා ඔහුගේ දොරට තට්ටු කළා. ඔහු මෙහෙම ඇහුවා, “කරුණාකර ඔබ මේ නැව වෙනුවෙන් යාච්ඤා කරනවද?” ඇත්තවශයෙන්ම, එන්සයින් බ්ලෙයාර් එසේ කරන්න එකඟ වුණා.

මේ අවස්ථාවේදී, එන්සයින් බ්ලෙයාර්ට තිබුනා සරලව, “ස්වර්ගයේ පියාණනි, අපේ නැව ආශිර්වාද කරනු මැනව, අපිව ආරක්ෂා කරනු මැනව,” කියා යාච්ඤා කරලා ඇඳට යන්න. ඒ වෙනුවට, ඒ වෙලාවේදී නැවේ ආරක්ෂාව තහවුරු කරගන්නට උදවු කරන්න ඔහුට කරන්න පුළුවන් මොනවහරි තියෙනවද කියල දැනගන්න ඔහු යාච්ඤා කළා. සහෝදර බ්ලෙයාර්ගේ යාච්ඤාවට පිළිතුරු විදියට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහුට හැඟෙව්වා පාලක මැදිරියට ගිහින්, කපිතාන්වරයා එක්ක කතා කරලා, ඒ ගැන තව දැනගන්න. එහෙම කලාට පස්සේ, ඔහු හොයාගත්තා කපිතාන්වරයා උත්සහ කරන්නේ ඉතිරි එන්ජින් යොදාගෙන නැව කොච්චර වේගයෙන් ධාවනය කරන්න ඕනෙද කියල තහවුරු කරගන්න. එන්සයින් බ්ලෙයාර් න එයාගේ කුටියට ගියා නැවත යාච්ඤා කරන්න

ඔහු මෙහෙම යාච්ඤා කළා, “මේ එන්ජින්මේ තියන ප්‍රශ්නෙට උදව් කරන්නමම කුමක් කල යුතුද?

පිළිතුරක් විදියට, ශුද්ධාත්මයාණන් ඔහුට කොඳුරලා කිව්වා තවත් තොරතුරු එකතු කරගන්න ඔහු නැව වටේ ඇවිදලා බැලිය යුතුයි කියලා. ඔහු නැවතත් කපිතාන් ලඟට ගිහින් නැව වටේට ඇවිදලා බලන්නට අවසර ඉල්ලුවා. ඊටපස්සේ, ඔහුගේ ඉන වටේට ජීවිතාරක්ෂක පටියක් බැදලා, ඔහු කුණාටුව මැදට ගියා.

නැව රැල්ලකින් ගිලී ගියහම දැවැන්ත නැව් අවර පෙත්තක් උඩ එන විදිය නැවේ අවරයේ හිටගෙන උන්නු ඔහු දැක්කා. ඒවාලින් එකක් විතරයි හරියට වැඩකලේ, ඒක ගොඩක් වේගයෙන් කැරකෙමින් තිබුණා. මේ නිරීක්ෂණය කිරීම් වලින් පස්සේ, එන්සයින් බ්ලෙයාර් නැවතත් යාච්ඤා කළා. ඒ අවස්ථාවේදී ඔහුටලැබුණු පැහැදිලි පිළිතුර වුනේ, ඉතුරු වෙලා තියන හොඳ එන්ජින් එක ගොඩාක් පීඩනයට ලක්වෙලා නිසා ඒක මන්දගාමී කල යුතුව තිබුණු බවයි. ඉතින් ඔහු කපිතාන්වරයා ලඟට ආයෙමත් ගිහින් කරන්න ඕන දේ කිව්වා. කපිතාන්වරයා පුදුම වුණා, නැවේ ඉංජිනේරුවරයා ඒ වෙලාවේදීම ඒ දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්න යෝජනා කල බව ඔහු කිව්වා. ඔහු කියලා තිබුනේ කුණාටුව මගහැර යන්නට නම් හොඳ එන්ජින් එකේ වේගය තවත් වැඩිකළ යුතු බව. ඒ කොහොම වුනත්, එන්සයින් බ්ලෙයාර්ගේ යෝජනාව අනුගමනය කරලා එන්ජින්ම මන්දගාමී කරන්නට කපිතාන්වරා තීරණය කළා. උදෑසන වෙද්දී, නැව නිසල ජලය මත ආරක්ෂිතව තිබුනා.

