2010–2019
ස්වාමින්වූ ක්‍රිස්තුස්වහන්සේ අද නැවත නැගිටි සේක
2018 අප්‍රියෙල්


ස්වාමින්වූ ක්‍රිස්තුස්වහන්සේ අද නැවත නැගිටි සේක

මේ පාස්කු ඉරුදින. මම ඉතා ගෞරවාන්විතව සාක්ෂි දරනව ජීවත් වන ක්‍රිස්තුස්වහන්සේ ගැන—ඔහු “මිය ගියා, තැන්පත් කලා, සහ තුන්වන දිනයේ උත්තානය වු සේක.”

ආදරණීය සහෝදර සහෝදරියනි, අපේ පුතාලා ගොඩක් පොඩි කාලයේදී, මම ඔවුන්ට නින්දට යන්න කතා කියලා දුන්නා, ඒ බේගල් බලු පැටව් ගැනත් තව වෙලාවකට මම ගීතිකා මිමිණුව, “ස්වාමින්වූ ක්‍රිස්තුස්වහන්සේ අද නැවත නැගිටි සේක.”1 සමහර වෙලාවට මම සෙල්ලමට වචන වෙනස් කරලා මෙහෙම කිව්වා: “දැන් නින්දට යන්න වෙලාව හරි, ආලේලුයියා.” ගොඩක් වෙලාවට මගේ පුතාලා ඉක්මනට නින්දට වැටුනා; එයාලා නින්දට ගියොත් මම ගීත ගායනා කරන එක නවත්තනවා කියලා එයාලා දැනගෙන හිටියා.

වචන - අවම වශයෙන් මගේ වචන වලටවත් - සභාපති රසල් එම්. නෙල්සන් ආදරයෙන් මගේ අත අරන් සුසෑන්වත් මගේ පැත්තකට අරන්, ස්වාමින්වහන්සේගෙන් ලැබුණු මේ ශුද්ධවූ කැඳවීම මගේ වෙත දිගුකිරීම මගේ හුස්ම අහකට ගත්තු ඉතා ප්‍රබල හැඟීම විස්තර කරන්නට මට බෑ සහ මේ ගෙවුණු දවස් කීපය තුල ඒක මාව ගොඩක් ඇඩෙව්වා.

මේ පාස්කු සබත් දවසේ, මම ඉතා සතුටින් “ආලේලුයියා” කියලා ගායනා කරනවා. අපිව මුදවාගත්තු නැවත නැගිටි ගැලවුම්කරුවාණන් වෙනුවෙන් වූ මේ ගීතය තුලින්, 2 (අපිවත් දෙවියන්වහන්සේවත් සම්බන්ධ කරන) ගිවිසුම් වල එකතුවත් (ස්වභාවික මිනිසා සහ ගැහැණිය අහක දමා ශුද්ධාත්මයාණන්වහන්සේ වෙතට අපව ඇදගන්නට උදව් වන) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමත් සමරනවා.3).

අපේ ගිවිසුම් ඒ වගේම අපේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවිම එකතුව අපිට ශක්තිය දෙනවා සහ අපිව උසස් කරනවා. ඒවා අපිට රඳවා තියාගන්නත් අතහැරදාන්නත් උදව් කරනවා. ඒවා එකිනෙකට එකතු වෙලා සුන්දර වෙනවා, ආරක්‍ෂිත වෙනවා, පරිශුද්ධ වෙනවා සහ අපව ගලවා ගන්නවා.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙහෙම කිව්වා: “අපි මේ කතා කරන දේ සමහර අයට ඉතා තද මුලධර්මයක් වෙන්න පුළුවන් - ඒ තමයි මේ ලෝකයේත් ස්වර්ගයේත් අපිව බැඳ තබන හෝ වාර්තා කරන්න තියන බලය. ඒ කොහොම වුනත්, ලෝකයේ හැම කාලයකදීම, සත්‍ය අනාවැකියක් තුලින් ඕනෑම මනුෂ්‍යකුට හෝ මනුෂ්‍යන් කණ්ඩායමකට ස්වාමීන්වහන්සේ මේ පූජකවරය ඕනම කාලපරිච්චේදයක ලබා දුන්නම, මේ බලයත් හැමවෙලාවකම ඒත් එක්කම ලබා දෙනවා.”4