හරියටම පැය දෙකකට පස්සේ, හොඳ එන්ජිමත් වැඩ කරන එක නැවතිලා ගියා. ඉතිරිවෙලා තිබුණු එන්ජිමේ අර්ධ බලයෙන් නැව වරාය කරා ලංවුනා.

කපිතාන්වරයා එන්සයින් බ්ලෙයාර්ට මෙහෙම කිව්වා, “අපි එන්ජිම මන්දගාමී කරපු වෙලාවේ එහෙම කලේ නැත්නම්, අපි ඒ කුණාටුව මැද්දේ අතරමන් වෙන්න තිබුනා.”

ඒ එන්ජිම නැතිව සුක්කානම හසුරුවන්න ක්‍රමයක් නැතිවෙනවා. ඒ වගේම නැව රැලි මට්ටමට ගිහින් අනිත් පැත්ත හැරිලා, ගිලිලා යන්න තිබුණ. එන්සයින් බ්ලෙයාර්ගේ ආත්මික පෙළඹවීම නැවත්, නැවේ උන්නු පිරිසගේ ජිවිතත් බේරාගත් බවට ඔහු විශ්වාස කරන බව කපිතාන්වරයා තරුණ LDS නිලධාරියාට ස්තූති කර කියා සිටියා.

දැන්, මේ කතාව ටිකක් නාට්‍යාකාරයි. ඒ වගේ දුෂ්කර අවස්ථා වලට අපිට මුහුණදෙන්නට අවස්තාව නැති වුනත්, ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම අපිට නිතරම ලබාගන්න පුළුවන් කොහොමද කියන වැදගත් උපදෙස මේ කතාවේ ඇතුලත් වෙනවා.

පළමුවෙන්ම, එළිදරව් ගැන කතා කරද්දී, අපි අපේ ග්‍රාහකය හරි විදියට ස්වර්ගයේ සංඛ්‍යාතයට සුසර කල යුතුයි. එන්සයින් බ්ලෙයා ගතකලේ පිරිසිඳු සහ ඇදහිලිවන්ත ජිවිතයක්. ඔහු කීකරුව නොසිටියානම්, නැවේ ආරක්ෂාව වෙනුවන් ඒ වගේ නියමාකාර මගපෙන්වීමක් ලබාගන්න යාච්ඤා කරන්නට අවශ්‍ය ඒ ආත්මික විශ්වාසය ඔහුට නොතිබෙන්නට තිබුනා. දෙවියන්වහන්සේ තුලින් මගපෙන්වීම ලබාගන්නට නම් අපි අපේ ජිවිත උන්වහන්ස්ගේ අණ පණත් වලට අනුකූලව තියාගන්නට උත්සහ කල යුතුයි.

සමහර වේලාවට අපේ නුසුදුසුකම නිසා ස්වර්ගයේ සංඥා අපිට ඇහෙන්නේ නෑ. පැහැදිලි සන්නිවේදනයක් ලබාගන්නට ඇති ආකාර නම් පසුතැවිලි වී කීකරු වීමයි. පරණ ගිවිසුමේ පසුතැවීම කියන වචනයේ තේරුම වෙන්නේ “හැරීම” හෝ ආපසුහැරීම” යන්නයි. ඔබ දෙවියන්වහන්සේගෙන් දුරයි කියා සිතෙන විට, ඔබට කරන්නට තියෙන්නේ පාපයෙන් ආපසු හැරී, ගැලවුම්කරුවානන්ට මුහුණදීමයි, එවිට ඔබ වෙනුවෙන් බලා සිටින උන්වහන්සේ, වගේම ඔබවෙත විහිදුනු උන්වහන්සේගේ දෑත් ඔබට හමුවේවි. ඔබට මගපෙන්වන්නට උන්වහන්සේ උනන්දුවෙන් ඉන්නවා, ඒ මගපෙන්වීම ලබාගන්න ඔබ ඉන්නේ එකම එක යාච්ඤාවක දුරින් විතරමයි.

දෙවනුව, එන්සයින් බ්ලෙයාර් ඔහුගේ ප්‍රශ්නය විසඳන්නකියලා ස්වාමින්වහන්සේගෙන් නිකන්ම ඇහුවේ නෑ. ඔහු ඇහුවේ ප්‍රශ්නයේ විසදුමේ කොටසක් වීමට ඔහු කුමක් කලයුතුයිද කියලා. ඒවගේ යාඥාවේදී අපේ ප්‍රශ්න ලැයිස්තුගත කරනවට වඩා සහ ස්වාමින්වහන්සේට එය විසදන්න කියනවට වඩා අපිට අහන්න පුළුවන්, “ස්වාමීණි විසඳුමේ කොටසක් වෙන්න මට කරන්න පුළුවන් මොනවද?”කියලා, ඒ වගේම ස්වාමින්වහණ්සේගේ උදව් ලබාගන්න වාඩාත් ක්‍රියාකාරි මාර්ගයන අපි හොයාන්න ඕන සහ ශුද්ධාත්මයන්ගේ මගපෙන්වීම තුල ක්‍රියාකරන්න අපි කැපවෙන්න ඕන.

එන්සයින් බ්ලෙයාර්ගේ මේ කතාවේ තුන්වෙනි වැදගත් පාඩමකුත් තියනවා. කලින් අවස්ථාවලදී ඔහුට ශුද්ධාත්මයාණන්ගෙන් ඒ වගේ මගපෙන්වීමක් ලැබිලා නැත්නම් ඔහු එතරම් සන්සුන් සහතිකයකින් යාච්ඤා කරයිද? ශුද්ධාත්මයාණන්ගේ බලපෑම සෙවීමත් එය පාවිච්චි කරන විදියත් කලින් පුරුදු නැත්නම් මේ කුණාටුවේ පැමිණීම ඒකට වෙලාව නෙවෙයි. මේ තරුණයා පැහැදිලිවම භාවිතා කරන්නේ කලින් කීපසැරයක්ම අනුගමනය කෙරූ රටාවක්, පුර්ණකාලීන ධර්මදූතයෙක් විදියට සේවය කල කාලයේදී පවා භාවිතා කෙරූ රටාවක්. සන්සුන් ජලය මත ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අපි ලබාගන්න ඕනේ, එතකොට තමයි භයානක කුණාටුවක් මැද්දේදීත් අපට උන්වහන්සේගේ හඬ නොවරදින සුළු වෙන්නේ.

සමහර අය හිතන්නේ අපි හැමදාම ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ මොකද, “දෙවියන්වහන්සේ හැමදෙයකම අපට අණකළ යුතු නෑ” එහෙම වුනොත් අපි අපි වෙනුවෙන් හිතන්නේ නැති සේවකයෝ බවට පත්වෙනවා කියලා. කෙසේවෙතත්, මේ ශුද්ධලියවිල්ල, මුල් කාලයේ ධර්මදූතයින් පිරිසකට ලැබුනේ ඔවුන් ඔවුන් වෙනුවෙන් ලබාගතයුතු එළිදරව් ජෝසෆ් ස්මිතට ලබාගන්නට පැවසූ විටයි. එම ශුද්ධවූ ලියවිල්ලට පෙර වගන්තියකදී, ස්වාමින්වහන්සේ ඔවුන්ට කියාසිටියේ, “ඔවුන් ඔවුන් සමග සහ මා සමග උපදේශනය කර” ධර්මදූතමෙහෙයට  එන ලෙසයි. .”

මේ ධර්මදුතයන්ට ඕන වුනා ඔවුන්ගේ ගමන් සැලැස්ම ගැන නිශ්චිත හෙලිදරවුවක්. ඔවුන් පෞද්ගලික කාරණා වලදී උපදෙස් තමන් විසින්ම දෙවියන්වහන්සේගෙන් ලබාගැනීමට ඉගෙනගෙන තිබුනේ නෑ. දෙවියන්වහන්සේ මේ ක්‍රියාව හඳුන්වන්නේ: කම්මැලිකම කියායි. මුල් කාලයේ සභා සාමාජිකයින් ඔවුන් විසින්ම එළිදරව් ලබාගන්නේ කොහොමද කියා ඉගෙනගැනීමට අසමත්වීමේ අවදානම් තත්වයක සිටි නිසා සත්‍ය අනාගතවක්තෘවරයෙකු හිඳිම ගැන බොහෝ සතුටු වෙන්නට ඇති. ආත්මිකව ස්වාදීනත්වය යනු තමන්ගේ ජීවිතය වෙනුවෙන් ශුද්ධාත්මයානන් වහන්සේ මඟින් ස්වාමින්වහන්සේගේ හඬට අහුන්කන්දීමයි.