අදත් ඒක ඒ වගේමයි. කොහෙන්වත් ලබාගන්නට බැරි ශුද්ධවූ ගිවිසුම් හා වත්පිළිවෙත් රටවල් 43ක දේවමාලිගා 159 කින් ලබාගන්නට පුළුවන්. සදාකාලයටම මේ අපේ පරම්පරාවට පොරොන්දු වුනු ආශිර්වාද ලැබෙන්නේ නැවත පිහිටවූ යතුරු, ධර්මය, සහ බලය, අපේ ඇදහිල්ල, කීකරුකම සහ උන්වහන්සේගේ පොරොන්දුව වුනු ශුද්ධාත්මයාණන්වහන්සේ තුලින්.

හැම ජාතියකම, සමුහයකම සහ භාෂාවකම ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබේ ඇදහිල්ල, බලාපොරොත්තුව සහ හැම පියවරක්ම වූ ප්‍රේමය මත ජීවත් වෙනවාට ස්තුතියි. නැවත පිහිටවූ සම්පුර්ණ ශුභාරංචි සාක්ෂිය සහ අත්දැකීම රැස්කිරීමේ කොටසක් වූවාට ස්තුතියි.

ආදරණීය සහෝදර සහෝදරියනි, අපි එකිනෙකාට අයිතියි. අපි ඉන්න ඕනම තැනක “ඕනම දෙයක එකමුතුකමින් සහ ආදරයෙන්”5 එකට බැඳෙන්නට අපිට පුළුවන්. .6 අපට යේසුස් ක්‍රිස්තුස් ආරාධනා කරන විට අප සෑමදෙනාම,කොහේ සිටියත්,අපේ තත්වය කුමක් වුවත්, කරුණාකර “ඇවිත් බලන්න.”7

අද දවසේදී නිහතමානීව මම ආයාචනා කරන්නේ, මගේ ආත්මයේ සියලුම ශක්තියෙන්,කෙසේ වුවත් මොන තත්වයට ආවත්, 8 මගේ ගැලවුම්කරුවාණන්ටත්, මගේ ආදරණිය සුසෑන් සහ අපේ පවුලටත්, මගේ සහෝදරයන්ටත්, ඔබ එකිනෙකාටත්, මගේ ආදරණිය සහෝදර සහෝදරයණි.

වටිනා හා සදාකාලික සෑම දෙයක්ම කේන්ද්‍රගත වන්නේ අපගේ ආදරණීය සදාකාල පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් සාක්ෂි දරන උන්වහන්සේගේ වන්දිගෙවිම මතයි. .9 ”උන්වහන්සේ මරණයට පත්වී, සොහොනෙහි තැන්පත්කර, තුන්වන දින නැවත නැගිට ස්වර්ගයට ගිය බව ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉතා ගෞරවයෙන් සහ උදාර ලෙස මම සාක්ෂිදරනවා.”10 ඇල්ෆා සහ ඔමේගා උන්වහන්සේයි, 11 පටන් ගැන්මේදි සිටියා මෙන්ම අවසානය දක්වාම උන්වහන්සේ අප සමගයි.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ සිට අද දින සතුටින් අපි ස්ථිර කල අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන් දක්වා, නූතන අනාගතවක්තෘන් ගැන මම සාක්ෂි දරනවා. ප්‍රාතමිකයේ ළමුන් ගායනා කරනවා “Follow the prophet; he knows the way”12 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන මෝර්මන් ග්‍රන්තය ඇතුලුව සහ ශුද්ධලියවිලි වල අනාවැකි කියූ ආකාරයටම, “මෙසියස්වහන්සේගේ දෙවැනි පැමිණීමට සුදානමක් වශයෙන් ස්වාමින්වහන්සේගේ රාජධානිය මේ පොළව මත නැවත පිහිටවූ බවට මම සාක්ෂිදරනවා.” 13 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න