“ඔබගේ සියලුක්‍රියාකාරකම්වලදී ස්වාමින්වහන්සේගෙන් උපදෙස් ලබාගන්න”යයි ඇල්මා ඔහුගේ පුතාට උපදෙස් දුන්නා. මේ විදියට ජීවත්වීම අපි ගොඩක් වේලාවට හඳුන්වන්නේ, “ශුද්ධාත්මයාණන් මගින් ජීවත්වීම” කියලයි - ඒක ඉතා උසස් වරප්‍රසාදයක්. එය අපට සන්සුන් බව හා ස්ථිර බවත් ඒ වගේම ශුද්ධාත්මයාණන්ගේ ඵල, ඒවානම් ප්‍රේමය, ප්‍රීතිය හා සාමයත් එමගින් ලබාදෙනවා.

එන්සයින් බ්ලෙයාර්ගේ එළිදරව් ලබාගැනීමට ඇති හැකියාව ඔහුවත් නැවේ අනිත් අයවත් භයානක කුණාටුවකින් බේරගත්තා. වෙනත් කුණාටු අද දවසේදී එසවෙනවා. ඒ වගේ ලෝකයක ආත්මික ආරක්ෂාව ලබාගන්නේ කොහොමද කියලා ඉතා බලවත් චිත්‍රයක් මෝර්මන් පොතේ උපමාවක් වන ජීවනයේ ගසින් අපට පෙන්නනවා. දෙවියන්වහන්සේ කරා ගමන් කරන මාර්ගයේ සාමාජිකයන්ට ආත්මික විනාශය ලඟාකරන අඳුරේ මීදුම ගැන මේ සිහිනය කියාදෙනවා.

රූපය
ලීහායිගේ සිහිනය

මේ චිත්‍රය ගැන හිතද්දී, මගේ මානසික ඇස මේ මාර්ගයේ ගමන් කරන මිනිසුන් ගණනාවක් දකිනවා, සමහර අය ඔවුන්ගේ අත් වලින් යකඩ වැට තදින්ම අල්ලාගෙන, නමුත් ගොඩක් අය තමන් ඉස්සරහ යන අයගේ පාද සටහන් අනුගමනය කරගෙන යනවා. මෙම පසුකාලීන ප්‍රවේශයට යම් සිතුවිලිත් ප්‍රයත්නයකුත් උවමනයි. ඔබට පුළුවන් අනිත් අය හිතන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා හිත හිත ඉන්න. මේ දේ හිරු එලිය තියන කාළගුණයකදී හොඳින් වැඩ කරනව. නමුත් රැවටීමේ කුණාටුත් බොරුවේ මිත්‍යාවත් අනතුරු ඇඟවීමකින් තොරවම නැගී එනවා. මේ අවස්ථාවලදී, ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬ හඳුනාගෙන ඉඳීම ආත්මික ජීවිතයත් මරණයත් පිලිබඳ කාරණයක්.

නෙපිගේ බලවත් පොරොන්දුව තමයි, “තවද දෙවියන්වහන්සේගේ වචනයට අහුම්කන් දෙන්නෝ කවුරුන්ද, තවද එය තදින් අල්ලා ගන්නේද,  ඔවුන් කිසිකලෙක නොනැසෙන්නෝ වෙති; ඔවුන්ව විනාශයට ගෙන යාමට ඔවුන්ව අන්ධභාවයට යටපත් කිරීමට විරුද්ධකාරයාගේ පරීක්ෂාවන්ට සහ ගිනිමය හෙළි වලට නොහැකිවනු ඇත.”

ඔබ ඉදිරියෙන් යන අයගේ පා සටහන් අනුව මාර්ගයේ යාම ප්‍රමාණවත් නෑ. අනිත් අය හිතන සහ කරන දේවල්ම අපිත් කිරීම විතරක් අපිට කරන්න බෑ; අපි අනිවාරයෙන් ජීවත් විය වුත්තේ මගපෙන්වන ජීව්තයක්. අපි හැම කෙනෙකුගේම අත් යකඩ වැට මත තිබීම අත්‍යවශ්‍යයි. එවිට උන්වහන්සේ “උන්වහන්සේගේ අතින් අපව මෙහෙයවා, අපේ යාච්ඤා වලට පිළිතුරු දෙන බව” දැනගෙන, නිහතමානී ආත්ම විශ්වාසයකින් අපිට සවාමින්වහන්සේ ලඟට යන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න